නෙත්සර, රනුද සහ තරුක්ෂ දක්ෂතා දක්වයි

Inter Club U23 Tournament 2026

2
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් සති අන්තයක තරග අද (12) නිමා වූ අතර එහි දී නෙත්සර යස්මිත සහ රනුද සෝමරත්න පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී තරුක්ෂ අශේල් පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.

SSC කණ්ඩායමේ නෙත්සර යස්මිත සහ රනුද සෝමරත්න Kurunegala SC කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගැනීමට සමත් වූවා. එහි දී නෙත්සර යස්මිත පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත් අතර ඊට අමතර ව රනුද සෝමරත්න පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරන්නේ BRC කණ්ඩායමේ තරුක්ෂ අශේල්. ඔහු Navy SC කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 55කට කඩුලු 6ක් ද සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 107කට කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දිනය නිමා වෙද්දී Moors SC කණ්ඩායමේ රවිශාන් ද සිල්වා (99), Colts CC කණ්ඩායමේ හිරුන් ජයසුන්දර (නොදැවී 57), SSC කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 62), Navy SC කණ්ඩායමේ ජනිත් ප්‍රනාන්දු (52) සහ යුනෙත් සෙනෙවිරත්න (නොදැවී 96), Galle කණ්ඩායමේ තෙවිඳු රශ්මික (60), Leo CC කණ්ඩායමේ අවින්ත ද අල්විස් (99), නෙත්ම කරුණාරත්න (51) සහ පූර්ණ කල්හාර (58), Panadura SC කණ්ඩායමේ අසදිස ද සිල්වා (91) සහ විශ්ව ලහිරු (65), CCC කණ්ඩායමේ සරිත් සුදීන (72), වෙනුර විතානගේ (51), සනුල් වීරරත්න (68) සහ රශ්මික පෙරේරා (නොදැවී 50), Baduraliya SC කණ්ඩායමේ ශෙහාන් මදුශංක (82) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

මේ අතර Panadura SC කණ්ඩායමේ විශ්ව ලහිරු (6/16), Chilaw Marians CC කණ්ඩායමේ තිමිර ඉරුෂික (5/33), Kandy Customs කණ්ඩායමේ නඳුන් සිල්වා (5/37), CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ (5/90), Tamil Union C & AC කණ්ඩායමේ හිමරු දේශාන් (5/49) සහ විහස් තෙව්මික (5/98) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල දී Kandy Customs SC සහ Chilaw Marians CC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර අනෙකුත් තරග නිමා වූයේ විසඳුමකින් තොරවයි.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ United Southern SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (110.5) දමේස් මතිසාන් 50, සෙහස් ආශිංස 100, තත්සර දෙව්මිත් 37, තමිඳු ප්‍රදීප්ත 60, කවීෂ කල්පන 23, විදුර ලක්ෂාන් නොදැවී 24, ඉඳුවර උදේන 4/103, මල්ෂ තරුපති 2/49
  • Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 251 (68.2)ඔමේෂ් මෙන්ඩිස් 24, රවිශාන් ද සිල්වා 99, සිතුම් විහඟ 40, ජෙලෝන් ගමගේ 20, ඉඳුවර උදේන නොදැවී 20, කවීෂ කල්පන 3/47, කවීෂ ගිත්මාල් 2/54

තරගයේ විසඳුමක් නෑ.

 

Ragama CC සහ Tamil Union C & AC අතර තරගය, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (71.2) සහන් කෞශල්‍ය 37, දෙනුර දිමන්සිත් 53, විරංග යෙශාන් 44, තෙමිර කුමාරගේ 47, විහස් තෙව්මික 5/98, හිමරු දේශාන් 5/49
  • Tamil Union C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (49.3)ටෙහාන් බීටර් 29, සචිර වැලිවත්ත 27, නෙමිඳු අක්මීමන 39, තෙමිර කුමාරගේ 2/18, කෙවින් නානායක්කාර 2/38, දසිත් ගුණවර්ධන 4/53
  • Ragama CC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 126 (38.0)දෙනුර දිමන්සිත් 37, සහන් කෞශල්‍ය 42, ලහිරු අබේසිංහ නොදැවී 30, හිමරු දේශාන් 2/31

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Ragama CC කණ්ඩායමට)

Baduraliya SC සහ NCC අතර තරගය, මග්ගොන P. Sare Oval ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී171 (59.1) හිරුන් කපුරුබණ්ඩාර 69, එනෝෂ් පීටර්සන් 26, මානස මදුබාශන 37, ශක්ති උදාර 7/64
  • NCC –පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (49.0) ගවිරු සෙන්හස් 33, ජීවක සශීන් 62, යෙනුල දෙව්තුස 38, දිනෙත් ගුණවර්ධන 28, චන්දූප සේනාරත්න 35, ශක්ති උදාර 20, රසඳු සිල්වා 3/53, තරුෂ් දමිඳු 3/30, මානස මදුභාෂණ 2/46
  • Baduraliya SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 227 (66.4)කූජන පෙරේරා 36, එනෝෂ් පීටර්සන් 26, හිරුන ගාල්ලගේ 35, ශෙහාන් මදුශංක 82, ශක්ති උදාර 4/107, යෙනුල දෙව්තුස 2/15

තරගයේ විසඳුමක් නැ. (පළමු ඉනිමේ ජය NCC කණ්ඩායමට).

Moratuwa SC සහ CCC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • CCC – පළමු ඉනිම කඩුලු 8ක්දැවී379 (65.3) සරිත් සූදීන 70, වෙනුර විතානගේ 45, අංජල බණ්ඩාර 91, සනුල් විරරත්න 81, රශ්මික පෙරේරා 55, ලෙස්ටර් ජයවීර 2/19
  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (67.3)වගීෂ පෙරේරා 65, දුවිඳු රණතුංග 2/21, ඉනුක කරන්නාගොඩ 5/90, තිසරු වන්නිනායක 2/37
  • CCC– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 261 (44.0)සරිත් සුදීන 72, වෙනුර විතානගේ 51, සනුල් වීරරත්න 68, රශ්මික පෙරේරා නොදැවී 50, මයුර මල්ශාන් 3/102

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට).

 

Chilaw Marians CC සහ Sebastianites C & AC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 139(48.4)ජොශුවා සෙබස්තියන් 23, චමිඳු පෙරේරා 23, සුතර්සන් සුබර්නන් 40, තිමිර ඉරුශික 3/49, මෙලන් හංසක 3/34, සසංක නිර්මාල් 3/24
  • Chilaw MariansCC – පළමු ඉනිම කඩුලු 9ක්දැවී 277 (74.0) ගිම්හාන් රසාංජන නොදැවී 49, දර්ශික සංදීප් 93, කෙවින් සැමුවෙල් 38, තිමිර ඉරුශික නොදැවී 20, දිනෙත් සමරවීර 2/51, සුතර්සන් සුබර්නන් 4/80, රශීඩ් නායන් 3/26
  • Sebastianites C & AC –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 121 (45.1)රශීඩ් නායන් 36, තිමිර ඉරුශික 5/33, දිනිත ද සිල්වා 3/21

Chilaw Marians CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 17ක ජයක්.

Leo CC සහ Galle CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237(70.3)යුතික ද සිල්වා 35, දුල්සිත් දර්ශන 67, මානිත රාජපක්ෂ 43, චතුම් ලක්ප්‍රිය 22, අරෝෂ උදයංග 20, සදෙව් දිනරු 2/20, විශ්ව පීරිස් 4/75, පූර්ණ කල්හාර 3/52
  • Leo CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 283 (64.1)අවින්ත ද අල්විස් 99, නෙලුක හේෂාන් 24, නෙත්ම කරුණාරත්න 51, විශ්ව රාජපක්ෂ 33, පූර්ණ කල්හාර 58, මානිත රාජපක්ෂ 2/77, අරෝෂ උදයංග 2/46
  • Galle CC –දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 175 (37.0)තෙවිඳු රශ්මික 60, හසිත සුරංග 45, නෙත්ම කරුණාරත්න 4/12

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Leo CC කණ්ඩායමට).

 

Colts CC සහ Nugegoda S & WC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනාදැවී287 (90.0) අභිශේක් ජයවීර 50, ලහිරු දවටගේ 56, ජනෙත් කෞශාල් 31, විදුනෙත් විල්සන් නොදැවී 54, තරණ විමලධර්ම 3/70, ඔහස් සදෙව් 5/88
  • Colts CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (57.0) හිරුන් ජයසුන්දර 41, රුසද ගමගේ 28, රිශ්ම අමරසිංහ 25, ඉශිර ආයුපාල 22, තරණ විමලධර්ම 21, බ්‍රයන් හංසජ 4/50, විශ්මික සංදීප 3/25, සඳුන් මෙන්ඩිස් 2/40
  • Colts CC– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 127 (32.0)රන්දුනු ගංගනාත් 47, හිරුන් ජයසුන්දර නොදැවී 57, යසිරු යුගත් 2/31

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Nugegoda S & WC කණ්ඩායමට)

BRC සහ Navy SC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • BRC – පළමු ඉනිම සියලුම දෙනාදැවී304 (74.2) පවන් සංදේශ් 122, යසිරු රොද්‍රිගෝ 67, ලිත්ම පෙරේරා නොදැවී 37, දුමිඳු සෙව්මිණ 32, ජනිත් ප්‍රනාන්දු 3/26, තිනෙත් සාලිංග 3/86, රුවින් සංකල්ප 2/75
  • Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 170(43.0)කවීෂ සඳරුවන් 26, සුමල්ක ප්‍රනාන්දු 26, ජනිත් ප්‍රනාන්දු 52, තරුක්ෂ අශේල් 6/55, ශාරද ජයරත්න 2/51
  • Navy SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 188 (54.5)කවීෂ සඳරුවන් 20, උවිඳු පෙරේරා 25, යුනෙත් සෙනෙවිරත්න නොදැවී 96, තරුක්ෂ අශේල් 7/52, ශාරද ජයරත්න 3/75

තරගයේ විසඳුමක් නැ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට).

Kurunegala SC සහ SSC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299(99.4)දිනුග අබේසේකර 78, අශාන් ශනිල්ක 44, ජනිත් රවිශ්ක 39, සොනාල් අස්වින් 74, දුනිත් වෙල්ලාලගේ 7/121
  • SSC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 356 (76.5)නදීශ ආකාශ් 48, නෙත්සර යස්මිත 115, රනුද සෝමරත්න නොදැවී 101, දුනිත් වෙල්ලාලගේ නොදැවී 62, නිශුධ චන්ද්‍රසිරි 2/65

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය SSC කණ්ඩායමට).

 

Panadura SC සහ Police SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297(79.2) ධනුජ ඉඳුවර 135, ගගන් පෙරේරා 57, සනුක චෙරාන් 56, විශ්ව කුමාර 4/72, රංදික මිහිරංග 4/65
  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 301(62.4) සුවහස් ප්‍රනාන්දු 28, සිත්රු ගුණරත්න 28, අසදිස ද සිල්වා 91, කාංචන ද ලිවේරා 27, විශ්ව ලහිරු 65, රංදික මිහිරංග 24, චතුම් කුලසේකර 2/38, සුපුන් ප්‍රනාන්දු 3/83, තුශාන් ජයසේකර 3/71
  • Police SC –පළමු ඉනිම සියලුම දෙනා දැවී 86 (41.3) මලීෂ සඳරුවන් 29, ගගන් ප්‍රනාන්දු 24, රන්දික මිහිරංග 4/44, විශ්ව ලහිරු 6/16

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Panadura SC කණ්ඩායමට).

Army SC සහ Kandy Customs SC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153(53.2) ශෙනේශ්ක නෙත්සර 21, උමේෂ් ද සිල්වා 34, පැතුම් විහඟ 20, වෙන්කට් රාජේන්ද්‍රන් 5/55, නඳුන් සිල්වා 3/37
  • Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 238(50.3) හේලිත් එදිරිසිංහ 24, අසාර් මාජිඩ් 41, කවීෂ ඉඳුවර නොදැවී 21, පැතුම් විහඟ 2/45, ඉනුක ද සිල්වා 3/24
  • Army SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 176 (40.2)අශාන් සුදර්ශන 50, නෙත්මාල් ද සොයිසා 45, උමේෂ් ද සිල්වා 31, වෙන්කට් රාජේන්ද්‍රන් 2/35, නදුන් සිල්වා 5/37, කවීෂ ඉඳුවර 2/57
  • Kandy Customs SC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 92 (18.5)අසාර් මාජිඩ් 27, පැතුම් විහඟ 3/35, උමේෂ් ද සිල්වා 2/19

Kandy Customs SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<