Sri Lanka Sports News Last Day summary 17th January 2018

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

තියුණු තරගයකින් ශ්‍රී ලංකාවට පරාජය

තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 12ක පරාජයක් මීට සුලු මොහොතකට පෙර අත්වින්දේය. ශ්රෝ බංග්ලා ක්‍රීඩාංගණයේ 100 වැනි එක්දින තරගය ලෙසින් පැවති මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 278ක් පමණි.

සිම්බාබ්වෙ කඩුලු 6 කට ලකුණු 290 (50*) හැමිල්ටන් මසකඩ්සා 73, සොලමන් මයර් 34, බ්‍රෙන්ඩන් ටේලර් 38, සිකන්දර් රාසා 81, මැල්කම් වොලර් 29, පීටර් මුවර් 19, අසේල ගුණරත්න 37/3, තිසර පෙරේරා 43/2, සුරංග ලක්මාල් 70/1

ශ‍්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 278 (48.1)  කුසල් පෙරේරා 80, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 34, තිසර පෙරේරා 64, ටෙන්ඩායි චටාරා 33/4, ගේ‍්‍රම් ක‍්‍රිමර් 62/2, කයිල් ජාවිස් 56/2)

සම්පූර්ණ වාර්තාව: තියුණු සටනකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරදියි

යොවුන් කණ්ඩායමට අභියෝගයක්

මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) අවසන් වූ තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 33 (D/L)කින් පරාජය විය. එම ජයත් සමඟින් ඇෆ්ගනිස්තානය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

නවසීලන්තයේ වන්ගාරෙයි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 284/7 (50): ඊබ්‍රහම් සද්රාන් 86, ඩ්‍රැවිශ් රාසූලි 63, ඉක්රාම් අලි කිල් 55, නිසාර් වහදත් 25, නිපුන් මාලිංග 5/56, තිසරු රශ්මික 2/64.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 202/10 (37.3): ජෙහාන් ඩැනියල් 48, ක්‍රිශාන් සංජුල 41, කමිඳු මෙන්ඩිස් 38, අශේන් බණ්ඩාර 38, නවීන් උල් හක් 4/35, කයිස් අහමඩ් 2/37.

ශ්‍රී ලංකාවට තෙවන තැන

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (17) ක්‍රියාත්මක වූ අතර ඒ අතුරෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ පරාජය කළ පාකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ලකුණු 152කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

පාකිස්තානය – 489/9 (40): මුහමඩ් රාශිඩ් 139, නිසාර් අලී 99, බදාර් මුණීර් 72, මොහොමඩ් රයිසාත් 40, චන්දන කුමාර 2/77, දිමුත් රවීන්ද්‍ර 2/89.

ශ්‍රී ලංකාව – 333/7 (40): චන්දන දේශප්‍රිය 102*, සමන් තුශාර 45, රුවන් වසන්ත 40*.

සම්පූර්ණ වාර්තාව: අවසන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙක තීන්දුයි!

 මහානාමයට පළමු ඉනිමේ ජයක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (17) නිමාව දුටු අතර එහි දී අසේල සිගේරා ආනන්ද විද්‍යාලය ජයග්‍රාහී මාවත ඔස්සේ රැගෙන යන විට ලහිරු විතාන මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සහය විය. මාතර දී පැවැත්වූ අනෙක් තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 236/10 (71.5): පවන් රත්නායක 51, භිෂාන් මෙන්ඩිස් 48, හේෂාන් හෙට්ටිආරචිචි 30, වත්සල පෙරේරා 27, පවන්ත වීරසිංහ 24, සවිඳු පීරිස් 3/40

‍‍වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 198/10 (60.5): අවිඳු ප්‍රනාන්දු 63, විශ්ව පීරිස් 34, සුහත් මෙන්ඩිස් 32, ලහිරු විතාන 6/34.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 204/9 (68): විනුක රූබසිංහ 84, හේශාන් හෙට්ටිආරච්චි 54*, සොනෙල් දිනූෂ 21, කවුමල් නානායක්කාර 3/37.

සම්පූර්ණ වාර්තාව: සිගේරා හා ලහිරුගෙන් වැඩි දස්කම්

දිනයක අවසානය