අවසන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙක තීන්දුයි!

831

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (17) ක්‍රියාත්මක වූ අතර ඒ අතුරෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ පරාජය කළ පාකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රබල පාකිස්තානයට නොසිතූ අභියෝගයක්

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තානය ලකුණු 159ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වීමට කේ.

ඒ අතුරෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඩුබායි හිදී පැවැත්විය. එහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු කණ්ඩායමට ආරාධනා කළේය.

බදාර් මුණීර් හා මුහමඩ් රාශිඩ් පාකිස්තානු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක අගනා සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී පාකිස්තානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය මුණීර් 4 පහර 7ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසු විය. අනතුරුව පිටියට පිවිසි වමතින් පිත්ත හසුරුවන B2 කාණ්ඩයේ ක්‍රීඩක මොහොමඩ් රයිසාත් හා එක්වූ රාශිඩ් තවත් වේගවත් ලකුණු 85ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ පන්දුවාර 24ක් තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 245ක් උදුරා ගනිමිනි. රයිසාත් ලකුණු 40යි.

Sri Lanka Team for Blind Cricket World Cup 2018

Sri Lanka Blind Cricket team will participate in the 5th edition of the 40-over Blind Cricket World Cup, scheduled to take place from 09th to 22nd January 2018 in UAE and Lahore. Sri Lanka Blind Cricket team, coming under the auspices of the Sri Lanka Cricket Association for the Visually Handicapped, will be led by Chandana Deshapriya.

පාකිස්තානු ඉනිම අවසන් වීමට මොහොතකට පෙර වේගවත් පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කළ රාශිඩ් ලකුණු 139කට දැවී ගියේය. අනෙක් අන්තයෙන් පාකිස්තානය සවිමත් කළ නිසාර් අලී ලකුණු 99ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු යැවීමේ දී චන්දන කුමාර හා දිමුතු රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි. අනෙක් කඩුලු 5 දුවද්දී දැවී යාම් ලෙස පාකිස්තානු ලකුණු පුවරුවේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක චන්දන දේශප්‍රිය යළිත් ශතකයක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත විය. එම ඉනිම 4 පහර 11කින් හා 6 පහර 3කින් අලංකාරවත් විය. මැදපෙළ පිතිකරුවන් වන සමන් තුශාර හා රුවන් වසන්ත පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 40*ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේය.

තියුණු සටනකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරදියි

පසුගිය දා ආරම්භ වූ බංගලාදේශ, ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් සටනේ දෙවන තරගය අද (17) ඩකා හි ශේරේ බංග්ලා පිටියේ දී ආරම්භ විය. එහි දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ශ්‍රී ලංකා ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 337කි. ඒත් සමඟින් පාකිස්තානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ලකුණු 152කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

පාකිස්තානය – 489/9 (40): මුහමඩ් රාශිඩ් 139, නිසාර් අලී 99, බදාර් මුණීර් 72, මොහොමඩ් රයිසාත් 40, චන්දන කුමාර 2/77, දිමුත් රවීන්ද්‍ර 2/89.

ශ්‍රී ලංකාව – 333/7 (40): චන්දන දේශප්‍රිය 102*, සමන් තුශාර 45, රුවන් වසන්ත 40*.

තරගයේ වීරයා – මුහමඩ් රාශිඩ්

තරගයේ වටිනාම ක්‍රීඩකයා – නිසාර් අලී

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 20 වැනිදා පාකිස්තානය හා ඉන්දියාව අතර සහජා හිදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<