සිගේරා හා ලහිරුගෙන් වැඩි දස්කම්

210

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (17) නිමාව දුටු අතර එහි දී අසේල සිගේරා ආනන්ද විද්‍යාලය ජයග්‍රාහී මාවත ඔස්සේ රැගෙන යන විට ලහිරු විතාන මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සහය විය. මාතර දී පැවැත්වූ අනෙක් තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ගුරුකුල ඉනිමකින් හා ඩී. එස්. කඩුලු 8කින් ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (16) අවසන් වූ තරග අතුරින් කැළණිය…

මහානාම විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (16) රත්මලානේ දී ආරම්භ වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට අවිඳු ප්‍රනාන්දු සමත් වූයේ අර්ධ ශතකයක් ලබාගෙනයි. ඔහුගේ ලකුණු 63ට අමතරව භිශාන් මෙන්ඩිස් ලකුණු 48යි. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ දකුණතින් දඟපන්දු යවන ලහිරු විතාන ලකුණු 34ක් තුළ කඩුලු 6ක් දවා ගන්නා ලදි.

මහානාම විද්‍යාලය ලකුණු 38ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේය. එහි දී විනුක රූබසිංහ හා හේශාන් හෙට්ටිආරච්චි අර්ධ ශතක ලබා ගන්නා ලදි.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 236/10 (71.5): පවන් රත්නායක 51, භිෂාන් මෙන්ඩිස් 48, හේෂාන් හෙට්ටිආරචිචි 30, වත්සල පෙරේරා 27, පවන්ත වීරසිංහ 24, සවිඳු පීරිස් 3/40

‍‍වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 198/10 (60.5): අවිඳු ප්‍රනාන්දු 63, විශ්ව පීරිස් 34, සුහත් මෙන්ඩිස් 32, ලහිරු විතාන 6/34.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 204/9 (68): විනුක රූබසිංහ 84, හේශාන් හෙට්ටිආරච්චි 54*, සොනෙල් දිනූෂ 21, කවුමල් නානායක්කාර 3/37.

තරග ප්‍රතිඵලය – මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී ලංකාව අවදානමක දමා ඇෆ්ගනිස්තානය ඉදිරියට

මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) අවසන් වූ තරගයෙන්…


ලුම්බිණි විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 84ක දැවැන්ත ජයක් හිමි වූ මෙම තරගය අද නිමාව දුටුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ දීයි.

සිය පළමු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලය ලබාගත් ලකුණු 139ට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී අසේල සිගේරා හා ශමල් හිරුෂාන් මෙන්ම ලහිරු හිරන්‍ය අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් විය.

පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් ආනන්ද විද්‍යාලය මෙම තරගයෙන් පූර්ණ ජයක් ලබා ගැනීමේ අරමුණ අතැතිව පන්දු රැකීමට තීරණය කරන ලදි. ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා නොවුණු අතර චාමික ගුණසේකර හා සිගේරා දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 139/10  (38.1): විනූ හේමාලංකාර 34, අමිත දාබරේ 29, දුශාන් ප්‍රනාන්දු 26, අසේල් සිගේරා 5/33, චාමික ගුණසේකර 2/25.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 339/8d (78.1): අසේල සිගේරා 70, ශමල් හිරුශාන් 61*, ලහිරු හිරන්‍ය 54, දමිඳු රේශාන් 40, කමේෂ් නිර්මාල් 36, කනිශ්ක රන්තිලකගේ 35, විමුක්ති කුලතුංග 5/109.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 116/10 (34.2): සඳුනිල් සංකල්ප 36, චාමික ගුණසේකර 4/28, අසේල සිගේරා 4/30.

තරග ප්‍රතිඵලය – ආනන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 84ක ජයක්


සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය අවසන් වන විට දෙපිලේම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම නිමා කරගෙන සිටියහ.

දෙවන දිනය වූ අද දිනය තුළ සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් සුලක්ෂණ ප්‍රනාන්දු හට හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට සාර්ථක වීමට නොහැකි විය. එහි දී ශසික දුල්ශාන් හා කේශර නුවන්ත කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් පුශ්පික ඩිල්ශාන් ලකුණු 32ක් ලබාගෙන සටන්කාමී ඉනිමක නිරත වුවත්, මොහොමඩ් අමීන් හා සචින් සිල්වාගේ පන්දු හමුවේ එය එතරම් පහසුවෙන් සාර්ථක කර ගැනීමට සත්කාරක ක්‍රීඩකයින් අපොහොසත් විය. අවසානයේ සාන්ත පීතර විද්‍යාලය ලකුණු 140ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 138/10 (60.1): පබසර හේරත් 36*, සහීන් ප්‍රනාන්දු 23, ශෂික දුල්ශාන් 4/28, තිලාන් ප්‍රශාන් 2/24, චරිත් හර්ෂාන් 2/41

සාන්ත සර්වේශස් විද්‍යාල පළමු ඉනිම – 66/10 (33.1): මොහොමඩ් අමීන් 3/11, සචින් සිල්වා 3/41, පබසර හේරත් 2/07, තාරික් සබූර් 2/14.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 137/10 (45.4): සුලක්ෂණ ප්‍රනාන්දු 34, ශැනොන් ප්‍රනාන්දු 26, ශසික දුල්ශාන් 4/40, කේශර නුවන්ත 4/41.

සාන්ත සර්වේශස් විද්‍යාල දෙවන ඉනිම – 69/10 (51.3): පුශ්පික ඩිල්ශාන් 32, මොහොමඩ් අමීන් 3/26, සචින් සිල්වා 3/30.

තරග ප්‍රතිඵලය – සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 140ක ජයක්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<