ගෙවුණු දවස පෙබරවාරි 10 – වාර්තා මැද ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

192
ගෙවුණු දවස පෙබරවාරි 10 – වාර්තා මැද ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

රංගන අකිල හරිහරියට පන්දු යවයි

තනිකරම දඟපන්දු යවන්නන්ගේ තරගයක් බවට පත් වූ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 215ක ජයක් ලැබූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජය ගැනීමට ඊයේ (10) සමත් වූයේ තරගය නිමා වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (65.3): කුසල් මෙන්ඩිස් 68, ධනංජය ද සිල්වා 19, රොෂේන් සිල්වා 56, දිල්රුවන් පෙරේරා 31, අකිල ධනංජය 20, අබ්දුර් රසාක් 4/63, තයිජුල් ඉස්ලාම් 4/83, මුස්ටෆිසුර් රහමන් 2/17

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (45.4): ඉම්රුල් කයිස් 19, ලිටන් ඩාස් 25, මෙහෙදි හසන් 38,  සුරංග ලක්මාල් 3/25, දිල්රුවන් පෙරේරා 2/32, අකිල ධනංජය 3/20

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (73.5): දිමුත් කරුණාරත්න 32, ධනංජය ද සිල්වා 28, දිනේෂ් චන්දිමාල් 30, රොෂේන් සිල්වා නොදැවී 70, සුරංග ලක්මාල් 21, මුස්ටෆිසුර් රහමන් 3/49, තයිජුල් ඉස්ලාම් 4/76, මෙහෙදි හසන් 2/37

බංග්ලාදේශය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 123 (29.3): මොමිනුල් හක් 33, මුෂ්ෆිකුර් රහීම් 25, රංගන හේරත් 4/49, අකිල ධනංජය 5/24

සම්පූර්ණ වාර්තාව: රංගනගේ රංගනයට අකිලගෙන් ජවය; ශ්‍රී ලංකාවට ජය


විස්සයි විස්ස ජය ගන්න තමීම්, මුස්ටෆිසුර් නැවත සංචිතයට

Akila Dhananjaya

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සඳහා බංග්ලාදේශය වෙනුවෙන් තරමක් නව සංචිතයක් නම් කර ඇත.

ආබාධවලට ලක්වීම නිසා මීට පෙර පැවති දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වූ අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙක් වන තමීම් ඉක්බාල් සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන් මෙම නම් කරන ලද සංචිතය සඳහා ඇතුළත් කර ඇත. ඒ අනුව ඊයේ (10) දිනයේ දී තේරීම් කමිටුව විසින් නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයින් 05 දෙනෙක් ඇතුළත් කර ඇති අතර ඒ සඳහා නායකත්වය ලබා දෙන්නේ ආබාධයක් නිසා පැවති ටෙස්ට් තරගාවලිය අහිමි වීමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමට පැමිණෙන තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විසිනි.

සම්පූර්ණ සංචිතය: බංග්ලාදේශ පන්දුවාර 20 සංචිතයේ වෙනස්කම් 7ක්

දිනයක නිමාව