ඔලිම්පික් පරිසාධනය ඉක්මවු ප්‍රථම පිහිනුම් ක්‍රීඩකයා – මැතිව් අබේසිංහ

453

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ පිහිනුම් ශූරයෙකු වන මැතිව් අබේසිංහ ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා යමින් 2016 රියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් ව අැත. ඒ හොංග් කොංග් පිහිනුම් ශූරතාවලියේදි නිදහස් අාර පිහිනුම් ක්‍රමයට මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනි.

එහිදි ඔහු තත්පර 50.53 තරග කාලයක් වාර්තා කිරීමට සමත්ව අැත. එම කාලය පරිසාධන මට්ටමට වඩා මිලිතත්පර 17කින් ඉදිරායෙන් තිබේ (50.70). ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයෙකු ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යමින් සුදුසුකම් ලැබු ප්‍රථම අවස්තාව මෙයයි.

මින් ප්‍රථම පිහිනුම් ඉසව්ව නියෝජනය කර ක්‍රීඩකයින් සහනදායි ක්‍රමය හෙවත් Wild Card අවස්තාව මඟින් ඔලිම්පික් කරා පිය නැඟු අතර මෙම ජයග්‍රහණය 22 හැවිරිදි මැතිව් හට සිය ක්‍රීඩා ගමන වෙනස්ම දිශානතියකට හැරවීමට සමත් වනු නොඅනුමානය.

තරග ජයග්‍රහණයයින් පසුව ThePapare.com සමඟ සිය අදහස් ප්‍රකාශ කරමින් මැතිව් කියා සිටියේ,

“ඔලිම්පික් පරිසාධන මට්ටමක් අභිබවා යෑමට සමත් වු එකම ශ්‍රී ලාංකික පිහිනුම්කරුවා වීම ගැන මම ගොඩක් සතුටටත් අාඩම්රයටත් පත්වෙනවා. එය අැත්තටම මට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන්නට ලැබුනු ලොකු ගෞරවයක්. ඒ වගේම මම අවුරුදු 4දි පිහිනුම් ක්‍රීඩාව පටන් ගන්නකොට මගේ තිබ්බ සිහිනයක් වගේම ඉලක්කයක්.”

කෙසෙ නමුත් මැතිව් සහ කිමිකෝ පිහිනුම් ක්‍රීඩාව නියෝජනය කරමින් සහනදායි ක්‍රමය යටතේ මේවන විටත් ඔලිම්පික් යන ක්‍රීඩකයින් 9 දෙනාට අැතුලත් කර තිබිනි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට