බංග්ලාදේශ පන්දුවාර 20 සංචිතයේ වෙනස්කම් 7ක්

2109
Bangladesh cricketer Tamim Iqbal Khan plays a shot during the fifth one day international (ODI) cricket match in the Tri-Nations Series between Sri Lanka and Zimbabwe at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 23, 2018. / AFP PHOTO / -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සඳහා බංග්ලාදේශය වෙනුවෙන් තරමක් නව සංචිතයක් නම් කර ඇත.

[rev_slider LOLC]

ආබාධවලට ලක්වීම නිසා මීට පෙර පැවති දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වූ අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙක් වන තමීම් ඉක්බාල් සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන් මෙම නම් කරන ලද සංචිතය සඳහා ඇතුළත් කර ඇත. ඒ අනුව අද (10) දිනයේ දී තේරීම් කමිටුව විසින් නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයින් 05 දෙනෙක් ඇතුළත් කර ඇති අතර ඒ සඳහා නායකත්වය ලබා දෙන්නේ ආබාධයක් නිසා පැවති ටෙස්ට් තරගාවලිය අහිමි වීමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමට පැමිණෙන තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විසිනි.

රංගනගේ රංගනයට අකිලගෙන් ජවය; ශ්‍රී ලංකාවට ජය

තනිකරම දඟපන්දු යවන්නන්ගේ තරගයක් බවට පත් වූ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 215ක ජයක් ලැබූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජය ගැනීමට අද (10) සමත් වූයේ තරගය නිමා වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ය.

අබු ජායේඩ්, අරිෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන් සහ ඇෆීෆ් හොසේන් යන නව ක්‍රීඩකයින් මෙම සංචිතය සඳහා ඇතුළත් කර ඇති අතර ඒ අනුව පැවති දකුණු අප්‍රිකානු සංචාරයේ දී සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 07 දෙනෙකුට මෙම සංචිතයේ සිය ස්ථානය අහිමි වී ඇත. ඒ අනුව ඉම්රුල් කයිස්, ලිතෝන් දාස්, මෙහෙදි හසන්, ශෆිඋල් ඉස්ලාම්, මොමිනුල් හක්, නසීර් හොසේන් සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් 07 දෙනා මෙම සංචිතය සඳහා ඇතුළත් කර නොමැත.

බංග්ලාදේශ සංචිතය:

ශකීබ් අල් හසන් (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, මහමුඩුල්ලා, සබීර් රෙහ්මාන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හොසේන්, මොහොමඩ් සයිෆුද්දීන්, අබු ජායේඩ්, අරිෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන්, ඇෆීෆ් හොසේන්.

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මින්හාජුල් අබේදීන් ‘Cricbuzz’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන් සීමිත පන්දුවාර තරග සඳහා නව සැලැස්මක් ඇති කිරීමට බලාපොරොත්තු වන බැවින් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට පෙළඹුණු බවයි. “මෙම පන්දුවාර 20 තරගාවලියේ දී අපට අපේ දක්‍ෂ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්‍ෂතා බලන්න අවශ්‍ය යි. අපි තවමත් පන්දුවාර 20 තරගවල දී ඉහළ දක්‍ෂතා දක්වන කණ්ඩායමක් වෙලා නැහැ. ඒ නිසා දේශීය තරගාවලිවල දී දක්‍ෂතා දක්වපු එම නවක ක්‍රීඩකයින්ගෙන් අපට කොයි වගේ දායකත්වයක් ලබාගන්න පුළුවන් ද කියලා බලන්න අවශ්‍ය යි.” මින්හාජුල් පවසා සිටියේ ය.

Sri Lanka All Wickets Against Bangladesh | 2nd Test | 2nd Innings | Bangladesh vs Sri Lanka

Sri Lanka All Wickets Against Bangladesh | 2nd Test | 2nd Innings | Bangladesh vs Sri Lanka Download Rabbithole App to watch live: Play Store: https://goo.gl/voKvp7 App Store: https://goo.gl/vJjyyL Keep following us on Rabbithole Facebook Page: https://www.facebook.com/rabbitholebd

එමෙන්ම මින්හාජුල් වැඩිදුරටත් පවසා සිටියේ වේගයෙන් ලකුණු රැස්කළ හැකි ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන අරිෆුල් හක් කණ්ඩායමට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව දැක බලා ගැනීමට ඔවුන් උත්සුවක්ව සිටින බවයි. 2017 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ‘Khulna Titans’ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්‍ෂතා දක්වමින් කරළියට පැමිණි අරිෆුල් එම තරගාවලියේ දී සිය කණ්ඩායමේ තෙවන වැඩිම ලකුණු ලාභියා ද විය.

“ඔහු අනාගතයට හොඳ ආයෝජනයක්. ඒ වගේම 7 වන ස්ථානයේ ඇවිත් වේගයෙන් ලකුණු රැස්කළ හැකි ක්‍රීඩකයෙක් අපිට දැඩිව අවශ්‍ය වෙලා තියෙන්නේ. අනෙක් හැම කණ්ඩායමකම වගේ ඒ ස්ථානයේ ඇවිත් සුළු වෙලාවකින් තරගයේ තීරණය වෙනස් කරන්න පුළුවන් ප්‍රහාරාත්මක පිතිකරුවන් ඉන්නවා. අපි මෙතෙක් දැක්ක දේවල්වලට අනුව අපි විශ්වාස කරනවා අරිෆුල්ටත් ඒ හැකියාව තියෙනවා කියලා.” මින්හාජුල් තවදුරටත් පවසා සිටියේ ය.

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20 තරගාවලිය එළඹෙන 15 වන දින ඩකා හිදී ආරම්භ වන අතර එහි දෙවන තරගය එළඹෙන 18 වන දින සිල්හෙට් හිදී පැවැත්වේ.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<