Home Sinhala බංග්ලාදේශය, සත්කාරක පන්දු යවන්නෝ පාගා දමයි

බංග්ලාදේශය, සත්කාරක පන්දු යවන්නෝ පාගා දමයි

Bangladesh tour of Sri Lanka 2025

140
Bangladesh tour of Sri Lanka 2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර තරගය පළමු දිනයට අවසන් වන විට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 292ක් ලබා සිටියා.

තම ටෙස්ට් තරග දිවියන් හී 14 වැනි තරගවලට නායකත්වය දෙන දෙරටේ නායකයන් අතර උරගා බැලුණ කාසියේ වාසිය හිමිකර ගත් සංචාරක බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඔවුන් අතර හුවමාරු වූ කණ්ඩායම් අතර ශ්‍රී ලංකා කණ්ඩායම් ලැයිස්තුවේ මංගල ටෙස්ට් වරම් හිමි වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් රැඳී සිටියා.

ඒ 31 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු ලහිරු උදාර සහ 29 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මෙන් ම වමතින් ද දඟ පන්දු යැවිය හැකි තරිඳු රත්නායකයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), මිලාන් රත්නායක, තරිඳු රත්නායක, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ජයසූරිය.

 

බංග්ලාදේශ කණ්ඩායම

Najmul Hossain Shanto (නායක), Shadman Islam, Anamul Haque, Mominul Haque, Mushfiqur Rahim, Litton Das (කඩුලු රකින්නා), Jaker Ali, Taijul Islam, Nayeem Hasan, Hasan Mahmud සහ Nahid Rana

සංචාරක බංග්ලාද්ශ ඉනිම ආරම්භ කරන්නේ Shadman Islam සහ Anamul Haque විසින්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 5ක් ලබා ගනිද්දී Anamul Haque ගේ කඩුල්ල දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වෙනවා. ඊට කඩුල්ල පිටුපස රාජකාරිය හිමි ව සිටි කුසල් මෙන්ඩිස් ගේ සහාය ද හිමි වෙනවා.

අනතුරු ව 2 වැනි කඩුල්ලට අනෙක් ආරම්භක පිතිකරු Shadman Islam පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යනවා. එම කඩුල්ල මංගල ටෙස්ට් වරම් හිමි වූ තරිඳු රත්නායකගේ පළමු කඩුල්ලයි. ධනංජය ද සිල්වා විසින් රැකගත් උඩ පන්දුවත් සමඟින් එම කඩුල්ල දැවී යද්දී බංග්ලාදේශ ඉනිම ලකුණු 39 රැඳී තිබුණා.

අනතුරු ව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 6ක් එක් වෙද්දී Mominul Haque ගේ කඩුල්ල ද දවා ගැනීමට තරිඳු රත්නායක සමත් වෙන්නේ ධනංජය ද සිල්වා රැකගත් උඩ පන්දුවක් හේතුවෙනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව නායක Najmul Hossain Shanto සහ Mushfiqur Rahim තම කඩුලු ආරක්ෂා කර ගනිමින් දිවා විවේකය ලබා ගත්තා. ඒ වෙද්දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 90ක් ලබා සිටියා.

එතැන් සිට ගෙවී ගිය කාර්තු ද්විත්වයේ පළමු කාර්තුවේ දී තම අර්ධ ශතක වාර්තා කිරීමට එම පිතිකරුවන් දෙදෙනා ම සමත් වීම කැපී පෙණුනා. තරගය තේ විවේකය සඳහා නතර කරන විට බංග්ලාදේශ ඉනිම ලකුණු 182ක් ව තිබූ අතර ඒ වෙද්දී Najmul Hossain Shanto නොදැවී ලකුණු 70ක් ද සහ Mushfiqur Rahim ලකුණු 66ක් ද ලබා සිටියා.

අනතුරු ව ගෙවී ගිය දිනයේ අවසන් කාර්තුවේ ද ඔවුන් දෙදෙනා නොදැවී පිටියේ රැඳී සිටිමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 247ක සබඳතාවක් එක් කර තිබුණා. එය ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන තෙවැනියට වැඩිම ලකුණු සබඳතාවයි.

එහි දී නායක Najmul Hossain Shanto පන්දු 260කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 136ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 6 වැනි ශතකයයි.

Mushfiqur Rahim පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටි අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 12 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 124කට කඩුලු 2ක් දවා ගත්තා. දිනයේ යැවුණ පන්දුවාර 90න් පන්දුවාර 32ක් ම යවනු ලැබුවේ තරිඳු රත්නායක විසිනුයි. ඔහුට අමතර ව අසිත ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත් අතර මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය සහ ධනංජය ද සිල්වා ද පන්දු යැවූ අතර ඔවුන්ට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 292 (90.0) Mominul Haque 29, Najmul Hossain Shanto නොදැවී 136, Mushfiqur Rahim නොදැවී 105, තරිඳු රත්නායක 2/124

හෙට (13) තරගාවලියේ 2 වැනි දිනයයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Lanka
485/10 (131.2) & 72/4 (32)

Bangladesh
495/10 (153.4) & 285/6 (87)

Batsmen R B 4s 6s SR
Shadman Islam c Dhananjaya de Silva b Tharindu Rathnayake 14 53 1 0 26.42
Anamul Haque c Kusal Mendis b Asitha Fernando  0 10 0 0 0.00
Mominul Haque c Dhananjaya de Silva b Tharindu Rathnayake 29 33 4 0 87.88
Najmul Hossain Shanto c Angelo Mathews b Asitha Fernando 148 279 15 1 53.05
Mushfiqur Rahim lbw b Asitha Fernando 163 350 9 0 46.57
Liton Das c Kusal Mendis b Tharindu Rathnayake 90 123 11 1 73.17
Jaker Ali b Milan Rathnayake 8 16 1 0 50.00
Nayeem Hasan c Kusal Mendis b Milan Rathnayake 11 30 1 0 36.67
Taijul Islam b Milan Rathnayake 6 7 1 0 85.71
Hasan Mahmud not out 7 15 1 0 46.67
Nahid Rana c Kusal Mendis b Asitha Fernando 0 8 0 0 0.00


Extras 19 (b 8 , lb 5 , nb 2, w 4, pen 0)
Total 495/10 (153.4 Overs, RR: 3.22)
Bowling O M R W Econ
Asitha Fernando  29.4 5 86 4 2.93
Milan Rathnayake 23.4 6 39 3 1.67
Tharindu Rathnayake 49.2 3 196 3 3.98
Prabath Jayasuriya 48 2 154 0 3.21
Dhananjaya de Silva 3 0 7 0 2.33
Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Hasan Mahmud 187 256 23 1 73.05
Lahiru Udara c & b Taijul Islam 29 34 6 0 85.29
Dinesh Chandimal c Shadman Islam b Nayeem Hasan 54 119 4 0 45.38
Angelo Mathews c Liton Das b Mominul Haque 39 69 3 1 56.52
Kamindu Mendis b Hasan Mahmud 87 148 7 1 58.78
Dhananjaya de Silva c Liton Das b Nayeem Hasan 19 36 2 0 52.78
Kusal Mendis c Liton Das b Hasan Mahmud 5 17 1 0 29.41
Milan Rathnayake b Nayeem Hasan 39 83 3 1 46.99
Tharindu Rathnayake b Nayeem Hasan 0 7 0 0 0.00
Prabath Jayasuriya not out 11 13 0 0 84.62
Asitha Fernando b Nayeem Hasan 4 8 0 0 50.00


Extras 11 (b 2 , lb 7 , nb 2, w 0, pen 0)
Total 485/10 (131.2 Overs, RR: 3.69)
Bowling O M R W Econ
Hasan Mahmud 21 2 74 3 3.52
Nahid Rana 19 0 97 0 5.11
Taijul Islam 41 3 156 1 3.80
Nayeem Hasan 43.2 4 121 5 2.80
Mominul Haque 7 0 28 1 4.00
Batsmen R B 4s 6s SR
Shadman Islam lbw b Milan Rathnayake 76 126 7 0 60.32
Anamul Haque c Kusal Mendis b Prabath Jayasuriya 4 20 0 0 20.00
Mominul Haque c Lahiru Udara b Tharindu Rathnayake 14 40 0 1 35.00
Najmul Hossain Shanto not out 125 199 9 3 62.81
Mushfiqur Rahim run out (Tharindu Rathnayake) 49 102 4 0 48.04
Liton Das b Tharindu Rathnayake 3 5 0 0 60.00
Jaker Ali st b 2 7 0 0 28.57
Nayeem Hasan not out 7 23 0 0 30.43


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 285/6 (87 Overs, RR: 3.28)
Bowling O M R W Econ
Asitha Fernando  8 0 31 0 3.88
Prabath Jayasuriya 29 3 92 1 3.17
Tharindu Rathnayake 29 1 102 3 3.52
Milan Rathnayake 12 4 26 1 2.17
Dhananjaya de Silva 8 0 27 0 3.38
Kamindu Mendis 1 0 2 0 2.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Najmul Hossain Shanto b Nayeem Hasan 24 25 4 0 96.00
Lahiru Udara st Liton Das b Taijul Islam 9 13 2 0 69.23
Dinesh Chandimal b Taijul Islam 6 44 0 0 13.64
Angelo Mathews c Mominul Haque b Taijul Islam 8 45 1 0 17.78
Kamindu Mendis not out 12 35 1 0 34.29
Dhananjaya de Silva not out 12 30 1 1 40.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 72/4 (32 Overs, RR: 2.25)
Bowling O M R W Econ
Hasan Mahmud 3 0 19 0 6.33
Taijul Islam 16 3 23 3 1.44
Nayeem Hasan 13 1 29 1 2.23