ගෙවුනු දවස ජූලි 06 – ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

232

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

නුවන්ට ආබාධයක්

pic-1සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊෙය් (6) පැවැත්වූ තෙවන ජාත්‍යන්තර එක්දින තරගයේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ඇති අතර, එම නිසා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වූ  ටෙස්ට් තරගාවලියේ දී සියලු තරග ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සුවිශේෂී දස්කමක් වන අතර, එම සංචිතය තුළ අවුරුදු 19ක් වන වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඇතුළත්ව සිටියේය. නමුත් අවාසනාවකට ඔහුට එම තරගාවලියේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.

සම්පූර්ණ වාර්තාව: නුවන් ප්‍රදීප් ආබාධයකට; යොවුන් තරුවක් ඇතුලට

ධනුෂ්ක දික්වැල්ල ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

Niroshan and Gunathilakaඊයේ (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 310ක් රැස් කළ ද ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් ගතවීමටත් මත්තෙන් එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂක මනදොළ සපුරාලමින් ආරම්භ පිතිකරුවන් දෙදෙනා වාර්තා කළ මංගල ශතක දෙක සුවිශේෂී ලෙස කැපී පෙනුණි.

සම්පූර්ණ වාර්තාව: ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්


මලල ක්‍රීඩා –

වාර්තා සමඟින් ජෝන් ටාබට් නිමා වේ

Untitled collage (7)85 වැනි ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලට වර්ණවත් අවසානයක් ගෙන එමින් තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය දිනා ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයත්,  කාන්තා ශූරතාවය දිනා ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයත් සමත් විය. ‘කොළඹින් බාහිර අංශයේ’ බාලිකා ශූරතාවය රත්නපුර සුමන බාලිකා විද්‍යාලය විසින් දිනා ගත් අතර එහි පිරිමි ශූරතාවය හිමි කර ගන්නට වලල ඒ. රත්නායක විද්‍යාලයීය පිරිමි ක්‍රීඩකයන් සමත් විය.

අබලන් වූ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සමස්ත සිසු සිසුවියන් දැක්වූ දක්ෂතා සැබවින්ම ප්‍රශංසනීය වූ නමුත් ඒ අබලන්භාවය නිසාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ආබාධ තත්වයන්ට ලක්වීම දිනයේ තවත් මාතෘකාවක් විය.

සම්පූර්ණ වාර්තාව: මීගමුව, මධ්‍යම පළාත් දරු දැරියන් කොළඹ හොල්ලයි

මංජුල අවසන් තරගයට පනී

asian athletics championshipආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 22 වැනි වර හමුවීම මෙවර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ බුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ.

ආසියානු කලාපයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාම පමණක් පැවැත්වෙන මෙම තරගාවලියේ දී පළමු දිනයේ (ඊයේ – 06) පැවති තරගවලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ කණ්ඩායම් නායක මංජුල කුමාරයි.

සම්පූර්ණ වාර්තාව: මංජුල කුමාර අවසන් තරගයට

දිනයක අවසානය