Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය එළඹෙන ජුනි මාසයේ දී

Dialog අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් රග්බි තරගාවලිය 2023

737
Dialog Schools Rugby

පාසල් රග්බි කැලැන්ඩරයේ වැදගත්ම තරගාවලිය වන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලිය මෙවරත් Dialog අනුග්‍රහයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය කටයුතු සූදානම් කර තිබෙනවා.

තරගාවලිය එළඹෙන ජුනි මස 12-18 සතියේ දී ආරම්භ වීමට නියමිතයි.

Division 1, A කාණ්ඩය යටතේ කණ්ඩායම් 14ක් තරග වදින අතර ඔවුන් කණ්ඩායම් 7 බැගින් තවත් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා. ඒ 2022 තරගවාරයේ එක් එක් කණ්ඩායම් දැක්වූ දක්ෂතාවලට අනුවයි.

Division 1 – A කාණ්ඩය

1 කාණ්ඩය  2 කාණ්ඩය
1 ඉසිපතන විද්‍යාලය රාජකීය විද්‍යාලය
2 සාන්ත ජෝසප් විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය
3 වෙස්ලි විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය
4 සාන්ත තෝමස් විද්‍යාලය විද්‍යා විද්‍යාලය
5 සාන්ත අන්තෝනි විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
6 කිංග්ස්වුඩ් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
7 ඩී. එස් සේනානායක විද්‍යාලය සහිරා විද්‍යාලය

පාසල් රග්බි පිටියේ දක්ෂතම කණ්ඩායම් A කාණ්ඩය යටතේ තරග වදින අතර ඔවුන් 2023 අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ සඳහා තරග වදිනු ඇත. පළමු වටය සති හතක් පුරාවට විහිදෙන අතර සෑම කණ්ඩායමක්ම තරග හය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සුපිරි වටයේ දී 1 කාණ්ඩයේ හා 2 කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක එකිනෙකාට ප්‍රතිවිරුද්ධ කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. වට දෙක අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහන අනුව තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙනු ඇති.

2024 තරග වාරයේ සිට A කාණ්ඩයේ කණ්ඩායම් ගණන කණ්ඩායම් 12ක් දක්වා අඩු කිරීමට නියමිත නමුත් එම ක්‍රියාවලිය සිදුවන ආකාරය තවමත් නිවේදනය කර නැහැ.

එක් කාණ්ඩයක කණ්ඩායම් 7ක් සිටින බැවින් සෑම සති අන්තයකම තරග 3 බැගින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට විවේක සතියක් හිමිවෙනු ඇත. එක් එක් සති අන්තයේ, කාණ්ඩවල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පහත සඳහන් පරිදි තරග සැලැස්ම ක්‍රියාත්මක වන අතර තරග පැවැත්වෙන දිනයන් එම පාසල් තීරණය කරගත යුතු වේ.

තරගය 1 තරගය 2 තරගය 3 විවේක
සතිය 1 6v1 5v2 4v3 7
සතිය 2 5v7 4v1 3v2 6
සතිය 3 4v6 3v7 2v1 5
සතිය 4 3v5 2v6 1v7 4
සතිය 5 2v4 1v5 7v6 3
සතිය 6 1v3 7v4 6v5 2
සතිය 7 7v2 6v3 5v4 1

 

මේ අතර B කාණ්ඩයේ හා C කාණ්ඩයේ කණ්ඩායම් 12 බැගින් තරග වදින අතර එම කණ්ඩායම් 12ත් කණ්ඩායම් 6ක් බැගින් කාණ්ඩ දෙකකට බෙදා තිබේ.

Division 1 – B කාණ්ඩය

කාණ්ඩය 1 කාණ්ඩය 2
1 තර්ස්ටන් විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර
2 මලියදේව විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය
3 ලුම්බිණි විද්‍යාලය මහානාම විද්‍යාලය
4 සාන්ත ඇලෝසියස් විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
5 ආනන්ද විද්‍යාලය සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
6 පිළියන්දල මධ්‍ය විද්‍යාලය කේරි විද්‍යාලය

Division 1 – C කාණ්ඩය

කාණ්ඩය 1 කාණ්ඩය 2
1 සාන්ත ජෝන් විද්‍යාලය නාලන්ද විද්‍යාලය
2 ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර දේවපතිරාජ විද්‍යාල
3 සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය සුමංගල විද්‍යාලය පානදුර
4 මොරටු මහා විද්‍යාලය සිරි පියරතන විද්‍යාලය
5 ධර්මපාල විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
6 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය

තරගාවලියේ නවතම තොරතුරු සඳහා රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<