මහමදුල්ලාට කොරෝනා

153
Mahmudullah

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මහමදුල්ලා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (8) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කළා.

“මහමදුල්ලාට කොරෝනා වයිරසය ආසාදනය වෙලා තියෙන බවට අද තහවුරු වුනා. ඒක නිසා ඔහුට ඉදිරියේ දී පැවැත්වෙන පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (PSL) අවසන් වටය සඳහා සහභාගී වන්න වෙන්නේ නැහැ” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් Cricbuzz වෙබ් අඩවියට පවසා තිබෙනවා.

2019 වසරේ පෙබරවාරි මස 20 වැනිදා ආරම්භ වූ පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග කොරෝනා වයිරස තත්වය නිසාවෙන් පැවැත්වීමට නොහැකි වූ අතර එම තරග හතර නොවැම්බර් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පවත්වා තරගාවලිය අවසන් කිරීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

Multan Sultans, Karachi Kings, Peshawar Zalmi සහ Lahore Qalanders යන කණ්ඩායම් හතර මේ අවසන් වටය සඳහා තේරී පත්ව තිබෙනවා. නමුත් Multan Sultans නියෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටි Moeen Ali සහ Lahore Qalanders නියෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටි Chris Lynn හට මේ තරග වටය සඳහා සහභාගී නොවන නිසාවෙන් ඒ වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මහමදුල්ලා සහ Tamim Iqbal ඒ ඒ කණ්ඩායම් සඳහා ආදේශ කර ගැනීමට සූදානම් කර තිබුණා. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ද අවසර හිමිව තිබුණේ ඉදිරියේ දී පැවැත්වෙන Bangabandhu විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන් ගැටලුවක් නොවන නිසයි.

කෙසේ නමුත් මහමදුල්ලා හට කොරෝනා වයිරසය ආසාදන වී තිබෙන නිසා ඔහුට එම තරගාවලිය මඟ හැරෙන නමුත් Tamim Iqbal පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙනවා.

පාකිස්තානු සුපර් ලීගයේ අවසන් වටයේ තරග (Playoffs) පහත පරිදි කරච්චි ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

  • නොවැම්බර් 14 – Qualifier 1 – Karachi Kings සහ Multan Sultans
  • නොවැම්බර් 14 – Eliminator – Lahore Qalandars සහ Peshawar Zalmi
  • නොවැම්බර් 15 – Qualifier 2 – Eliminator තරගයේ ජයග්‍රාහකයා සහ Qualifier 1 පරාජිතයා
  • නොවැම්බර් 17 – Final  – Qualifier 1 ජයග්‍රාහකයා සහ Qualifier 2 ජයග්‍රාහකයා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<