ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි

Road Safety World Series 2022

1113
Sri Lanka Legends squad

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර අවසන්.

තරගාවලි සංවිධායකයින් විසින් ඉන්දීය ක්‍රීඩාංගණ 4ක් (Kanpur, Raipur, Indore, and Dehradun) තරගාවලිය සඳහා වෙන් කර ඇති අතර පිළිමළුන් පිටුදැකීම සහ අවසන් තරග Raipur හිදි පැවැත්වීමට නියමිතයි.

දෙවැනි වරටත් සංවිධානය කරන මෙවර තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. සති 3ක් තිස්සේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ඔස්සේ ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිදුවන රිය අනතුරු ඇතුළු මහ මග සිදු වන අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් සිදු කරන දැනුවත් කිරීමේ තරගාවලියක් ලෙස මෙය පවත්වනු ලබනවා.

New Zealand Legends කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා නවක කණ්ඩායමක් ලෙස තරගාවලියට එකතු වන අතර ඒ අනුව India Legends, Sri Lanka Legends, Australia Legends, West Indies Legends, South Africa Legends, Bangladesh Legends සහ England Legends යන කණ්ඩායම් 7 මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් වනවා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා අනුශූරයින් ලෙස පිවිසෙන්නේ ප්‍රථම වරට පැවති තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වෙමිනි.

Sri Lanka Legends කණ්ඩායම: තිලකරත්න ඩිල්ෂාන් (නායක). සනත් ජයසූරිය, චමින්ද වාස්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, චාමර සිල්වා, කෞෂල්‍ය වීරරත්න, මහේල උඩවත්ත, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, ඩි, ඩිල්ශාන් මුනවීර, චින්තක ජයසිංහ, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, ඉෂාන් ජයරත්න, රුමේෂ් සිල්වා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<