මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

3205
Mahela Jayawardena

ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද ICC ක්‍රිකට් කමිටුව සඳහා පත් කර තිබෙන බව ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ඊට අමතරව විනිසුරුවරුන් නියෝජනය කරමින් 2011 වසරේ සිට ජාත්‍යන්තර තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන Joel Wilson, ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් (MCC) Jamie Cox පත් කර තිබෙනවා.

ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) වෙනුවෙන් පත්වුණු නව කමිටුව,

  • Mahela Jayawardene – Past Player representative (නැවත පත්කිරීමක්)
  • Gary Stead – National Team Coach representative
  • Jay Shah – Member Board representative
  • Joel Wilson – ICC Elite Panel Umpire
  • Jamie Cox – MCC Representative

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<