නිලානි හා සමන්තට ආසියානු තරගාවලියකට වරම්

97
Nilani and Samantha

හෙට (15) චීනයේ දී ආරම්භ වීමට නියමිත 14 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගැනීමට නිලානි රත්නායක හා සමන්ත පුෂ්පකුමාර යන දෙදෙනා සමත් වී ඇත.

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 1991 දී ජපානයේ ෆුකුහෝමා හීදී ආරම්භ විය.

තරගාවලියේ 7 වැනි අදියර 2003 වර්ෂයේ දී පැවැත්වීමට තිබූ නමුත් යම් යම් හේතූන් මත එය එම වර්ෂයේ දී නොපැවැත්විය. කෙසේ නමුත් 2004 වර්ෂයේ දී තරගාවලිය ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පවත්වා ඇත.

පළමුවැනියා සමන්ත නමුත් පදක්කම චන්ද්‍රදාසන්ට

හතළිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව වශයෙන් පැවති රට හරහා දිවීමේ..

නිලානි හා සමන්ත මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පෙබරවාරි 18 වැනිදා නුවරඑළියේ දී පැවැත්වූ ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ දී දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමිනි. එම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්‌ථානය සමන්ත පුෂ්පකුමාර (33:22.44) විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය නිලානි රත්නායක (39:33.29) විසින් දිනා ගන්නා ලදි. නමුත් එහි රන් පදක්කම් හිමි වූයේ එස්. චන්ද්‍රදාසන් හා නිමේෂා මධුෂානි නන්දසේන හටයි.

මොවුන් දෙදෙනාම ආසියානු ක්‍රීඩා උළෙලට පෙරහුරුවක්‌ ලෙසින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පැවති මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව නුවරඑළියේ පැවති රට හරහා දිවීමේ තරගාවලියට දින දෙකක් තිබිය දී ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේ හෝ තරගාවලිය සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙනි.

නමුත් ඔවුන් මෙරටට ළඟා වන විටත් ජාතික රට හරහා දිවීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම අවසන්ව තිබූ අතර තරගය පැවැත්වීමට නියමිත දිනට ප්‍රථම ඔවුන් කෙසේ හෝ තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට උත්සාහ කළත් එය මඟ හැරී ගියේ තරගාවලියට සහභාගි වී සිටි පළාත් සභා ක්‍රීඩා නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධතාවය හේතුවෙනි.

කෙසේ වුවත් පුෂ්පකුමාර හා නිලානි රත්නායකගේ අභියාචනාව පිළිබඳව තවදුරටත් සලකා බැලූ තරග කමිටුව ඔවුන්ට කොන්දේසි මත තරග වැදීමට අවස්ථාව ලබා දුන් බව ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා පැවසීය. ඒ ඔවුන්ගේ ස්ථාන නිල ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කර නොගන්නා කොන්දේසිය මතයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් 139ක්

මේ වසරේ අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී…

ඒ අනුව ඔවුන් දෙදෙනා විවෘත තරගාවලියකට සහභාගි වන ආකාරයෙන් තරගාවලියට සහභාගී විය. ඔවුන්ට පදක්කම් ප්‍රදානය නොවුනත් තරගාවලියේ හොඳම දක්ෂතා වාර්තා කිරීම සැලකිල්ලට ගනිමින් ආසියානු තරග අවස්ථාව හිමිකම් ලබා දී තිබුණි. ඒ අනුව මාර්තු 15 වැනිදා චීනයේ “ගුසියෑංග්” නුවර දී පැවැත්වෙන 14 වැනි ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට හා මාර්තු 25 වැනිදා භූතානයේ “පැරෝ” නගරයේ දී පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාටම හිමිව තිබේ.

ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ජපාන, චීන හා ඉරාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ දී වැඩි දස්කම් දක්වා ඇත. 2005 වර්ෂයට පසුව බහරේන් රාජ්‍ය හා කටාර් රාජ්‍යයේ ක්‍රීඩකයින් ද මෙම තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇත. මෙම තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇත්තේ 2001 වර්ෂයේ දී ය. ඒ ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කර ඇති හොඳම දක්ෂතාවයයි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<