කෝටි 17 තුරුම්පුව මුම්බායි දිනවයි; සචින්ගේ පුත්‍රයාත් දස්කම් අතර!

311

සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා. ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින්.

Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ද ඔවුන්ටම හිමි වූ අතර මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුන් Mumbai කණ්ඩායමට භාර කළා. ඒ තම පන්දු යවන්නන් යොදවා Sunrisers අඩු ලකුණකට නවතා ගැනීමේ අරමුණින්.

නමුත් එම සැලැස්ම සිතූ පරිදි සාර්ථක නොවූ අතර Mumbai මුල්පෙළ පිතිකරුවන් ඉතාම දක්ෂ අන්දමින් ලකුණු අතරට පිවිසියා. එහි දී ඉනිම ඇරඹූ Rohit Sharma සහ Ishan Kishan පළමු කඩුල්ලටම ලකුණු 41ක් එකතු කළේ පන්දුවාර 5ක් නිමා වෙන්නටත් පෙරයි. Rohit පන්දු 18කින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී ගියේ Natarajanගේ පන්දුවක් හමුවේයි.

ඉන්දීය රුපියල් කෝටි 17.5කට මුම්බායි කණ්ඩායම මගින් මිල දී ගත් Cameron Green තමන් ගැන තැබූ විශ්වාසය ඊයේ ලකුණු බවට පරිවර්තනය කළේ පන්දු 40කින් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින්. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. Ishan Kishan පන්දු 31කින් ලකුණු 38ක් ලබා සිටිය දී Marco Jansenගේ පන්දුවකින් දැවී ගියා.

මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතාවය නිසා හොඳ ලකුණක් කරා යාමේ මාවත විවර කර ගත් Mumbai ඉනිම අවසානයේ ලකුණු 192ක සුපිරි අවසානයක් කරා යන්නේ Tilak Varmaගේ ප්‍රවේගකාරී ඉනිම නිසයි. ඔහු පන්දු 17ක් පමණක් වැය කරමින් ලකුණු 37කින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වර්ධනය කළා. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී Marco Jansen කඩුලු 2කට හිමිකම් කිව්වා.

මෙම ඉලක්කය පසුපස ලුහුබැඳ යාමට උත්සාහ කළ Sunrisers කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 25ක් තුල දී බිඳ වැටුණා. එම කඩුලු 2ටම හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jason Behrendorff. පසුගිය තරගයේ සුපිරි ශතකයක් වාර්තා කරගත් Harry Brook මෙවර ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. ඉන්පසු ලකුණු 46ක සබඳතාවයක් ගොඩ නැගීමට Mayank Agarwal සහ Aiden Markram සමත් වුනා.

එහි දී Agarwal පන්දු 41කට මුහුණ දී ලකුණු 48ක් රැස්කළේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟයි. ලකුණු 22ක් ලබා සිටි Aiden Markram දැවී යාමෙන් පසු පිටියට පිවිසි Abhishek Sharma ආ පයින් ක්‍රීඩාගාරයට හැරී ගියේ එක් ලකුණකටයි. කෙසේ නමුත් Heinrich Klaasen ක්‍රීඩා කළ වේගවත් ඉනිම නිසා Sunrisers Hyderabad කණ්ඩායමට තම ඉලක්කය ආසන්නයටම ලඟා වීමට අවස්ථාව ලැබුණා.

පන්දු 16කින් ලකුණු 36ක් වාර්තා කළ Klaasen ඒ අතරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කළා. මේ අනුව අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 20ක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායමට සි දුවුනා. එය යැවීමට භාර වෙන්නේ ඉන්දීය සුපිරි ක්‍රීඩක Sachin Tendulkarගේ පුත්‍රයා වන Arjun Tendulkarටයි. ඔහු එම පන්දුවාරය ලකුණු 5කට සීමා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

වමතින් වේගපන්දු යවන Arjun ඊයේ පන්දුවාර 2.5ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 18ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙළුවා. මීට අමතරව Jason Behrendorff, Riley Meredith සහ Piyush Chawla කඩුලු 2 බැගින් බිඳ හෙලමින් Sunrisers ඉනිම ජය කණුවට මෙපිටින් නතර කර ගැනීමට වැඩි දායකත්වයක් දැක්වූවා. Sunrisers ඉනිම අවසන් පන්දුවාරයේ දී අවසන් වුනේ ලකුණු 178කටයි.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 192 (පන්දුවාර 20): Cameron Green 64, Ishan Kishan 38, Tilak Varma 37, Rohit Sharma 28, Tim David 16, Marco Jansen 2/43, Bhuvneshwar Kumar 1/31, T Natarajan 1/50.

සන්රයිසස් හයිද්‍රාබාද් – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 19.5): Mayank Agarwal 48, Heinrich Klaasen 36, Aiden Markram 22, Marco Jansen 13, Riley Meredith 2/33, Jason Behrendorff 2/37, Piyush Chawla 2/43.

තරගයේ වීරයා සම්මානය Cameron Greenට හිමි වුනා. Indian Premiere League තරගාවලියේ Rajastan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට Jaipur හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගයේ උණුසුම සජීවීව විඳ ගැනීමට පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<