Home Sinhala සකුරා දේශයට ගිය ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනි

සකුරා දේශයට ගිය ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනි

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන සංචාරය 2023

337
Sri Lanka Emerging Tour of Japan 2023 – 1st T20

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ජපන් ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත් වුනා.

ජපානයේ Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගය ජය ගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගන්නට සමත් වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව – Sithara Hapuhinna (WK), Dunith Jayatunga, Shehan Fernando, Sahil Dias, Sakuna Liyanage, Ranmith Jayasena, Dellon Peiris (C), Sithum Disanayaka, Danal Hemananda, Imthiyas Slaza, Lakshan Gamage
  • ජපානය – Lachlan Lake, Koji Hardgrave-Abe, Makoto Taniyama, Kendel Kadowaki Fleming (C), Ibrahim Takahashi, Supun Nawarathna (WK), Marcus Thurgate, Reo Sakurano, Dinesh Sandaruwan, Piyush Kumbhare, Ryan Drake

කාසියේ වාසිය දිනා ගත් ජපානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 97ක් ලබා ගැනීමට සමත් වුනා.

ජපන් ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 28ක් තුල දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිමේ මැදපෙළ ස්ථාවර කිරීමට නායක Kendel Kadowaki Fleming සහ Ibrahim Takahashi හට හැකි වුනා. එය ජපන් ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවයයි.

පන්දු 15ක් තුල ලකුණු 21ක් ලබාගෙන සිටි නායක Flemingගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ඉක්මනින්ම තරගයට රැගෙන ඒමට ලක්ෂාන් ගමගේ සමත් වුනා. Marcus Thurgate සහ Reo Sakurano දෙදෙනාම නොදැවී ලකුණු 14* බැගින් ලබාගෙන නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක් ජපන් ඉනිම රැගෙන යාමට සමත් වීම ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට සුබ පණිවිඩයක්.

පන්දු යැවීමේ දී නායක ඩෙලෝන් පීරිස් සිය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 21කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා. ඊට අමතරව සිතුම් දිසානායක ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ දනාල් හේමානන්ද සහ ලක්ෂාන් ගමගේ යන වේගපන්දු යවන්නන් තිදෙනා එක කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 98ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 පළමු Powerplay අවස්ථාව තුල දවාගෙන ශ්‍රී ලංකා ආරම්භය අඩපණ කිරීමට දකුණතින් පිට දඟපන්දු යවන 24 හැවිරිදි Ibrahim Takahashi සමත් වුනා.

කෙසේ නමුත් එක් අන්තයක කඩුලු ඉක්මනින් බිඳ වැටෙමින් තිබුණු පසුබිමක ආරම්භක පිතිකරු දුනිත් ජයතුංග ජපන් සීත කාලගුණික තත්වයන් සහ නව පාරිසරික තත්වයන් යටතේ සෙමින් සීරුවේ ලකුණු 8ක් ලබාගෙන මුල් පෙළ ස්ථාවර කළා.

පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 50/5ක් ලෙස යම් අවදානම් මට්ටමක පසු වුනේ අතැතිව තිබුණු කඩුලු ප්‍රමාණය සීමිත වීම නිසයි. කෙසේ නමුත්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් රන්මිත් ජයසේන සමඟ පිටියේ එක්වූ නායක පීරිස් පන්දු 43ක් තුල නොදැවුණු ලකුණු 48*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

පන්දුවාර 15කුත් පන්දු 3ක් තුල ශ්‍රී ලංකාව සිය ලකුණු 98 ඉලක්කය හඹා ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ජයසේන පන්දු 26ක් තුල එක් 6 පහරක් පමණක් එල්ල කරමින් නොදැවී ලකුණු 25*ක් ලබා ගත්තා. අනෙක් අන්තයෙන් මේ තරගය පුරාවට කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ නායක පීරිස් පිතිකරණයෙන් නොදැවී ලකුණු 17*ක් ලබා ගත්තේ දවා ගත් කඩුලු 3ට අමතරවයි.

පන්දු යැවීමේ දී Ibrahim Takahashi ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් Ibrahim Takahashi ජපානය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනා. මේ තරගයේ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුපුන් නවරත්න සහ දිනේෂ් සඳරුවන් ද ජපන් ජාතික කණ්ඩායම වෙනුවෙන් මේ තරගයට ක්‍රීඩා කිරීම කැපී පෙනුණා.

  • ජපානය – 97/6 (20): Kendel Kadowaki Fleming 21, Reo Sakurano 14*, Marcus Thurgate 14*, ඩෙලෝන් පීරිස් 3/21
  • ශ්‍රී ලංකාව – 98/5 (16.3): රන්මිත් ජයසේන 25*, ඩෙලෝන් පීරිස් 17*, Ibrahim Takahashi 3/17.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරගය හෙට (11) මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිත අතර එහි සජීව විකාශය ද ජපන් ක්‍රිකට් ආයතනය හරහා ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once