Home Sinhala තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන සංචාරය 2023

827

ශ්‍රී ලංකාව නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ජපාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව අද (13) සමත් වුනා.

ඒ අනුව 3-0ක් ලෙස තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව Sano ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව මේ තරගය සඳහා අවතීර්ණ වුනේ දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින්. ඒ අනුව, සිතර හපුහින්න, දුනිත් ජයතුංග සහ ලක්ෂාන් ගමගේ යන ක්‍රීඩකයින් වෙනුවට යොහාන් ලියනගේ, හිරන්ත ජයසිංහ සහ සිතුම් දිසානායක යන ක්‍රීඩකයින් මේ තරගයට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම:

  • Sri Lanka Emerging playing XI – Yohan Liyanage, Hirantha Jayasingh, Shehan Fernando (WK), Sahil Dias, Sakuna Liyanage, Ranmith Jayasena, Dellon Peiris (C), Harshana Wickramasinghe, Danal Hemananda, Imthiyas Slaza, Sithum Disanayaka
  • Japan playing XI – Supun Nawarathna (WK), Kendel Kadowaki Fleming, Ibrahim Takahashi, Sabaorish Ravichandran, Alex Patmore, Wataru Miyauchi, Shogo Kimura, Makoto TaniyamaKohei Kubota, Dinesh Sandaruwan, Ryan Drake

ජපාන නවක ආරම්භක පිතිකරණ සබඳතාවය අනෙක් තරග දෙකට සාපේක්ෂව යම් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ අතර එහි දී Supun Nawarathna සහ නායක Kendel Kadowaki Fleming ලකුණු 24ක සබඳතාවයක් ගොඩනැංවූවා.

නවරත්නගේ දැවී යාමට පසුව තරගාවලිය පුරාවට ජපන් අනෙක් පිතිකරුවන්ට සාපේක්ෂව සාර්ථක වුනු Fleming පන්දු 29ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් සිය පිතිකරණ ස්ථානයේ උසස් වීම මනාව ප්‍රයෝජනය ගත්තේ ලකුණු 43ක් ලබා ගෙනයි.

කෙසේ නමුත් ඩෙලෝන් පීරිස්ගේ පන්දුවක් හමුවේ හර්ෂණ වික්‍රමසිංහ රැකගත් උඩපන්දුව නිසා Flemingගේ ඉනිම අර්ධ ශතකයකට මෙපිටින් නැවතුණා. පන්දුවාර 10කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 64ක් ලබාගෙන සිටි ජපන් කණ්ඩායමට සිය අවසන් පන්දු 56 තුල කඩුලු 6ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 34ක් පමණයි.

එහි දී හර්ෂණ වික්‍රමසිංහ ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිමින් සිය පන්දුවාර 4 අවසන් කරන විට නායක පීරිස් සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 23කට කඩුලු 2ක් දවාගෙනයි. ඊට අමතරව දැවී ගිය ජපන් කඩුලු 9න් කඩුලු 3ක් දුවද්දී දැවී යාම් වීම කැපී පෙනුණා.

ජපානය ලබා ගත් ලකුණු 97ට එරෙහිව පිළිතුරු ලබා දීම ආරම්භ කළ ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 14ක් වැනි අවම මට්ටමක් තුල දවා ගන්නට පන්දුවාර 3කුත් පන්දු 5ක් යොමු කළ ජපන් ක්‍රීඩකයින් සමත් වුනා.

කෙසේ නමුත් අංක 3 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ ශෙහාන් ප්‍රනාන්දු සහ අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළ සකුණ ලියනගේ යන කඩුලු රකින පිතිකරුවන් පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 26ක් ලබාගෙන ශ්‍රී ලංකා මැදපෙළ ස්ථාවර කළා. ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැංවූ සබඳතාවය ලකුණු 43ක්.

අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක පීරිස් සහ රන්මිත් ජයසේන ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ළඟා කළ අතර පන්දු 21ක් තුල ලකුණු 21*ක් ලබා ගත් පීරිස් ශ්‍රී ලංකා ජය තහවුරු වෙන තෙක් කඩුල්ලේ රැඳී සිටියා. අවසානයේ දී පන්දුවාර 17කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 101ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

තරගාවලියේ සිව්වැනි විස්සයි විස්ස තරගය හෙට (14) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි සජීව තරග විකාශය ද ජපන් ක්‍රිකට් ආයතනය හරහා ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Japan
97/9 (20)

Sri Lanka Emerging Team
101/6 (17.3)

Batsmen R B 4s 6s SR
Supun Nawarathna c Imthiyas Slaza b Harshana Wickramasinghe 14 25 2 0 56.00
Kendel Kadowaki Fleming c Harshana Wickramasinghe b Dellon Peiris 43 29 5 2 148.28
Ibrahim Takahashi run out (Sahil Dias) 2 7 0 0 28.57
Sabaorish Ravichandran lbw b Dellon Peiris 11 12 0 1 91.67
Alex Patmore run out (Sakuna Liyanage) 3 7 0 0 42.86
Wataru Miyauchi b Danal Hemananda 1 3 0 0 33.33
Shogo Kimura c Danal Hemananda b Sithum Disanayaka 6 12 0 0 50.00
Makoto Taniyama b Harshana Wickramasinghe 0 2 0 0 0.00
Kohei Kubota run out (Danal Hemananda) 2 8 0 0 25.00
Dinesh Sandaruwan not out 9 12 1 0 75.00
Ryan Drake not out 0 3 0 0 0.00


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 97/9 (20 Overs, RR: 4.85)
Fall of Wickets 1-24 (6.1) Supun Nawarathna, 2-41 (8.5) Ibrahim Takahashi, 3-63 (10.4) Kendel Kadowaki Fleming, 4-76 (12.5) Sabaorish Ravichandran, 5-77 (13.2) Wataru Miyauchi, 6-83 (14.5) Alex Patmore, 7-84 (15.2) Makoto Taniyama, 8-87 (17.2) Shogo Kimura, 9-91 (18.1) Kohei Kubota,

Bowling O M R W Econ
Danal Hemananda 4 0 13 1 3.25
Harshana Wickramasinghe 4 0 15 2 3.75
Sithum Disanayaka 4 0 15 1 3.75
Dellon Peiris 4 0 23 2 5.75
Imthiyas Slaza 4 0 29 0 7.25


Batsmen R B 4s 6s SR
Yohan Liyanage b Dinesh Sandaruwan 4 12 0 0 33.33
Sahil Dias c Makoto Taniyama b Kohei Kubota 0 1 0 0 0.00
Shehan Fernando run out (Alex Patmore) 24 28 0 0 85.71
Hirantha Jayasinghe lbw b Ryan Drake 1 3 0 0 33.33
Sakuna Liyanage c Alex Patmore b Kohei Kubota 26 27 1 0 96.30
Dellon Peiris not out 21 21 1 0 100.00
Ranmith Jayasena c Sabaorish Ravichandran b Wataru Miyauchi 12 12 1 0 100.00
Imthiyas Slaza not out 4 2 1 0 200.00


Extras 9 (b 0 , lb 3 , nb 1, w 5, pen 0)
Total 101/6 (17.3 Overs, RR: 5.77)
Fall of Wickets 1-2 (1.1) Sahil Dias, 2-10 (2.6) Yohan Liyanage, 3-14 (3.5) Hirantha Jayasinghe, 4-57 (11.1) Shehan Fernando, 5-63 (12.2) Sakuna Liyanage, 6-97 (17.1) Ranmith Jayasena,

Bowling O M R W Econ
Ibrahim Takahashi 3 0 13 0 4.33
Kohei Kubota 3 0 18 2 6.00
Dinesh Sandaruwan 3 0 15 1 5.00
Ryan Drake 3 0 15 1 5.00
Makoto Taniyama 2 0 15 0 7.50
Sabaorish Ravichandran 3 0 18 0 6.00
Wataru Miyauchi 0.3 0 4 1 13.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<