Home Sinhala ඉම්තියාස් ස්ලාසාගේ තුන් ඉරියව් දස්කම් නිසා ජය ශ්‍රී ලංකාවට

ඉම්තියාස් ස්ලාසාගේ තුන් ඉරියව් දස්කම් නිසා ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන සංචාරය 2023

215
Sri Lanka Emerging Tour of Japan 2023

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ජපානය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 68ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (11) සමත් වුනා.

ඒ අනුව තරගාවලිය තුල 2-0ක් ලෙස තවදුරටත් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි.  කාසියේ වාසිය දිනා ගත් ජපානය Sano ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම:

  • Sri Lanka Emerging playing XI – Sithara Hapuhinna (WK), Dunith Jayatunga, Shehan Fernando, Sahil Dias, Sakuna Liyanage, Ranmith Jayasena, Dellon Peiris (C), Harshana Wickramasinghe, Danal Hemananda, Imthiyas Slaza, Lakshan Gamage
  • Japan playing XI – Lachlan Lake, Shogo Kimura, Kendel Kadowaki Fleming (C), Ibrahim Takahashi, Wataru Miyauchi (WK), Tsuyoshi Takada, Souta Wada, Reo Sakurano, Muneeb Siddique, Piyush Kumbhare, Kento Ota-Dobell

එහි දී ශ්‍රී ලංකාව ජයග්‍රාහී කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමින් සිතුම් ප්‍රනාන්දු වෙනුවට හර්ෂණ වික්‍රමසිංහ කැඳවා තිබූ අතර, ජපානය වෙනස්කම් 6 සිදු කරමින් Koji Hardgrave-Abe, Makoto Taniyama, Supun Nawarathna, Marcus Thurgate, Dinesh Sandaruwan සහ Ryan Drake වෙනුවට Shogo Kimura, Souta Wada, Muneeb Siddique, Kento Ota-Dobell, Tsuyoshi Takada සහ Wataru Miyauchi යන ක්‍රීඩකයින් මේ තරගය සඳහා කැඳවා තිබුණා.

පළමු තරගයේ දී මෙන් මේ තරගයේ දී ද ශ්‍රී ලංකා ආරම්භය අසාර්ථක වුනු අතර ජයතුංග සහ හපුහින්න දැවී ගිය පසුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැංවීමට ශෙහාන් ප්‍රනාන්දු සහ සාහිල් ඩයස් සමත් වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරුවෙක් වන ප්‍රනාන්දු 4 පහරක් සමඟ පන්දු 33කදී ලකුණු 30ක් ලබා ගන්නා විට, ඩයස් පන්දු 24ක් තුල ලකුණු 22ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 2කින් වර්ණවත් වුනා.

පන්දුවාර 10කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 58කට කඩුලු 4ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබිය දී, පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා ගනිමින් අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනු ඉම්තියාස් ස්ලාසා අනෙක් පිතිකරුවන්ට සාපේක්ෂව තරමක වේගවත් ඉනිමක් දියත් කළා.

එහි දී ඔහු පන්දු 24ක් තුල ලකුණු 27ක් ලබා ගත්තේ 4 පහර 3ක් එල්ල කරමින්. ලක්ෂාන් ගමගේ ලකුණු 13යි. ඒ අනුව ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන 23 හැවිරිදි Reo Sakurano සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි කඩුලු 4 අවස්ථාව සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නා. ඊට අමතරව Piyush Kumbhare කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 126ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ජපන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 23ක් තුල දවා ගනිමින් පන්දුවාර 7කුත් පන්දු 3ක් තුල ඔවුන්ට විශාල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 20ක සබඳතාවයක් ගොඩනැංවූ Tsuyoshi Takada සහ Wataru Miyauchi ජපන් ලකුණු සටහන ක්‍රමයෙන් වර්ධනය කිරීමට උත්සහ කළා. එය සාර්ථක සහ ඵලදායි අවසානයක් කර රැගෙන යන්නට ඔවුන් දෙදෙනා හට නොහැකි වුනේ ලක්ෂාන් ගමගේ Takada වෙත යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.

කෙසේ නමුත් එය මේ තරගය තුල ජපන් ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවය බවට පරිවර්තන වුනු අතර අනෙක් සබඳතාවයන් ඉක්මනින්ම බිඳ දැමීමට දකුණතින් පිට දඟපන්දු යවන ස්ලසා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසානයේ දී ජපන් ඉනිම සිය නියමිත පන්දුවාර 20 ක්‍රීඩා කිරීමට තවත් පන්දුවාර 4ක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ කඩුලු සියල්ලම දවාගන්නට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟම ලකුණු 68ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.

  • ශ්‍රී ලංකාව – 125/8 (20): ශෙහාන් ප්‍රනාන්දු 30, ඉම්තියාස් ස්ලාසා 27, Reo Sakurano 4/25, Piyush Kumbhare 2/22
  • ජපානය – 57/8 (16): Souta Wada 11, Wataru Miyauchi 10, ඉම්තියාස් ස්ලසා 3/05, ලක්ෂාන් ගමගේ 2/06, හර්ෂණ වික්‍රමසිංහ 2/09

තරගයේ වීරයා – ඉම්තියාස් ස්ලාසා

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (13) මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිත අතර එහි සජීව විකාශය ද ජපන් ක්‍රිකට් ආයතනය හරහා ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Japan
57/10 (16)

Sri Lanka Emerging Team
125/8 (20)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna run out () 0 1 0 0 0.00
Dunith Jayatunga c Shogo Kimura b Reo Sakurano 2 4 0 0 50.00
Shehan Fernando lbw b Ibrahim Takahashi 30 33 1 0 90.91
Sahil Dias c Shogo Kimura b Reo Sakurano 22 24 2 0 91.67
Sakuna Liyanage b Piyush Kumbhare 8 7 1 0 114.29
Imthiyas Slaza c & b Reo Sakurano 27 24 3 0 112.50
Ranmith Jayasena lbw b Piyush Kumbhare 10 11 1 0 90.91
Lakshan Gamage b Reo Sakurano 13 13 2 0 100.00
Dellon Peiris not out 5 3 1 0 166.67


Extras 8 (b 1 , lb 1 , nb 0, w 6, pen 0)
Total 125/8 (20 Overs, RR: 6.25)
Bowling O M R W Econ
Ibrahim Takahashi 4 0 22 1 5.50
Reo Sakurano 4 0 25 4 6.25
Kento Ota-Dobell 3 0 23 0 7.67
Piyush Kumbhare 4 0 22 2 5.50
Muneeb Siddique 4 0 24 0 6.00
Kendel Kadowaki Fleming 1 0 7 0 7.00


Batsmen R B 4s 6s SR
Lachlan Lake c & b Dellon Peiris 2 7 0 0 28.57
Shogo Kimura c Ranmith Jayasena b Imthiyas Slaza 1 6 0 0 16.67
Kendel Kadowaki Fleming c Sithara Hapuhinna b Dellon Peiris 4 9 0 0 44.44
Ibrahim Takahashi b Lakshan Gamage 1 6 0 0 16.67
Wataru Miyauchi b Harshana Wickramasinghe 10 33 0 0 30.30
Tsuyoshi Takada b Lakshan Gamage 3 6 0 0 50.00
Souta Wada run out () 11 13 1 0 84.62
Reo Sakurano b Harshana Wickramasinghe 0 1 0 0 0.00
Muneeb Siddique c Sithara Hapuhinna b Imthiyas Slaza 5 8 0 0 62.50
Piyush Kumbhare not out 5 5 1 0 100.00
Kento Ota-Dobell b Imthiyas Slaza 0 2 0 0 0.00


Extras 15 (b 0 , lb 9 , nb 0, w 6, pen 0)
Total 57/10 (16 Overs, RR: 3.56)
Bowling O M R W Econ
Danal Hemananda 4 0 10 0 2.50
Dellon Peiris 3 0 11 2 3.67
Imthiyas Slaza 3 0 5 3 1.67
Lakshan Gamage 2 0 6 2 3.00
Harshana Wickramasinghe 3 0 9 2 3.00
Sahil Dias 1 0 7 0 7.00