දිමුත් – අදීෂ – රමිත් සහ මහේල ශතක රැස් කරති

432

තරගාවලියේ අවසානය කරා යද්දී වඩාත් තරගකාරීත්වයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 11ක් ඊයේ (16) පැවති අතර ඉන් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

මාලිංගගේ පන්දුවෙන් කොළඹට අලාභ හානී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පසුගිය

බදුරලිය ක්‍රිකට් සමාජය සමඟ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් සත්කාරක ක්‍රීඩකයින්ට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි විය. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලිසුල ලක්ෂාන් ශතකයක් ලබා ගන්නා ලදි.

මේ අතර පැවති අනෙකුත් තරගවල දී එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන දිමුත් කරුණාරත්න, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය නියෝජනය කරන අදීෂ නානායක්කාර, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය නියෝජනය කරන රමිත් රඹුක්වැල්ල සහ එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන මහේල උඩවත්ත ශතක ලබා ගනිමින් පිතිකරුවන් සේ දවසේ කැපී පෙණුනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සොහාන් රංගික (5/23) පානදුර ක්‍රීඩා සමාජයේ දුලාංජන සෙනෙවිරත්න (5/64) සහ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කරන කල්හාන් සිනෙත් (5/43) සුවිශේෂී දක්ෂතා දක්වමින් කඩුලු ලබා ගත්  හ.

බී. ආර්. සී. පිටිය

බදුරලිය ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 216 (50.0) පැතුම් නිශ්ශංක 50, නදීර නාවල 44, අලංකාර අසංක සිල්වා නොදැවී 33, සාරංග රාජගුරු 31, ඩිල්හාන් කුරේ 29, හිමේෂ් රාමනායක 3/52, චාමිකර එදිරිසිංහ 2/38, සුරාජ් රන්දිව් 2/44

බී. ආර්. සී; කඩුලු 3ක් දැවී 217 (37.1) ලිසුල ලක්ෂාන් 107, ලසිත් ලක්ෂාන් 42, දේශාන් ඩයස් 35, සාරංග රාජගුරු 2/37

බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි විණි.

පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික


කටුනායක ගුවන් හමුදා පිටිය

සී. සී. සී; සියලුම දෙනා දැවී 176 (45.3) වනිඳු හසරංග 53, මාධව වර්ණපුර 46, ඩිල්ශාන් මුණවීර 28, සොහාන් රංගික 5/23, බුද්ධික සඳරුවන් 3/30

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 180 (41.4) සොහාන් රංගික 41, රංග දිසානායක 34, දිලිප් තාරක 30, වනිඳු හසරංග 3/21, ලක්ෂාන් සඳකැන් 3/45

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට කඩුල්ලක ජයග්‍රහණයක් හිමි විණි.


කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 270 (50.0) කසුන් විදුර 77, සචිත්‍ර සේරසිංහ 67, තීක්ෂිල ද සිල්වා 33, රෝහිත් දමෝරන් 24, නුවන් ලියනපතිරණ 2/24, අජන්ත මෙන්ඩිස් 2/44

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම; සියලුම දෙනා දැවී 190 (38.1) ලක්ෂිත මධුශාන් 38, අජන්ත මෙන්ඩිස් 36, සිකුගේ ප්‍රසන්න 27, අශාන් රන්දික 25, ජනිත සිල්වා 24, අසිත ප්‍රනාන්දු 4/14, ඩිල්ශාන් ගුණවර්ධන 2/37, රායිපි ගෝමස් 2/41

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 80ක ජයග්‍රහණයක් හිමි විණි.


පානදුර ක්‍රීඩා පිටියේ දී

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 213 (50.0) විනෝද් පෙරේරා 55, තරිඳු මධුරංග 37, ගේෂාන් විමලධර්ඹ 26, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 20, රමේෂ් නිමන්ත 2/29

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; සියලුම දෙනා දැවී 191 (43.3) ගිහාන් රණසිංහ 54, යොහාන් ද සිල්වා 48, අනුක් ද අල්විස් 29, ප්‍රසාන් වික්‍රමසිංහ 20, දුලාංජන සෙනෙවිරත්න 5/64, අරවින්ද ප්‍රේමරත්න 3/27, විනෝද් පෙරේරා 2/32

පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 22ක ජයග්‍රහණයක් හිමි විණි.


මුවර්ස් පිටියේ දී

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 220 (50.0) ඉරෝෂ් සමරසිංහ 68, තිලක්ෂ සමරසිංහ 51, චරිත කුමාරසිංහ 22, කෝසල කුලසේකර 21, රොෂාන් ජයතිස්ස 3/38, ඇන්ඩි සොලමන්ස් 2/44, සාලිය සමන් 2/50

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 221 (46.0) ගමිඳු කනිශ්ක 61, රවිඳු ගුණසේකර 52, අශේන බණ්ඩාර 46, හර්ෂ කුරේ 29, සජීව වීරකෝන් 2/38

සැරසන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයග්‍රහණයක්


වෙලගෙදර ක්‍රීඩාංගණය

එස්. එස්. සී; සියලුම දෙනා දැවී 275 (40.5) දිමුත් කරුණාරත්න 132, ධම්මික ප්‍රසාද් 50, චාමර කපුගෙදර 27, කල්හාන් සිනෙත් 5/43, කේශාන් විජේරත්න 2/64

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 133 (31.4) චරිත් මෙන්ඩිස් 53, ධනුශ්ක ධර්මසිරි 32, චරිත් අසලංක 3/12, සචිත්‍ර සේනානායක 3/38, ජෙෆ්රි වැන්ඩර්සේ 2/64

එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 142ක ජයග්‍රහණයක් හිමි විය.


වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටිය

කළුතර ටවුන් ක්ලබ්; සියලුම දෙනා දැවී 193 (50.0) දේවින්ද පත්මනාතන් 46, එම්. නිමේෂ් 32, ක්‍රිශේන් අපෝන්සු 23, එරංග රත්නායක 22, නුවන් සම්පත් 4/32, කුසල් එදිසූරිය 2/23

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; කඩුලු 5ක් දැවී 197 ( 47.5) කුසල් එදිසූරිය 71, තරුෂ ඉද්දමල්ගොඩ 58, ඉෂාන් අබේසේකර නොදැවී 32, ලක්ෂාන් ජයසිංහ 2/33, මතීෂ පෙරේරා 2/41

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි විණි.


බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 260 (50.0) අදීෂ නානායක්කාර 131, නිපුන් කරුණානායක 29, ටිරාන් ධනපාල 21, ඉෂාන් ජයරත්න 3/60, උදාර ජයසුන්දර 2/47

රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (48.4) ලහිරු මිලන්ත 56, සමින්ද ප්‍රනාන්දු 51, රොශේන් සිල්වා 44, සමීර දි සිල්වා 36, ලහිරු තිරිමාන්න 26, ධනෝෂ් රනෝදිත් 2/33, කසුන් රාජිත 2/53

 බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට ලකුණු 12ක ජයග්‍රහණයක් හිමි විණි.

චමල්ක රන් සටනේ ශතකය මඟ හැර ගනී

මොරටු පුරවරය රනින් බැබළෙන මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර


කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණය

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 156 (46.3) දිලශ්‍රී ලොකුබණ්ඩාර 42, රවින්ද්‍ර කරුණාරත්න 24, සඳුන් ඩයස් 23, ප්‍රමෝද් මධුශාන් 3/26, දිනුක් වික්‍රමනායක 3/28, දුලාංජන මෙන්ඩිස් 2/23

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 159 (20.1) රමිත් රඹුක්වැල්ල 102, තරංග පරණවිතාන 25

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි විණි.


එන්. සී. සී. ක්‍රීඩාංගණය

එන්. සී. සී; කඩුලු 8ක් දැවී 291 (50.0) මහේල උඩවත්ත 109, ඇන්ජලෝ පෙරේරා 83, ලහිරු උදාර 44, සඳුන් වීරක්කොඩි 23, මහේෂ් ප්‍රියදර්ශන 4/64, බුද්ධික සංජීව 3/49

පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 111 (23.4) සචිත ජයතිලක 36, මහේෂ් ප්‍රියදර්ශන 35, ලහිරු කුමාර 4/24, තිරිඳු කෞෂාල් 2/05, ලසිත් ඇඹුල්දෙණිය 2/17, නුවන් කරුණාරත්න 2/30

එන්. සී. සී ට ලකුණු 180ක ජයග්‍රණයක් හිමි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<