මාලිංගගේ පන්දුවෙන් කොළඹට අලාභ හානී

999
Sri Lanka Domestic cricket March

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර එහි තවත් තරග කිහිපයක්ම අද (14) ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.  

පැවති තරගවලින් එන්. සී. සී, කෝල්ට්ස්, කොළඹ ක්‍රිකට් සමාජය, රාගම, මුවර්ස්, කළුතර, සැරසන්ස්, බී. ආර්. සී, බ්ලූම්ෆීල්ඩ්, පොලිස් ක්‍රීඩා සමාජය හා හලාවත ක්‍රිකට් සමාජය ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

තරංගගේ සුපිරි ශතකයෙන් ටැමිල් යූනියන්ට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ සීමිත පන්දුවාර තරගවලියේ ඊයේ (12) පැවති තරගවලින් රාගම ක්‍රීඩා…

කෝල්ට්ස් කණ්ඩායම හා ගාලු ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී ප්‍රියමාල් පෙරේරා සුපිරි ශතකයක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු හා සංගීත් කුරේ අර්ධ ශතක ලබාගෙන කෝල්ට්ස් ඉනිම සවිමත් කළේය. කෝල්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දකුණතින් මඳ වේගපන්දු යවන නුවන් කුලසේකර කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පනාගොඩ යුද හමුදා පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් කණ්ඩායමේ ඇරයුමින් පිටියට පිවිසි කුරුණෑගල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් ලබා ගත්තේය. ලකුණු 251ක ඉලක්කයක් හඹා ගිය සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ තානුක දාබරේ පන්දු 93ක් තුළ වේගවත් ලකුණු 123ක් ලබා ගත්තේ 4 පහර 11ක් හා 6 පහර 4ක් සිය ලකුණු ගිණුමට බැර කර ගනිමිනි.

රාගම හා ටැමිල් යූනියන් තරගයේ දී දෙපිළම කරට කර සටනක නිරත වූ අතර ටැමිල් යූනියන් කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කිරීම වෙනුවෙන් තරංග පරණවිතාන ලකුණු 72ක් ලබාගෙන ලකුණු අතරට පිවිසියේය. ලකුණු 261ක ඉලක්කය හඹා ගිය රාගම කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලහිරු මිලන්ත ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

එසේම අද දිනය තුළ පැවැත්වූ තරගවල දී නුවන් කුලසේකර, කෝසල කුලසේකර, තිලකරත්න සම්පත්, අසිත ප්‍රනාන්දු, දිලීප් තාරක හා මහේෂ් ප්‍රියදර්ශන කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා ගාලු ක්‍රිකට් සමාජය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 300/7 (50): ප්‍රියමාල් පෙරේරා 102*, අවිශ්ක ප්‍රනාන්දු 74, සංගීත් කුරේ 72, ගයාන් සිරිසෝම 3/60, හරීන් වීරසිංහ 2/54.

ගාලු ක්‍රිකට් සමාජය – 164 (42.5): හර්ෂ රාජපක්ෂ 69, අරුන් ධර්මසේන 37, නුවන් කුලසේකර 4/07, මහේෂ් තීක්ෂණ 3/37.

තරග ප්‍රතිඵලය – කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 136ක ජයක්

ත්‍රිත්ව – අන්තෝනි කඳුරට නිල් මහා සටනට සියල්ල සූදානමින්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වන…


කොළඹ ක්‍රිකට් සමාජය හා එන්. සී. සී ක්‍රිකට් සමාජය

කොළඹ – 181 (46.1): කවීන් බණ්ඩාර 77, ලසිත් අබේරත්න 28, ලසිත් මාලිංග 4/17, චතුරංග ද සිල්වා 2/43, ලහිරු කුමාර 2/48.

එන්. සී. සී – 183/3 (26): මහේල උඩවත්ත 53*, ඇන්ජලෝ පෙරේරා 51*, සඳුන් වීරක්කොඩි 50.

තරග ප්‍රතිඵලය – එන්. සී. සී කණ්ඩායමට කඩුලු 7ක ජයක්


මීගමුව ක්‍රිකට් සමාජය හා කළුතර නගර සමාජය

මීගමුව – 196/8 (50): ලසිත් කෘෘස්පුල්ලේ 59, සඳුන් ඩයස් 41, තරිඳු වීරසිංහ 40, මතීෂ පෙරේරා 3/27, එම්. නිමේෂ් 2/24.

කළුතර – 199/6 (42): ගීත් පෙරේරා 65, සුරේෂ් නිරෝෂන් 59, මතීෂ පෙරේරා 20, රොශේන් ප්‍රනාන්දු 3/40.

තරග ප්‍රතිඵලය – කළුතරට කඩුලු 4ක් ජයක්


මුවර්ස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

මුවර්ස් – 275/8 (50): තිලක්ෂ සුමනසිරි 56, අදීශ තිලංචන 51, චාමර සිල්වා 47, විනෝද් පෙරේරා 4/56, අනුත්තර මාධව 3/68 .

පානදුර – 82 (31.3): කෝසල කුලසේකර 4/24, එච්. ආර්. සී. ඩිල්ශාන් 3/31.

තරග ප්‍රතිඵලය – මුවර්ස් කණ්ඩායමට ලකුණු 193ක ජයක්


කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය

කුරුණෑගල – 250/9 (50): සාරින්ද දිසානායක 47, කේශාන් විජේරත්න 36*, චරිත් මෙන්ඩිස් 30, ධනුෂ්ක ධර්මසිරි 27, ප්‍රමෝද් මදුවන්ත 2/31, සාලිය සමන් 2/57.

සැරසන්ස් – 251/4 (38.3): තානුක දාබරේ  123, ගමිඳු කනිශ්ක 56, රුවිඳු ගුණසේකර 28.

තරග ප්‍රතිඵලය – සැරසන්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්


බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය

නාවික හමුදාව – 92 (23.1): සවින් ගුණසේකර 20*, මලිත් ද  සිල්වා 4/20, ඉම්රාන් කාන් 4/26

බ්ලූම්ෆීල්ඩ් – 96/1 (17): අදීශ නානායක්කාර 51, නිසල් ෆැන්සිස්කෝ 34*

තරග ප්‍රතිඵලය – බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට කඩුලු 9ක ජයක්


හලාවත ක්‍රිකට් සමාජය හා ලන්කන් ක්‍රිකට් සමාජය

හලාවත – 255/9 (50): ඕශද ප්‍රනාන්දු 52, සචිත්‍ර සේරසිංහ 47, තික්ෂිල ද සිල්වා 46, ශෙහාන් ජයසූරිය 39, නවීන් කවිකාර 3/37, චානක රුවන්සිරි 2/38, රජීව වීරසිංහ 2/52

ලන්කන් – 201 (45.1): යශාන් සමරසිංහ 63, ශසීන් ප්‍රනාන්දු 29, රජීව වීරසිංහ 28, අසිත ප්‍රනාන්දු  4/39, ශෙහාන් ජයසූරිය 3/30.

තරග ප්‍රතිඵලය – හලාවත ක්‍රිකට් සමාජයට ලකුණු 54ක ජයක්


රාගම ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන්

ටැමිල් යූනියන් – 260/7 (42): තරංග පරණවිතාන 72, කිත්රුවන් විතානගේ 61, සිතිර ගිම්හාන් 29, ඉශාන් ජයරත්න 2/21.

රාගම – 261/4 (40): ලහිරු මිලන්ත 112, රොශේන් සිල්වා 68, සමීර ද සොයිසා 30*, ලහිරු තිරිමාන්න 29.

තරග ප්‍රතිඵලය – රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්

හැටහය වැනි මොරටු – සුමංගල මහා ක්‍රිකට් සටන ලබන 16 වැනිදා

මොරටුව මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන මොරටු මහා ක්‍රිකට් සටන …


එස්. එස්. සී හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය

එස්. එස්. සී – 235 (49.1): දිමුත් කරුණාරත්න 64, චාමර කපුගෙදර 60, ඩිලාන් ජයලත් 28, චානක කොමසාරු 4/33, මදුක ලියනපතිරණගේ 2/45.

ශ්‍රී ලංකා වරාය – 161/9 (50): රමේශ් නිමන්ත 33, සචිත්‍ර සේනානායක 3/17, චරිත් අසලංක 2/07, ධම්මික ප්‍රසාද් 2/25.

තරග ප්‍රතිඵලය – එස්. එස්. සී කණ්ඩායමට ලකුණු 74ක ජයක්


බී. ආර්. සී හා ගුවන් හමුදාව

බී. ආර්. සී – 168 (41): දේශාන් ඩයස් 38, ශසීන් දිල්රංග  27, දිලීප් තාරක 4/31, ජානක පීරිස් 2/33.

ගුවන් හමුදාව – 127 (34.1): එස්. එල් ප්‍රනාන්දු 39, දුලාශ් උදයංග 24, තිලකරත්න සම්පත්  4/12, හිමේෂ් රාමනායක 2/19, සුරාජ් රන්දිව් 2/21

තරග ප්‍රතිඵලය – බී. ආර්. සී කණ්ඩායමට ලකුණු 41ක ජයක්


පොලිස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය

පොලිස් – 224 (49.5): සිරිමන්ත විජේරත්න 54, සචිත ජයතිලක 41, නිමන්ත කුමාර 35, සමිත් දුශ්ශන්ත 24, සාරංග රාජගුරු 5/50, යොමේශ් රාජසිංහ 2/27.

බදුරලිය – 192 (47.5): නදීර නාවල 44, ඩිල්ශාන් කුරේ  40, නිමන්ද මදුසංක 32, ශිරාන් රත්නායක 23, මහේෂ් ප්‍රියදර්ශන 4/45, නිමේෂ් විමුක්ති 3/34, බුද්ධික සංජීව 2/24.

තරග ප්‍රතිඵලය –  පොලිස් කණ්ඩායමට ලකුණු 32ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<