නිලක්ෂි – ඉනෝකා 1 වූ කාන්තා සුපර් 4 තරගාවලිය

222

තරග 7කින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ කාන්තා සුපර් 4 එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ Red කණ්ඩායම ජයග්‍රහණය දිනා ගනිමින්.

කණ්ඩායම් 4ක් සහභාගී වූ මෙම තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේ Greys කණ්ඩායමයි.

තරගාවලිය නිමා වූ ආකාරය
Team 1 Team 2 Results
1 Greys Blues Blues කණ්ඩායමට ලකුණු 124ක ජයක්
2 Red Green Red කණ්ඩායමට ලකුණු 93ක ජයක්
3 Blues Green Green කණ්ඩායමට කඩුලු 8ක ජයක්
4 Red Greys Greys කණ්ඩායමට කඩුලු 3ක ජයක්
5 Blues Red Red කණ්ඩායමට කඩුලු 3ක ජයක්
6 Greys Green Greys කණ්ඩායමට ලකුණු 46ක ජයක්
අවසන් මහා තරගය
7 Red Greys Red කණ්ඩායමට ලකුණු 53ක ජයක්

 

Team Reds

නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ජයග්‍රාහී Reds තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ තරග 3කින් 2ක් ජයග්‍රහණය කරමින්. ඔවුන් පරාජය වන්නේ Greys කණ්ඩායමටයි.

ඒ කෙසේ වෙතත් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටත් සහ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් අතර පළමු ස්ථාන දෙක සතු කර ගැනීමටත් ඔවුන් සමත් වීම කැපී පෙනුණා.

නිලක්ෂි ද සිල්වා අවසන් මහා තරගය සමඟ තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 150ක් ලබා ගන්නවා. ඊට Green කණ්ඩායමට එරෙහිව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 110ක් ගන්නා අතර එය මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු සහ එක ම ශතකය ද වුනා.

ඊට අමතරව ප්‍රසාදනී වීරක්කොඩි තරග 4ක දී ලකුණු 146ක් ලබා ගත් අතර ඇයගේ හොඳම ඉනිම බවට පත් වූයේ, Bluesට එරෙහිව පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු73ක් ලබා ගැනීමයි. ඊට අමතරව සචිනි නිසංසලා ද තරගාවලියේදී ලකුනු 58ක් ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී තාරිකා සෙව්වන්දි කඩුලු 6ක් ලබා ගත් අතර, මල්ෂා ෂෙහානි සහ තාරුකා  ෂෙහානි කඩුලු 4 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස ලසන්ති මදුශානි ද පුහුණු උපදේශක ලෙස මලින්ද වර්ණපුර ද සහ කණ්ඩායම් කළමණාකාරිණිය ලෙස Rozanne Theile ද කටයුතු කළා.

Team Greys

අනුශූරතාව දිනා ගත් හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් Greys තම පළමු වටය අවසන් කළේ අපරාජිතව සිටිමින්. නමුත් ඔවුන්ට අවසන් තරගයේ දී සුපුරුදු රිද්මයට පිවිසීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් කණ්ඩායමේ පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතර හංසිමා කරුණාරත්න ඉදිරියෙන් ම පසුවෙනවා. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 123ක්. ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම ද ලකුණු 111ක් ලබා ගනිද්දී, කෞශිනි නුත්‍යංගනා ලකුණු 59ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් පන්දු යවන  ඉනෝකා රණවීර තරග 4ක ඉනිම් 4ක දී කඩුලු 11ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු වාර්තා කළ පන්දු යවන්නිය බවට පත් වූවා. ඇයගේ හොඳම පන්දු යැවීම වූයේ Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට දවාගත් කඩුලු 3යි.

ඇයට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 9ක් ලබා ගනිමින් තරගාවලියේ පන්දු යවන්නනියන් ලැයිස්තු ගත කිරීමේ දී සිවුවැනි ස්ථානයට පත් වූවා. Blues කණ්ඩායමට එරෙහි ව ලකුණු 13කට දවා ගත් කඩුලු 3 ඇයගේ හොඳම පන්දු යැවීමයි.

ඔවුන්ට අමතර ව කණ්ඩායම වෙනුවෙන් අචිනි කුලසූරිය ද කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. 

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසින් චාමිකා බණ්ඩාර කටයුතු කළ අතර රුමේෂ් රත්නායක පුහුණු උපදේශක ලෙසින් ද රන්දිකා ගල්හේනගේ කණ්ඩායම් කළමනාකාරිණිය ලෙසින් ද කටයුතු කළා.

Team Blues

සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් Blues ක්‍රීඩිකාවෝ තරගාවලියේ තමන්ට හිමි තරග 3ට සහභාගී වූ අතර එම තරග අතුරින් එක ම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ අමා කාංචනා. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 75ක්. ඊට අමතර ව ලිහිනි අප්සරා ලකුණු 56ක්, ලංකා මෙන්ඩිස් ලකුණු 50ක් සහ සත්‍යා සංදීපනී ලකුණු 50ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නායිකා සත්‍යා සංදීපනී කඩුලු 5ක් දවා ගනිමින් පළමුවැනියා වුනා. ඊට අමතරව හෂිනි ලියනගේ කඩුලු 4ක් සහ තරුසි රාජකරුණා කඩුලු 3ක් දවා ගත්තා.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස මෙලනි අබේසිංහ කටයුතු කළ අතර ලංකා ද සිල්වා පුහුණු උපදේශක ලෙස ද, ඉනෝකා ගලගෙදර කණ්ඩායම් කළමනාකාරිණිය ලෙස ද කටයුතු කළා.

Team Greens

කවීෂා දිල්හාරිගේ නායකත්වයෙන් යුත් Green ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියේ දී ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණයි.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 109ක් ලබා ගත් හෂිනි පෙරේරායි. ඇය Greysට එරෙහිව පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 50 ඇයගේ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.

ඊට අමතරව උදේශිකා ප්‍රබෝධනී ලකුණු 51ක් ලබා ගත් අතර පියුමි වත්සලා ලකුණු 40ක් ලබා ගනිමින් තම කණ්ඩායමට දායකත්වය දැක්වූවා.

කඩුලු ලබා ගැනීමේ දී නිමේෂා මධුශානි තරගාවලියේ තරග 3ක ඉනිම් 3ක දී පන්දු යවමින් කඩුලු 10ක් ලබා ගත්තා. ඇයගේ එකී දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර 2 වැනි අසුන හිමිකර ගැනීමට සමත් වූවා. ඇය Blues කණ්ඩායමට එරෙහිව පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 13කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා. 

ඇයට අමතර ව රශ්මි සිල්වා කඩුලු 7ක් සහ සුලේෂා සත්සරණි කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස හිරූකා ප්‍රනාන්දු ද පුහුණු උපදේශක ලෙස දිනුක් හෙට්ටිආරච්චි ද සහ දීපිකා සුබසිංහ කණ්ඩායම් කළමනාකාරිණිය ලෙසින් ද කටයුතු කළා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන්
Player Team Mat Inns NO Runs Best Ave 50 100
1 නිලක්ෂි ද සිල්වා Reds 4 4 2 150 110 75.00 0 1
2 ප්‍රසාදනී වීරක්කොඩි Reds 4 4 1 146 73 48.67 1 0
3 හංසිමා කරුණාරත්න Greys 4 3 1 123 55 61.5 1 0
4 හර්ෂිතා කරුණාරත්න Greys 4 3 0 111 78 37.00 1 0
5 හෂිනි පෙරේරා Greens 3 3 1 109 50 54.5 1 0

 

තරගාවලියේ එකම ශතකලාභිනිය ලෙසින් නිලක්ෂි ද සිල්වා පත් වෙද්දී, අනෙකුත් පිතිකාරිනියන් අතරින් Greys කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම (78) සහ හංසිමා කරුණාරත්න (50), Reds කණ්ඩායමේ ප්‍රසාදිනි වීරක්කොඩි (73), Blues කණ්ඩායමේ අමා කාංචනා (73*) සහ Green කණ්ඩායමේ හසිනි පෙරේරා (50) අර්ධ ශතක වාර්තා කරන්නියන්ගේ ලැයිස්තුවට එක් වුනා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනියන්
  Player Team Mat Inns Overs Runs Wkts Best
1 ඉනෝකා රණවීර Greys 4 4 37.4 97 11 3/17
2 නිමේෂා මදුශානි Greens 3 3 32.0 54 10 6/13
3 මල්ෂා ෂෙහානි  Reds 4 4 39.1 71 9 5/23
4 ඉනෝෂි ප්‍රනාන්දු Greys 4 4 38.0 75 9 3/13
5 තාරිකා සෙව්වන්දි Reds 4 4 30.0 88 8 4/13

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<