වසර දෙකකට පසුව වෙළඳසේවා රග්බි නැවතත්

50 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

269

ශ්‍රී ලංකා වෙළඳසේවා රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන “2022 වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය” එළඹෙන 23 සහ 24 දිනවල කොළඹ CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක් පමණ තරගාවලිය සංවිධානය කිරීමට නොහැකි වූ අතර 50 වැනි වතාවට පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වෙළඳසේවා රග්බි සම්මේලනය දැඩි කැපී වීමෙන් යුතුව සංවිධාන කටයුතු සිදු කරමින් පවතිනවා.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව අධික වීම නිසාවෙන් මින් පෙර තරගාවලිය දින 3ක් පුරාවට පැවති නමුත් රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කණ්ඩායම් 25ක් පමණක් සහභාගී කර ගනිමින් දින දෙකක් තුළ තරගාවලිය පවත්වා අවසන් කරන්නට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කුසලාන/ පලඟ අදියර වෙනුවෙන් දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිත අතර බඳුන/ පලිහ වෙනුවෙන් කණ්ඩායම් 18ක් සටන් කිරීමට නියමිතයි.

මෙවර තරගාවලිය තරමක් සුවිශේෂි මුහුණුවරක් ගන්නේ කාන්තා කණ්ඩායම් 3ක් සහභාගී කර ගනිමින් කාන්තා tag rugby තරගාවලියක් ද මීට සමගාමීව පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙන නිසාවෙනුයි.

තරගාවලියේ පළමු අදියර Round Robin ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව කණ්ඩායම් විවිධ කාණ්ඩවලට වෙන්කිරීම සිදු කරනු ඇත.

වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2022
කුසලාන/පලඟ  කාන්තා
JOHN KEELS HOLDINGS ‘A’ ATTUNE LANKA
DIALOG AXIATA ‘A’ CITIZEN DEV. BUSSINESS FINANCE
3DH INTERNATIONAL SAMPATH BANK
JOHN KEELS HOLDINGS ‘B’
බඳුන/ පලිහ Segment
A B
HELA APPAREL LOLC
ATTUNE LANKA PVT LTD SAMPATH BANK
NDB FAIRFIRST INSURANCE
DASA SOLUTIONS PVT LTD CEYLINCO ‘B’
MAS HOLDINGS
C D
GSS INTERNATIONAL CDB
BRANDIX CYELINCO ‘A’
DIALOG ‘B’ DFCC
MORESAND LTD HSBC
SOFTLOGIC

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com මෙවර තරගාවලියේ Digital සහකරු ලෙස කටයුතු කරන අතර 24 වැනිදා උදෑසන 8:20 සිට තරගාවලිය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ද ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<