ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ සංචාරයට සූදානම්

267

මැලේසියාවේ දී සුහද පුහුණු තරග සංචාරයක් සඳහා 39 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතයක් මේ මස 30 වැනිදා මැලේසියාව බලා පිටත් වීමට නියමිතයි. ඉන්පසුව මැයි මස අවසන් සතියේ දී චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලිය සඳහා ද ඔවුන් සහභාගී වීමට සුදානම් සිටියි.

>>ආසියානු රග්බි පිටිය ආක්‍රමණයට සැරසෙන ශ්‍රී ලංකා සංචිතය එළිදකි<<

අප්‍රේල් මස 10 වැනිදා පැවතී කොළඹ හා පිට පළාත් ක්‍රීඩකයින් අතර තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් 39 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගනු ලැබුණු අතර දිවයිනේ දැනට උද්ගත වී තිබෙන තත්වය හේතුවෙන් එම සංචිතයේ පුහුණු වීම් කටයුතු අඩාල වී ඇත. කෙසේ නමුත් ආසියානු රග්බි ශූරතාවලියට පෙර මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත මෙම සුහද තරග සංචාරය සඳහා කණ්ඩායම් කාර්ය මණ්ඩලය සහ පුහුණුකරුවන් ක්‍රීඩකයින් සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

මෙම සුහද තරග සංචාරයට සහභාගී වීමට ප්‍රථම 39 දෙනෙකුගෙන් සමන්විත වන මෙම සංචිතයෙන් හොඳම ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරිනුත් හොඳම ක්‍රීඩකයින් 23 දෙදෙනෙක් සහ අතිරේක ක්‍රීඩකයින් 3 දෙනෙකුගෙන් සමන්විත නිල සංචිතයක් ලබන මැයි මාසයේ චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලියට තෝරාගැනීමට අපේක්ෂාවෙන් පසුවේ.

>>මං තමයි මිනිහා කියලා හිතුවා, නමුත් මං මායාවකට අහුවුනා – විල්කින්සන්<<

නවසීලන්ත ජාතික මැට් ලී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර ඔහුට සහය වෙමින් ෆාසිල් මරීජා සමඟින් විරාජ් ප්‍රසන්න කණ්ඩායම සමඟින් එක්වී සිටියි. ශ්‍රී ලංකා නිල සංචිතය අප්‍රේල් මස 30 වැනිදා මැලේසියාව බලා පිටත්ව යන අතර මැයි 1 සිට 4 දක්වා දිනයන් වලදී සුහද තරගාවලිය පැවැත්වෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<