මහනුවර ප්‍රසිද්ධ පාසල් රග්බි කණ්ඩායමකට නව නායකයෙක්

1311

2018 වසරේ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ සවිමත් කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මිලාන් විරසිංහ 2019 තරග වාරය සඳහා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායකත්වයට පත්කර තිබේ.

බ්‍රැඩ්බි කිරුල සඳහා දින නියමවේ

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම හා ස්වර්ණමය තරගාවලියක් වන ….

පසුගිය වසරේ දී කිංග්ස්වුඩ් ඉදිරිපෙළට සවිය ගෙනා මිලාන් පසුගිය වසරේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දැක්වූ  දක්ෂතාවලට ප්‍රබල දායකත්වයක් ගෙනා ක්‍රීඩකයෙකි.

ප්‍රොප් හා හුකර් යන ස්ථාන දෙකේම ක්‍රීඩා කළ හැකි මිලාන් මෙවර කිංග්ස්වුඩ් පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහෙයවන්නේ වසර හතරක පළමු පෙළ අත්දැකීම් සමඟිනි. ඔහුගේ සහයට පසුගිය තරග වාරයේ දී ඉහළ දස්කම් දැක්වූ හිරුෂ සම්පත්, ආසිරි සෙනෙවිරත්න, දිනාල් ඒකනායක, මොහොමඩ් ශසාන් හා චතුර සොයියා වැනි ක්‍රීඩකයින් ද මෙවර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

පාසල් රග්බි ලීගයේ කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන “පාසල් රග්බි …

මිලාන් පසුගිය වසර අවසානයේ පැවැත්වුණු, කොළඹ නුවර කණ්ඩායම් සහභාගී වූ ThePapare.com, ‘Kandy Reds’ හා ‘Colombo Blues’ අතර වාර්ෂික රග්බි තරගාවලියේ දී මහනුවර කණ්ඩායම ද නියෝජනය කළේය. Driving Maul අවස්ථාවල සිට පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට රැගෙන යමින් ඔහු කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් පසුගිය වසරේ දී වැඩිම උත්සාහක දිනුම් ලාභින් අතර ද ඉහළින්ම සිටින්නට සමත් විය.

දිනේෂ් ගමගේගේ පුහුණුකාරීත්වයෙන් කන්ද උඩරටට රග්බි මහත්වරු අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත. අත්දැකීම බහුල කණ්ඩායමක් සමඟින් මෙවර තරගාවලියට පිවිසෙන ඔවුන්ට සිය පළමු තරගය ඉතා වැදගත් වනු ඇත. ඒ ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියෙකු වන වෙස්ලි විද්‍යාලය සමඟින් ඔවුන් L. E. Blaze කුසලානය සඳහා තරග වදින හෙයිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<