නිශාන්, දුශාන්, නුවනිඳු සහ රජීව් දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament 2023

311
SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (24) ක්‍රීඩාංගණ කිහිපයක දී පළමු දිනයට ක්‍රියාත්මක වූවා.

මේ අතර නිශාන් මධුශ්ක, දුශාන් හේමන්ත සහ නුවනිඳු ප්‍රනාන්දු දවසේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර පෙරමුණ ගත්තා. පන්දු යැවීමේ දී දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට වනුජ සහන් පත් වූ අතර රජීව් වීරසිංහ කඩුලු 300 සමාජයට එක් වෙමින් දවස නිමා කළා.

Ragama කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් ලබා ගනිද්දී BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟින් Panadura කණ්ඩායමට එරෙහිව ලකුණු 102ක් ලබා ගත්තා.

SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු ද පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 105ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන රජීව වීරසිංහ BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු පළමු පෙළ තරග 90ක දී තම කඩුලු 300 කඩඉම පසු කිරීමට සමත් වූවා.

මේ අතර දිනයේ අර්ධ ශතකලාභී පිතිකරුවන් ලෙසින් BRC කණ්ඩායමේ දුලාශ් උදංයග, Galle කණ්ඩායමේ ඕෂඳ ප්‍රනාන්දු සහ ශාලිත් ප්‍රනාන්දු, Tamil Union කණ්ඩායමේ ධනංජය ද සිල්වා, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා, SSC කණ්ඩායමේ දසුන් ශානක සහ මනෝජ් සරත්චන්ද්‍ර ද Air Force කණ්ඩායමේ රොස්කෝ තටිල් ද වූවා.

දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ Ace Capital කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන වනුජ සහන්. ඔහු Tamil Union කණ්ඩායමට එරෙහිව ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වුවා.

මේ අතර පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්, Bloomfield කණ්ඩායමේ සහන් නානායක්කාර, Police කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සහ NCC කණ්ඩායමේ අශේන් ඩැනියෙල් කඩුලු 5ක් බැගින් දවාගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

  • Ragama CC සහ CCC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – CCC

Ragama – පළමු ඉනිම පන්දුවාර 54.4ක දී සියලුම දෙනා දැවී 194 (නිශාන් මධුශ්ක 101, ජනිත් ලියනගේ 47, අවිශ්ක තරිඳු 26, විශ්ව ප්‍රනාන්දු 2/26, අසිත ප්‍රනාන්දු 3/42, අශාන් ප්‍රියංජන් 5/45

CCC – පළමු ඉනිම පන්දුවාර 1.3ක දී කිසිවෙක් නොදැවී 4

  • BRC සහPanadura

o ක්‍රීඩාංගණය – BRC, කොළඹ

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 92.4ක දී කඩුලු 9ක් දැවී 356 (Abhishek Raman 35, රිසිර වීරසූරිය 35, දුශාන් හේමන්ත 102, දුලාශ් උදයංග 51, ලක්ෂාන් ගමගේ 22, නිමන්ද මධුශංක 28, දුවිඳු තිලකරත්න 29, රජීව වීරසිංහ 5/93, විශ්ව ලංකා 2/68)

  • Negombo සහ Colts

o ක්‍රීඩාංගණය – Colts, කොළඹ

o කාසියේ වාසිය – Colts

Negombo – පළමු ඉනිම පන්දුවාර 43.0ක දී සියලුම දෙනා දැවී 147 (Jatin Saxena 80, කවිශ්ක අංජුල 2/41, උදිත් මධුශාන් 4/24, අකිල ධනංජය 3/20)

Colts – පළමු ඉනිම පන්දුවාර 30.0ක දී කඩුලු 3ක් දැවී 74 (සංගීත් කුරේ නොදැවී 40)

Galle සහ Sri Lanka Army

o ක්‍රීඩාංගණය – Galle

o කාසියේ වාසිය – Galle

Galle – පළමු ඉනිම පන්දුවාර 51.0ක දී කඩුලු 3ක් දැවී 191 (ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 92, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 55, හේෂාන් හෙට්ටිආරච්චි 2/34)

Group B

Ace Capital සහ Tamil Union

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Tamil Union

Tamil Union – පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියලුම දෙනා දැවී 124 (නවෝද් පරණවිතාන 25, ධනංජය ද සිල්වා නොදැවී 55, රොෂාන් ජයතිස්ස 4/58, වනුජ සහන් 6/46)

Ace Capital – පළමු ඉනිම පන්දුවාර 38.5ක දී කඩුලු 7ක් දැවී 103 (කවිඳු අමන්ත 20, ශිරාන් ප්‍රනාන්දු 2/22, විජයකාන්ත් වියස්කාන්ත් 2/06)

Baduraliya සහ Bloomfield

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Baduraliya

Bloomfield – පළමු ඉනිම් පන්දුවාර 50.4ක දී සියලුම දෙනා දැවී 120 (Hasnain Bokhari 59, Parvez Rasool 6/43, චානක කොමසාරු 3/66)

Baduraliya – පළමු ඉනිම පන්දුවාර 30.0ක දී කඩුලු 8ක් දැවී 120 (Parvez Rasool 24, මධුරංග සොයිසා නොදැවී 44, රොහාන් සංජය නොදැවී 30, සහන් නානායක්කාර 5/49, අසිත වන්නිනායක 2/27)

Sebastianites සහ Chilaw Marians

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Sebastianites

Sebastianites – පළමු ඉනිම පන්දුවාර 26.5ක දී කඩුල්ලක් දැවී 68 (අදීශ නානායක්කාර 29)

Moors සහ Police

o ක්‍රීඩාංගණය – Moors, කොළඹ

o කාසියේ වාසිය – Police

Moors – පළමු ඉනිම පන්දුවාර 33.3ක දී කඩුලු 8ක් දැවී 120 (ජනිශ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 49, මාලින්ද පුෂ්පකුමාර 5/58)

SSC සහ Kandy Customs

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ

o කාසියේ වාසිය – Kandy Customs

SSC – පළමු ඉනිම පන්දුවාර 90.0ක දී කඩුලු 8ක් දැවී 394 (අවිශ්ක ප්‍රනාන්දු 27, ෂෙවෝන් ඩැනියෙල් 21, කුසල් මෙන්ඩිස් 45, නුවනිඳු ප්‍රනාන්දු 105, දසුන් ශානක 96, මනෝජ් සරත්චන්ද්‍ර 54, චමිඳු වික්‍රමසිංහ 23, බුද්ධික සංජීව 3/86, ගයාන් සිරිසෝම 4/104)

NCC සහ Air Force

o ක්‍රීඩාංගණය – Air Force, කටුනායක

o කාසියේ වාසිය – Air Force

Air Force – පළමු ඉනිම පන්දුවාර 37.1ක දී සියලුම දෙනා දැවී 153 (රොස්කෝ තටිල් 63, මොවින් සුබසිංහ 21, අනුශ ප්‍රේමරත්න 23, ලසිත් ඇඹුල්දෙණිය 4/72, අශේන් ඩැනියෙල් 5/51)

NCC – පළමු ඉනිම පන්දුවාර 52.0ක දී කඩුලු 7ක් දැවී 193 (ලහිරු උදාර 53, කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 29, මොවින් සුබසිංහ 2/52, රොස්කෝ තටිල් 2/22)

මෙම තරග සියල්ල හෙට (25) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<