Home Sinhala 61 වැනි සහෝදර ගැටුම ජය පරාජයෙන් තොරයි

61 වැනි සහෝදර ගැටුම ජය පරාජයෙන් තොරයි

The 61st Battle of the Brothers

356
Thurstan vs isipathana

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරට පැවැත්වුණු සහෝදරයින්ගේ සටන අද (25) ජය පරාජයෙන් තොරව නිමා වුනා. 

ඊයේ (24) දිනයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුන මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉසිපතන ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවෙමින් ලකුණු 250ක් වාර්තා කිරීමට සමත් වුනා. 

දිනයේ සවස් කාලයේ ඉසිපතන ඉනිම අත් හිටවීමෙන් පසුව තර්ස්ටන් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ආරම්භ කළා. දිනය නිමා වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ගිහින් ලකුණු 53ක් ලබා ගෙන සිටියා. 

කෙසේ වෙතත් ඊයේ තරමක් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ තර්ස්ටන් පිතිකරුවන්ට අද උදෑසන වරුව නම් එතරම් ම සුබදායී වුනේ නැහැ. 

තර්ස්ටන් ඉනිමේ පළමු කඩුලු 4ම ලකුණු 97ක් තුළ දවා ගැනීමට ඉසිපතන පන්දු යවන්න විසින් සමත් වුනා. 

කෙසේ වෙතත් තර්ස්ටන් පස් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ නායක විහස් තෙව්මික සහ හරිත් ශාලක විසින් ලකුණු 113ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ තරගයේ පළමු ඉනිමේ ජයක් පිළිබඳ බලාපොරොත්තුවක් තර්ස්ටන් විද්‍යාලයට ලබා දෙමින්. හරිත්ගේ පිත්තෙන් ලකුණු 42ක් ඉනිමට එක් වුනා. එමෙන්ම මුලිත ද කොස්තා විසින් තවත් වටිනා ලකුණු 28ක් තර්ස්ටන් ඉනිමට එක් කළා. මේ අතරතුර නායක විහස් තර්ස්ටන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වුනේ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟිනුයි. 

මෙම සියලු පිතිකරණ උත්සාහයන් වල අවසන් ප්‍රතිඵලය ලෙස තර්ස්ටන් පළමු ඉනිම ඉසිපතන පළමු ඉනිම අබිබවා යාමට සමත් වුනා. 

ඒත් සමඟම තර්ස්ටන් විද්‍යාලය විසින් සිය පළමු ඉනිම නතර කිරීමට තීරණය කළා. ඒ වන විට ඔවුන් කඩුලු 8ක් දැවී යමින් ලකුණු 253ක් සිය ලකුණු පුවරුවකට එක් කර ගැනීමට සමත් වී තිබුණා. 

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් නායක සිතුක ගුණවර්ධන කඩුලු 4ක් දවා ගනිද්දී, ඊයෙ දිනයේ ශතකයක් වාර්තා කළ තරුශ්ක අශෙල් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.  

ඉන් පසුව ඉසිපතන විද්‍යාලය විසින් අද දිනයේ සවස් බාගයේ සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ නවිඳු උමෙත් සහ රුචිත් රොද්‍රිගෝ ලකුණු 113ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙහි දී රුචිත්ගේ පිත්තෙන් ලකුණු 82ක් වාර්තා වූ අතර, පන්දු 97ක් තුළ වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා. දිනයේ අවසන් මිනිත්තු කිහිපය තුළ රුචිත් සිය ශතකය වෙත යාමට උත්සාහ කරමින් ඉක්මන් ලකුණු කරා ගිය නමුත්, ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඉසිපතන දෙවන ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණා. ඒත් සමඟින් තරගය ද විසඳුමක් රහිතවම නතර කළා. 

61 වැනි සහෝදරයින්ගේ ගැටුමේ සම්මාන ලාභීන් මෙසේයි; 

  • හොඳම පන්දු රකින්නාරචින්ත ද සිල්වා (තර්ස්ටන් විද්‍යාලය) 
  • Best Strikerරුචිත් රොද්‍රිගෝ (ඉසිපතන විද්‍යාලය) 
  • හොඳම පන්දු යවන්නාවිහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය) 
  • හොඳම පිතිකරුවාතරුශ්ක අශෙල් (ඉසිපතන විද්‍යාලය) 
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාතරුශ්ක අශෙල් (ඉසිපතන විද්‍යාලය) 
  • තරගයේ වීරයාවිහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය) 

පාසල් මහා ක්‍රිකට් තරග පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result

Match drawn

Thurstan College
253/8 (83.5)

Isipathana College
250/9 (88.4) & 113/1 (31.4)

Batsmen R B 4s 6s SR
Navindu Umeth c Sethru Fernando b Vihas Thevmika 14 72 2 0 19.44
Ruchith Rodrigo lbw b Vihas Thevmika 4 13 0 0 30.77
Tharushka Ashel c Ayesh Harshana b Vishwa Dhananjaya 102 247 12 0 41.30
Maleesha Sandaruwan b Vihas Thevmika 0 4 0 0 0.00
Kevin Samuel c Rachintha De Silva b Thanuga Palihawadana 19 43 4 0 44.19
Ranmith Senarath c Rachintha De Silva b Vihas Thevmika 20 70 3 0 28.57
Lesandu Kalpage c Vihas Thevmika b Thanuga Palihawadana 11 16 1 1 68.75
Sithuka Gunawardane c Thanuga Palihawadana b Vihas Thevmika 15 15 2 1 100.00
Vidun Genura b Vihas Thevmika 6 8 1 0 75.00
Chanul Dinoth not out 22 37 2 1 59.46
Dasith Senal not out 2 11 0 0 18.18


Extras 35 (b 20 , lb 9 , nb 4, w 2, pen 0)
Total 250/9 (88.4 Overs, RR: 2.82)
Bowling O M R W Econ
Vishwa Dhananjaya 14 3 37 1 2.64
Vihas Thevmika 31.4 8 74 6 2.36
Sethru Fernando 17 5 33 0 1.94
Rachintha De Silva 7 2 14 0 2.00
Yovun Silpa 2 0 7 0 3.50
Thanuga Palihawadana 17 4 56 2 3.29
Batsmen R B 4s 6s SR
Dinal Induwara lbw b Tharushka Ashel 18 37 2 0 48.65
Tanuja Rajapakse c Ranmith Senarath b Kevin Samuel 37 53 8 0 69.81
Sethru Fernando lbw b Sithuka Gunawardane 12 50 2 0 24.00
Shanikiya Deshapriya b Sithuka Gunawardane 20 23 3 1 86.96
Vihas Thevmika c Sithuka Gunawardane b Tharushka Ashel 77 128 9 1 60.16
Harith Shalaka c Maleesha Sandaruwan b Sithuka Gunawardane 42 150 4 0 28.00
Mulitha De Costa lbw b Sithuka Gunawardane 28 32 4 1 87.50
Rachintha De Silva not out 5 29 1 0 17.24
Thanuga Palihawadana lbw b Dasith Senal 2 6 0 0 33.33
Vishwa Dhananjaya not out 1 1 0 0 100.00


Extras 11 (b 1 , lb 2 , nb 6, w 2, pen 0)
Total 253/8 (83.5 Overs, RR: 3.02)
Bowling O M R W Econ
Chanul Dinoth 16 4 48 0 3.00
Sithuka Gunawardane 27 5 88 4 3.26
Kevin Samuel 13 2 29 1 2.23
Vidun Genura 4 1 17 0 4.25
Tharushka Ashel 13 2 43 2 3.31
Dasith Senal 7.5 1 19 1 2.53
Maleesha Sandaruwan 3 1 6 0 2.00


Batsmen R B 4s 6s SR
Navindu Umeth not out 24 93 0 0 25.81
Ruchith Rodrigo c Vihas Thevmika b Sethru Fernando 82 97 0 0 84.54


Extras 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0)
Total 113/1 (31.4 Overs, RR: 3.57)
Bowling O M R W Econ
Yovun Silpa 2 0 7 0 3.50
Vihas Thevmika 13 2 38 0 2.92
Vishwa Dhananjaya 4 1 16 0 4.00
Thanuga Palihawadana 5 0 21 0 4.20
Sethru Fernando 7.4 0 27 1 3.65