උගන්ඩාව සමඟ තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊයේ (10) දිනයේ දී උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ දී දින 14ක පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ සඳහා වෙන් කර ඇති අතර, මෙහි දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන සංවර්ධන කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරග 7ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායමේ නායකත්වය නුවනිඳු ප්‍රනාන්දු හට හිමි වී ඇති අතර, සංචිතය සඳහා නිමා වූ 19න් පහළ ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දිනුර කළුපහනගේ සහ මල්ෂ තරුපතිගේ නම් ද ඇතුළත් වීම විශේෂත්වයක්.
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; කණ්ඩායම් දෙකේ ම එක් වෙනස්කම බැගින්
- සුපිරි ලීගයේ තුන් කට්ටුව
- Dambulla සහ Colombo අවසන් මහා තරගයට
- “ප්‍රතික්ෂේප වීමෙන් පන්නරය ලැබුවා” – චමරි අතපත්තු
- කාන්තා ජාතික සුපර් ලීගයේ තරග කාලසටහන නිකුත් කෙරේ
තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;
නුවනිඳු ප්‍රනාන්දු (නායක), දිනුර කළුපහන, මල්ෂ තරුපති, ක්‍රිෂාන් සංජුල, අශේන් බණ්ඩාර, මොහොමඩ් ශමාස්, මොවින් සුභසිංහ, මිතුන් ජයවික්‍රම, කවිඳු නදීශාන්, ඉසිත විජේසුන්දර, නිපුන් ප්‍රේමරත්න, තරිඳු රත්නායක, අයන සිරිවර්ධන, චමිඳු වික්‍රමසිංහ සහ දනල් හේමානන්ද
තරගාවලියේ පළමු තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව එළඹෙන 13, 16, 17, 18, 20 සහ 21 යන දින වල දී ඉතිරි තරග හය පැවැත්වෙනු ඇති.
තරගාවලිය පිළිබඳ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<