ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි

National Athletics Trials 2024

154
National Athletics Trials 2024

2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු “ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විවෘත අදියර I – E” තේරීම් තරග අද (02) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් වුනා.

මෙම තේරීම් තරගාවලියෙන් තෝරා ගන්නා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඉදිරි වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය වෙනුවෙන් මෙන්ම, අප්‍රේල් මාසයේ දී ඩුබායි හිදි පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ (20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ සහභාගීත්වය වෙනුවෙන් ද සංචිත ගත කර ගනු ඇති.

ඒ අනුව අද දිනයේ ද, ඊයේ (02) මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශ දෙක යටතේ ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුනා.

එහි දී ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු මෙසේයි,

පිරිමි

  • මීටර් 100 මහින්සස යෝදසිංහ (යුද හමුදාව) 50
  • මීටර් 200– අරුණ දර්ශන (යුද හමුදාව) 21.03
  • මීටර් 400කාලිංග කුමාරගේ (යුද හමුදාව) 45.83
  • මීටර් 800– C අරවින්දන් (යුද හමුදාව) 1.50.87
  • මීටර් 1500– V Vakson (යුද හමුදාව) 51.82
  • මීටර් 5000– A.D.H කුමාර 14.28.94
  • මීටර් 10000– ඩිල්ශාන් ගුණසේකර (යුද හමුදාව) 15.63
  • මීටර් 110කඩුලු මතින් දිවීම – රොශාන් ධම්මික (යුද හමුදාව) 15
  • මීටර් 400කඩුලු මතින් දිවීම – M.D.දර්ශන (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය) 52.03
  • මීටර් 3000බාධක දිවීම – T.M.L.C ගුණරත්න (යුද හමුදාව) 03.66
  • උස පැනීම – S.R. දුල්මින් (යුද හමුදාව)08m
  • රිටි පැනීම– ඉෂාර සඳරුවන් (ගුවන් හමුදාව) 4.70m
  • දුර පැනීම– ගයාන් සම්පත් (යුද හමුදාව) 7.34m
  • තුන් පිම්ම – මලිත් යසිරු (යුද හමුදාව)72m
  • යගුලිය විසිකිරීම– සමිත ජයවර්ධන (යුද හමුදාව) 15.24m
  • කවපෙත්ත විසිකිරීම– S.මිතුන්රාජ් (යුද හමුදාව) 34m
  • මිටිය විසි කිරීම– සංජය බණ්ඩාර (යුද හමුදාව) 50.62m
  • හෙල්ල විසිකිරීම ජගත් රණසිංහ (යුද හමුදාව) 34m

කාන්තා

  • මීටර් 100– රුමේශිකා රත්නායක (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය) 93
  • මීටර් 200– රුමේශිකා රත්නායක (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය) 23.97
  • මීටර් 400– නදීශා රාමනායක (යුද හමුදාව) 26
  • මීටර් 800– WKLA නිමාලි (ගුවන් හමුදාව) 2.05.46
  • මීටර් 1500– ගයන්තිකා අබේරත්න (නාවික හමුදාව) 20.74
  • මීටර් 5000– රසාරා විජේසූරිය (යුද හමුදාව) 28.98
  • මීටර් 10000– රසාරා විජේසූරිය (යුද හමුදාව) 35.25.06
  • මීටර් 100කඩුලු මතින් දිවීම – ලක්ෂිකා සුගන්දි (යුද හමුදාව) 33
  • මීටර් 400 කඩුලු පැන දිවීම– දසුනි කෞශල්‍යා – ගුවන් හමුදාව 1.00.96
  • මීටර් 3000බාධක දිවීම – ශමුදිකා හේරත් (යුද හමුදාව) 10.32.79
  • උස පැනීම– කොශිල් පෙරේරා (නාවික හමුදාව) 1.68m
  • දුර පැනීම– නිශාදි අබේරත්න (යුද හමුදාව) 5.98m
  • රිටි පැනීම– කුමාරි කොඩිතුවක්කු (ගුවන් හමුදාව) 3.00m
  • තුන් පිම්ම – ශෂානි උපේක්ෂා (යුද හමුදාව)– 04
  • යගුලිය විසිකිරීම – කුමුදුමාලි ප්‍රනාන්දු (ගුවන් හමුදාව)56m
  • කවපෙත්ත විසිකිරීම– විශන්තිකා ලක්මාලු (ගුවන් හමුදාව) 43.89m
  • මිටිය විසි කිරීම– අරුණි ලක්ෂිකා (ගුවන් හමුදාව) 45.46m
  • හෙල්ල විසි කිරීම – නදීශා ලේකම්ගේ (යුද හමුදාව)35m

 

අද දිනයේ දී තත්පර 10.50කින් පිරිමි මීටර් 100 ඉසව්ව නිම කළ මහින්සස යෝදසිංහ විසින් එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එම ඉසව්වේ කාන්තා අංශයේ ජයග්‍රාහිකාව බවට පත් වීමට රුමේශිකා රත්නායක විසින් සමත් වුනා.

මේ අතර පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට රොශාන් ධම්මික විසින් සමත් වූ අතර, පිරිමි මීටර් 400 ඉසව්වේ ජය කාලිංග කුමාරගේට හිමි වුනා. එහි දෙවන ස්ථානය කාලිංග තියුණු සටනක් ලබා දුන් ඔහුගේ සගයා අරුණ දර්ශනට හිමි වීම විශේෂත්වයක්.

මේ අතර මීටර් 400 කාන්තා ඉසව්ව සුපුරුදු පරිදි නදීශා රාමනායකගේ නම ඉදිරියෙන් ලියැවුණා. මීටර් 1500 කාන්තා  ඉසව්ව ගයන්තිකා අබේරත්න විසින් ජයග්‍රහණය කළ අතර, කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්ව පහසුවෙන් ජයග්‍රහණය කිරීමට නදීශා ලේකම්ගේට හැකියාව ලැබුණා.

ඊයේ සහ අද දින දෙක පුරාවටම පැවැත්වුණු තේරීම් තරගවල සමස්ත ප්‍රතිඵල පහතින්,

>>1st Trial 2024 Final Results Book

දේශීය මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<