ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග ආරම්භ වෙයි

National Athletics Trial 2024

108
National Athletics Trial 2024

2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විවෘත අදියර I – E තේරීම් තරග අද (01) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

මෙම තේරීම් තරගාවලියෙන් තෝරා ගන්නා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඉදිරි වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය වෙනුවෙන් මෙන්ම, අප්‍රේල් මාසයේ දී ඩුබායි හිදි පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ (20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ සහභාගීත්වය වෙනුවෙන් ද සංචිත ගත කර ගනු ඇති. 

ඒ අනුව අද දිනයේ දී ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශ දෙක යටතේ ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුනා. 

මෙම ශූරතාවලියේ පළමු දිනයේ විවිධ ඉසව්වලින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා මෙසේයි; 

පිරිමි

  • මීටර් 200 – S. අරුණ දර්ශන (යුද හමුදාව) 21.03 
  • මීටර් 800 – C අරවින්දන් (යුද හමුදාව) 1.50.87 
  • මීටර් 5000 – R.A.D.H කුමාර 14.28.94 
  • මීටර් 400 කඩුලු මතින් දිවීම – K.M.D.දර්ශන (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය) 52.03 
  • රිටි පැනීම – ඉෂාර සඳරුවන් (ගුවන් හමුදාව) 4.70m 
  • දුර පැනීම – ගයාන් සම්පත් (යුද හමුදාව) 7.34m 
  • යගුලිය විසිකිරීම – සමිත ජයවර්ධන (යුද හමුදාව) 15.24m 
  • මිටිය විසි කිරීම – සංජය බණ්ඩාර (යුද හමුදාව) 50.62m 

කාන්තා

  • මීටර් 200 – රුමේශිකා රත්නායක (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය) 23.97
  • මීටර් 800 – WKLA නිමාලි (ගුවන් හමුදාව) 2.05.46
  • මීටර් 10000 – රසාරා විජේසූරිය (යුද හමුදාව) 35.25.06
  • මීටර් 400 කඩුලු පැන දිවීම – දසුනි කෞශල්‍යා – ගුවන් හමුදාව 1.00.96
  • උස පැනීම – කොශිල් පෙරේරා (නාවික හමුදාව) 1.68m
  • දුර පැනීම – නිශාදි අබේරත්න (යුද හමුදාව) 5.98m
  • රිටි පැනීම – කුමාරි කොඩිතුවක්කු (ගුවන් හමුදාව) 3.00m
  • කවපෙත්ත විසිකිරීම – විශන්තිකා ලක්මාලු (ගුවන් හමුදාව) 43.89m
  • මිටිය විසි කිරීම – අරුණි ලක්ෂිකා (ගුවන් හමුදාව) 45.46m

පළමු දිනයේ පැවැත්වුණු තරගවල දී ජ්‍යෙෂ්ඨ අංශයෙන් අරුණ දර්ශන සහ රුමේශිකා රත්නායක ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වද්දී, කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් පැවැත්වුණු තරගවල දී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත් වුනා. 

>>පළමු දිනයේ තරග ප්‍රතිඵල<<

පළමු දිනයේ තරග එසේ අවසන් වන අතරේ, තරගාවලියේ දෙවන සහ අවසන් දිනයේ තරග හෙට (02) පැවැත්වීමට නියමිතයි. එහි දී කාන්තා සහ පිරිමි අංශ වලින් බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි මීටර් 100, 400 ඉසව් ද්විත්වයේ තේරීම් තරග ද පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු තරඟ විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<