සමිත් ප්‍රංශයේ දී රන් පදක්කමක් දිනයි

French Winter Throwing Championship 2024

148
Samith Fernando wins a gold

හිටපු ශ්‍රී ලංකා යගුලිය විසිකිරීමේ ශූරයකු සහ දකුණු ආසියානු පදක්කම් ලාභියකු වන සමිත් ප්‍රනාන්දු ප්‍රංශයේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියක දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. 

මේ දින වල ප්‍රංශයේ දී පැවැත්වෙන French Winter Throwing Championship තරගාවලියේ දී ඊයේ දිනයේ (23) පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ සමිත් ප්‍රනාන්දු විසින් මීටර් 16.96ක දුරක් යගුලිය විසි කිරීමට සමත් වෙමින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

සමිත් විසින් මීට පෙර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 15.55ක දුරක් යගුලිය විසි කරමින් එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, 2021 වසරේ දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 17.36ක් සටහන් කර ගැනීමට සමත් වූ සමිත්, එවර ජාතික ශූරයා බවට ද පත් වුනා. 

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<