19න් පහළ යොවුන් ලීගයේ සංචිත නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීගය 2023

769
Squads announced for u19 sri lanka youth league 2023

මෙම මස 28 වැනිදා සිට ආරම්භ වීමට නියමිත “වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග්” තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් 5ට අදාළ ක්‍රීඩක සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනය කර තිබෙනවා. 

මෙම තරගාවලියට කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම සෑම කණ්ඩායමකට ම ක්‍රීඩකයින් 13න් දෙනෙකුගෙන් යුත් සංචිත නිවේදනය කර තිබෙනවා. 

එමෙන්ම මෙම තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තරග 4 බැගින් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් ද්විත්වය අතර තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. 

මෙම මස 28 වැනිදායින් ආරම්භ වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජූලි 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

තරගාවලිය සඳහා නම් කළ සංචිත මෙසේයි; 

දඹුල්ල 

  1. පසිඳු මේනක – කුරුණෑගල මලියදේව විද්‍යාලය 
  2. තිසර මදුශාන්– කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 
  3. ජයමිණි මුතුකුමාරණ – කුරුණෑගල මලියදේව විද්‍යාලය 
  4. ගයන වීරසිංහ – කුරුණෑගල මලියදේව විද්‍යාලය 
  5. මදුරංග ජයලත් – පොළොන්නරුව රාජකීය විද්‍යාලය  
  6. අමේශ් තෙන්නකෝන් – කුරුණෑගල මලියදේව විද්‍යාලය 
  7. ගිහාන් විමලසූරිය – අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 
  8. චතුමල නිමේශ් – කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 
  9. ජනිත් ප්‍රනාන්දු – වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය  
  10. විශ්ව රාජපක්ෂ – වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය   
  11. ගීතික ද සිල්වා – කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය  
  12. Shivan Raj – පුත්තලම ආනන්ද විද්‍යාලය 
  13. අශාන් ඉසුරංග – අනුරාධපුර මධ්‍ය විද්‍යාලය  

මහනුවර  

  1. රහල් අමරසිංහ – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  2. පුලිඳු පෙරේරා – මහනුවර ධර්මරාජ විද්‍යාලය  
  3. සුපුන් වඩුගේ – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  4. ලක්වින් අබේසිංහ – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය   
  5. කවිජ ගමගේ – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය   
  6. දිනූෂ පීරිස් – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  7. තරණ විමලධර්ම – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  8. කවීශ පියුමාල් – මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය  
  9. දිනුක තෙන්නකෝන් – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  10. තේනුක ඒකනායක – මහනුවර සුමංගල විද්‍යාලය  
  11. Abdul Hakam – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල 
  12. මනුල කුලරත්න – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  
  13. තිසර ඒකනායක – මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය 

කොළඹ උතුර 

  1. කවිඳු අමමෙත් – කොළඹ මහානාම විද්‍යාලය  
  2. ලිනාල් සුබසිංහ – කොළඹ වෙස්ලි විද්‍යාලය 
  3. තනුජ රාජපක්ෂ – කොළඹ තර්ස්ටන් විද්‍යාලය  
  4. හිරුන් කපුරුබණ්ඩාර – කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය  
  5. හිරාන් ජයසුන්දර – කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය  
  6. Sarujhan Shanmuganathan – කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය  
  7. ප්‍රවීන් මනීශ – හංවැල්ල රාජසිංහ විද්‍යාලය 
  8. ඉනුක කරන්නාගොඩ – කොළඹ මහානාම විද්‍යාලය  
  9.  විහාස් තෙව්මික – කොළඹ තර්ස්ටන් විද්‍යාලය  
  10. දුවිඳු රණතුංග – කොළඹ මහානාම විද්‍යාලය  
  11. රුවිශාන් පෙරේරා – කොළඹ ආනන්ද විද්‍යාලය 
  12. උවින් පෙරේරා – කොළඹ වෙස්ලි විද්‍යාලය 
  13. රශ්මික හිරුශාන් – කොළඹ මහානාම විද්‍යාලය 

කොළඹ දකුණ 

  1. රිවිත් ජයසූරිය – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 
  2. විමත් දන්සර – මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය  
  3. රුශඳ ගමගේ – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය   
  4. තෙනුශ්ක නානායක්කාර – කළුතර තිස්ස විද්‍යාලය 
  5. ගවිරු සෙනෙහස් – කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 
  6. කවිඳු ගයාත්‍ර – පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය   
  7. යුතික ද සිල්වා – කළුතර, කළුතර විද්‍යාලය 
  8. ශෙනෝන් රොද්‍රිගෝ  – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 
  9. ඉමල්ක මදුශාන් – පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය  
  10.  දුමිඳු සෙව්මිණ – කොළඹ ලුම්බිණි විද්‍යාලය 
  11. සහන් මිහිර – කළුතර ශාන්ත ජෝන් විද්‍යාලය  
  12. පසිඳු විමංස – කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය 
  13. විශාන් හැළඹගේ –  කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 

ගාල්ල 

  1. මල්ෂ තරුපති – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 
  2. චෙහාන් R.B.සුභසිංහ – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 
  3. දිනුර අබේවික්‍රමසිංහ – මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය
  4. රවිශාන් නෙත්සර – ගාල්ල කුලරත්න විද්‍යාලය
  5. හිරුණ ගාල්ලගේ – ගාල්ල මහින්ද විද්‍යාල
  6. ධනුජ ඉඳුවර – ගාල්ල මහින්ද විද්‍යාලය
  7. චාර්ය පරණවිතාන – ගාල්ල ශාන්ත ඇලෝශියස් විද්‍යාලය
  8. සෙනිත හැළඹගේ – අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 
  9. S. Kabileswaram – බදුල්ල ඉසිපතන විද්‍යාලය
  10. යුරි කොත්තිගොඩ – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 
  11. W.M.D. දමින්ද තරුශ – මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය 
  12. පැතුම් මලිත – අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 
  13. කළණ පැතුම් – ගාල්ල ශාන්ත ඇලෝශියස් විද්‍යාලය 

මෙම තරගාවලිය පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<