Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රන් සටනට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රන් සටනට

Asian Games 2023

2230
Asian Games 2023

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තා.

එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට (25) පැවැත්වීමට නියමිත අතර එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

ඉන්දියාව අද සහභාගී වූ අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශය කඩුලු 8කින් පරාජය කොට අවසන් තරගයට පිවිසීමට සමත් වුනා.

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන් ජයගතහොත් ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකාව සතු වන අතර, යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවට රිදි පදක්කම හිමි වනු ඇත.

මෙතෙක් අවස්ථා දෙකක දී ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් පැවති අතර, 2014 දී දකුණු කොරියාවේ ඉන්චියෝන් හි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුනා.

එබැවින් මෙවර අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵලය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කිරීමේ සූදානමින් පසුවනවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩා උලෙළේ අර්ධ අවසන් පූර්ව වටයේ දී තායිලන්තය කඩුලු 8කින් පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසියා.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළ අතර, එහි දී පාකිස්තානය පන්දුවාර 20ක දී කඩුලු 9කට ලකුණු 75ක් ලබා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 21ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් දැවී ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුනා. හයේ පහරකින් ජයග්‍රහණය තහවුරු කළ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 18ක් ලබා ගත් අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියා.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකාරිණි නායිකා චමරි අතපත්තු පන්දු 19ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 14ක් ලබා සිටිය දී දවා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, අනතුරුව අනුෂ්කා සංජීවනී ලකුණු 15ක් ලබා සිටිය දී දැවී ගියා.

විශ්මි ගුණරත්න යළිත් අසාර්ථක වෙමින් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර, හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා පන්දු 51ක දී ලකුණු 35ක සබඳතාවක් සිව්වැනි කඩුල්ලට එක්කිරීමෙන් ඉනිම ශක්තිමත් වුනා.

පාකිස්තානයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් පන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 21කට කඩුලු 3ක් හා කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් බිඳ හෙළුවා.

Result


Pakistan Women
75/9 (20)

Sri Lanka Women
77/4 (16.3)

Batsmen R B 4s 6s SR
Shawaal Zulfiqar c Nilakshi de Silva b Kavisha Dilhari 16 27 1 0 59.26
Sidra Ameen c Chamari Athapaththu b Inoshi Priyadarshani 3 5 0 0 60.00
Omaima Sohail c Hasini Perera b Inoka Ranaweera 10 17 0 1 58.82
Muneeba Ali c Inoshi Priyadarshani b Kavisha Dilhari 13 16 0 1 81.25
Nida Dar c Nilakshi de Silva b Udeshika Prabodhani 9 12 1 0 75.00
Aliya Riaz run out (Kavisha Dilhari) 2 10 0 0 20.00
Natalia Pervaiz c Chamari Athapaththu b Achini Kulasuriya 8 11 0 0 72.73
Umm-e-Hani b Udeshika Prabodhani 9 15 0 0 60.00
Diana Baig not out 4 6 0 0 66.67
Nashra Sandhu c Anushka Sanjeewani b Udeshika Prabodhani 0 1 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 75/9 (20 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Chamari Athapaththu 3 1 8 0 2.67
Udeshika Prabodhani 4 0 21 3 5.25
Inoshi Priyadarshani 3 0 13 1 4.33
Achini Kulasuriya 4 0 7 1 1.75
Inoka Ranaweera 4 0 11 1 2.75
Kavisha Dilhari 2 0 15 2 7.50


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Diana Baig b Sadia Iqbal 14 19 2 0 73.68
Anushka Sanjeewani c Nashra Sandhu b Diana Baig 15 13 2 0 115.38
Harshitha Samarawickrama run out (Sidra Ameen) 23 41 1 0 56.10
Vishmi Gunaratne st Muneeba Ali b Umm-e-Hani 0 1 0 0 0.00
Nilakshi de Silva not out 18 23 0 1 78.26
Hasini Perera not out 1 2 0 0 50.00


Extras 6 (b 1 , lb 0 , nb 0, w 5, pen 0)
Total 77/4 (16.3 Overs, RR: 4.67)
Bowling O M R W Econ
Sadia Iqbal 4 0 13 1 3.25
Diana Baig 3 0 16 1 5.33
Umm-e-Hani 3.3 0 19 1 5.76
Nida Dar 2 0 16 0 8.00
Nashra Sandhu 4 0 12 0 3.00



2023 ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<