Home Sinhala මහානාම විද්‍යාලය නොකඩවා 6 වැනි වරටත් ශූරතාවය දිනයි

මහානාම විද්‍යාලය නොකඩවා 6 වැනි වරටත් ශූරතාවය දිනයි

17 වැනි රන් මහා සටන - එක්දින මහා තරගය

416
17 වැනි රන් මහා සටන - එක්දින මහා තරගය

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 17 වැනි වරට පැවැත්වුණු රන් මහා සටනේ එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මහානාම විද්‍යාලය අද (8) සමත් වුනා.

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයේ නායක සචිර වැලිවත්ත පළමුව පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 327ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ආරම්භක පිතිකරු කවිඳු අමාමෙත් පන්දු 71ක් තුල ලකුණු 78ක් ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ආරම්භය ලබා දුන්නා.

4 පහර 9කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුණු අමමෙත්ගේ ඉනිම අවසන් වුනු පසුව කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර (ලකුණු 66) සහ ඉනුක කරන්නාගොඩ (ලකුණු 57*) අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පැමිණීම නිසා මහානාම මැදපෙළ සවිමත් වුනා. පන්දු යැවීමේ දී සිනෙත් මල්වත්තගේ කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 328ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක කඩුලු රකින පිතිකරු සහ උපනායක ගවිරු සෙනහස් පන්දු 107ක් තුල ලබා ගත් ප්‍රවේගකාරී ශතකය (ලකුණු 124) නිසාවෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලයට සිය ප්‍රතිවාදීන් හට යම් මට්ටමක හෝ අභියෝගයක් එල්ල කරන්නට හැකි වුනා.

අවසානයේ දී ඔවුන් පන්දුවාර 41කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 208ක් පමණයි. ඒ අනුව මහානාම විද්‍යාලය 10 වැනි වරටත් මේ එක්දින මහා තරගය ජය ගත් අතර මේ එක්දින තරග ජයත් සමඟ මහානාම විද්‍යාලය නොකඩවා එක්දින මහා තරග 6ක් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණය කොට තිබෙනවා.

  • මහානාම විද්‍යාලය – 327/5 (50): කවිඳු අමමෙත් 78, අංජල බණ්ඩාර 66, ඉනුක කරන්නාගොඩ 57*, සචිර වැලිවත්ත 44, සිනෙත් මල්වත්තගේ 2/42

  • ඩී. එස්. සේනානායක විදුහල – 208 (41.3): ගවිරු සෙන්හස් 124, හිමන්ත කේෂාන් 25, චාමික හීනැටිගල 2/26, සචිර වැලිවත්ත 2/26, දුවිඳු රණතුංග 2/54

මහානාම විද්‍යාලයට ලකුණු 119ක ජයක්.

  • තරගයේ වීරයා – සචිර වැලිවත්ත (මහානාම විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චාමික හීනැටිගල (මහානාම විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – ගවිරු සෙන්හස් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – දසිත් ගුණතිලක (මහානාම විද්‍යාලය)

Result


D.S. Senanayake College
208/10 (41.3)

Mahanama College
327/5 (50)

Batsmen R B 4s 6s SR
Banula Algawatte c Dilash Kumaranayake b Deshan Hettige 18 10 1 2 180.00
Kavindu Amameth c Menura Peiris b Malitha Perera 72 80 8 2 90.00
Anjala Bandara c Senura Silva b Adisha Bandaranayake 6 18 1 0 33.33
Sachira Weliwatta b Dilash Kumaranayake 60 70 3 2 85.71
Koojana Perera c Poorna Sulakshna b Senura Silva 61 58 9 0 105.17
Inuka Karannagoda not out 59 48 3 2 122.92
Rashmika Perera not out 23 16 2 1 143.75


Extras 28 (b 17 , lb 0 , nb 0, w 11, pen 0)
Total 327/5 (50 Overs, RR: 6.54)
Bowling O M R W Econ
Adisha Bandaranayake 8 0 52 1 6.50
Deshan Hettige 7 1 51 1 7.29
Akidha Weerasuriya 4 0 26 0 6.50
Dilash Kumaranayake 7 0 42 1 6.00
Senura Silva 7 0 44 1 6.29
Menura Peiris 3 0 21 0 7.00
Gaviru Senhas 2 1 2 0 1.00
Poorna Sulakshna 11 1 62 0 5.64
Malitha Perera 1 0 10 1 10.00


Batsmen R B 4s 6s SR
Malitha Perera st Anjala Bandara b Koojana Perera 51 36 5 3 141.67
Gaviru Senhas c Anjala Bandara b Chamika Heenatigala 74 91 5 1 81.32
Himantha Keshan c Banula Algawatte b Sachira Weliwatta 37 50 3 1 74.00
Senura Silva b Yasith Ginathilaka 12 21 1 0 57.14
Manura Peiris st Anjala Bandara b Viranga Yeshan 9 13 1 0 69.23
Ashisha Bandaranayake c Nisila Perera b Chamika Heenatigala 3 13 0 0 23.08
Akidha Weerasuriya not out 6 6 1 0 100.00
Deshan Hettige c Kavindu Amameth b Duvindu Ranathunga 1 4 0 0 25.00
Sinith b Duvindu Ranathunga 0 1 0 0 0.00
Dilash Kumaranayake st Anjala Bandara b Sachira Weliwatta 8 15 1 0 53.33
Randisha Banaranayake timed-out b 0 0 0 0 0.00


Extras 7 (b 1 , lb 0 , nb 1, w 5, pen 0)
Total 208/10 (41.3 Overs, RR: 5.01)
Bowling O M R W Econ
Duvindu Ranathunga 8 1 52 2 6.50
Koojana Perera 5 0 27 1 5.40
Viranga Yeshan 6 0 32 1 5.33
Inuka Karannagoda 4 0 18 0 4.50
Chamika Heenatigala 6 0 29 2 4.83
Chamidu Maduwantha 2 1 2 0 1.00
Sachira Weliwatta 6.3 2 27 2 4.29
Yasith Ginathilaka 2 0 13 1 6.50
Manura Piris 2 1 7 0 3.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<