රිශීගේ ශතකයට තෙවිඳුගෙන් කඩුලු 5ක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

454

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය  කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය එක්දින තරග කිහිපයක් ඊයේ (18) නිමා වූ අතර එහි දී ඩී. එස්. සේනානායක, වෙස්ලි, සාන්ත බෙනඩික්ට්, මහානාම, මලියදේව, සාන්ත සර්වේසස්, ඉසිපතන යන විද්‍යාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ඊට අමතරව තවත් දෙදින තරග දෙකක් ඊයේ දිනයේ දී ආරම්භ වුනා.

දිනයේ පැවති එක්දින තරග සලකා බැලීමේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති තරගයේ දී කණ්ඩායම් දෙකම සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසි අතර තියුණු සටනක් ලබා දීමෙන් පසුව තරගය පරාජයට පත්වීමට සංචාරක වේල්ස් කුමර විද්‍යාලයට සිදු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

දිනයේ පැවති එක්දින තරගවල දී මලියදේව විද්‍යාලයේ රිෂි අධිෂ්ඨාන් ශතකයක් ලබා ගත් අතර  නායක තෙවිඳු දික්වැල්ල කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් පෙන්නුවා. ඊට අමතරව පිතිකරුවන් රැසක් අර්ධ ශතක ලබා ගත් අතර පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම කඩුලු 3ක් හෝ 4ක් දවා ගැනීමට සමත් වුනා.

දෙදින තරගවල දී සාන්ත පීතර විද්‍යාලයේ නායක නිපුනක ෆොන්සේකා නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 76ක් ලබා ගන්නා විට ත්‍රිත්ව විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක මනුල කුලරත්න කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

ඊට අමතරව සාන්ත තෝමස් විද්‍යාලයේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ ආනන්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් ආනන්ද විද්‍යාලයීය පළමු ඉනිම  ලකුණු 217කට සමත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

එක්දින තරග

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – 248/8 (50) මනේන්ද්‍ර ජයතිලක 51, අමිත දාබරේ 45, මනුර ගත්සර 40*, චානුක සිල්වා 3/37, ප්‍රමෝද්‍ය රාජමුනේන්ද්‍ර 2/35, සිහින සිතුමිණ 2/52.
  • ද මැසනොඩ් විද්‍යාලය – 194 (43.4): සහන් කෝසල 50, සිහින සිතුමිණ 37, චමෝද්‍ය පසිඳු 31, අමිත දාබරේ 3/34, රන්දිව් දිසානායක 2/09, පසිඳු දෙනිපිටිය 2/35.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට ලකුණු 54ක ජයක්

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • ගුරුකුල විද්‍යාලය – 198/8 (50): මල්ෂාන් ලක්ෂිත 35, සිතිජ චමෝද් 35, තරිඳු හිමසර 31, රශ්මික මෙවන් 30, රවිඳු සිගේරා 2/36, තේනුක පෙරේරා 2/39.
  • වෙස්ලි විද්‍යාලය – 199/7 (47.5): සාහිල් ඩයස් 62, දෙනුවන් මෙන්ඩිස් 36*, සිදත් ධර්මසිරිවර්ධන 33, සෙමිල ලියනගේ 22, තුෂාර වනිගසිංහ 3/37, රශ්මික මෙවන් 2/32.

වෙස්ලි විද්‍යාලයට කඩුලු 3ක ජයක්

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 149 (40): තෙනුක නන්දලාල් 77, පසන් සුවහස් 22, රිෂිත රූපසිංහ 4/33, පසිඳු තෙන්නකෝන් 2/09.
  • සාන්ත අනා විද්‍යාලය – 111 (27.4): කවිඳු ඒකනායක 27, චමත් චාතුර්ය 4/21, හසින්ද්‍ර කවිරත්න 2/13, මලින්ද පෙරේරා 2/27.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 38ක ජයක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

  • මහානාම විද්‍යාලය – 213/8 (50): පවන් රත්නායක 93, සවිඳු කාවින්ද 36, පුල්ශාන් රොහාන් 23, යෙසිත් රූපසිංහ 3/38, විමුක්ති දේශාන් 2/26, දුනිත් වෙල්ලාලගේ 2/42
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 125 (35.1): ශෙරන් ෆොන්සේකා 24, අචින්ත සුපුන් 3/15, සදිශාන් චමෝද්‍ය 2/15, සේතුම් කෙනුල 2/16.

මහානාම විද්‍යාලයට ලකුණු 88ක ජයක්

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

  • මලියදේව විද්‍යාලය – 289/8 (50): රිෂි අධිෂ්ඨාන් 100, තිමිර චන්ද්‍රසේන 58, කළිඳු රන්මල් 38, චලුක අතපත්තු 31*
  • වේල්ස් කුමර විද්‍යාලය – 253 (47.1): අශාන් ප්‍රනාන්දු 56, විදත් දිරේන්ද්‍ර 43, අනූප බණ්ඩාර 33, ඔමේෂ් මෙන්ඩිස් 28, චලුක අතපත්තු 2/22, හසිඳු රුවන්පුර 2/46.

මලියදේව විද්‍යාලයට ලකුණු 36ක ජයක්

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 155/10 (49.3): විශ්ව රාජපක්ෂ 54, තෙවිඳු දික්වැල්ල 5/21, කවිඳු ආමන්ත 2/26, රන්දුනු ගුණරත්න 2/32.
  • ඉසිපතන විද්‍යාලය –156/3 (30.5): තරුෂ නෙත්සර 90, සවිඳු නෙත්සර 38*.

ඉසිපතන විද්‍යාලයට කඩුලු 7ක ජයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

  • ධර්මාශෝක විද්‍යාලය – 115/10 (36.1): කවීන් සමරහේවා 43, මනීෂ රශ්මික 23, මදුශාන් ද සිල්වා 4/22, කුෂාන් විජේරාම 3/24, තරුෂ සංකල්ප 2/21.
  • සාන්ත සර්වේසස් විද්‍යාලය – 116/8 (46): දිනිරු අබේවික්‍රම 47, චිරාත් නෙත්තරු 20, ලොහාන් අරෝෂණ 2/18, සහන් සංකල්ප 2/31.

සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 2ක ජයක්

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • ධර්මපාල විද්‍යාලය – 184/10 (45.5): පසිඳු තීක්ෂණ 34, රශ්මික දීමන්ත 31, හංසජ හිරුන 4/39, ආමන්ත පෙරේරා 2/27, ප්‍රියශාන් සිල්වා 2/40
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 84/1 (18):

ප්‍රතිඵලයක් රහිතව අවසන්

දෙදින තරග

සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

  • සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 277/9d (72.5): නිපුනක ෆොන්සේකා 76, ශෙනාල් බොතේජු 51, වනුජ කුමාර 45, ශානුක ගලගොඩ 26, නිමාන් උමේෂ් 24, මනුල කුලරත්න 5/60, අභිෂේක් ආනන්දකුමාර් 3/81.
  • ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 85/2 (20): උමෙයිර් රයිසාන් 30*, තෙවින් අමරසිංහ 28, පවන් පතිරාජ 20*

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 217 (74.2): හංසජ ජයසිංහ 47, අනුද ජයවීර 45, කනිෂ්ක රන්තිලකගේ 32, යසිරු රොද්‍රිගෝ 5/63.
  • සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 25/1 (13)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<