වංචාවෙන් දිනන්න ගිය ස්මිත් සහ වෝනර්ට දඬුවම් ලැබුණු හැටි

1013

දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්ලන්ඩ්ස් හී පැවති ටෙස්ට් තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිද්ධි මාලාව හේතුවෙන් ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් හට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අද (28) තීරණය කර තිබේ. ඒ සමගම සිද්ධියට සම්බන්ධ කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට ද මාස නවයක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇත.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර…

තිදෙනාටම ජාත්‍යන්තර හා පළමුපෙළ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව තරග තහනම නිමා වන තෙක් අහිමි වන අතර ඔවුන්ට ක්‍රීඩා කළ හැක්කේ Grade Cricket හෙවත් ඕස්ට්‍රේලියාවේ පහළම මට්ටමේ ක්‍රිකට් තරග පමණි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව 2018 වසර සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ වරම ද ඔවුන්ට අහිමි වනු ඇත.

දඬුවම් කාලය අවසන් වූ පසු මාස 12ක් යනතුරු බෑන්ක්‍රොෆ්ට් හා ස්මිත් ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ නායකත්වය සඳහා නම් නොකරන අතර ඩේවිඩ් වෝනර්ව යලිත් කිසිදු ලෙසකින් නායකත්වයේ පිහිටු වනු නොලැබේ. තවද ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා පැය දහසක ස්වේච්ඡා සේවයේ නිරත වීමට සිදු වනු ඇත.

මේ පිළිබඳ පාපොච්චාරණයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ප්‍රකාශ කර සිටියේ කණ්ඩයමේ ‘නායකත්ව කල්ලිය/ කණ්ඩයම’ දෝලනයට සහය වන ලෙස පන්දුව පළුදු කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ බවයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කළ පරීක්ෂණවලින් හෙලිවූයේ සිද්ධිය පිළිබඳ කලින් දැන සිටියේත්, සැලසුමට සම්බන්ධ වූයේත් බෑන්ක්‍රොෆ්ට්, ස්මිත් හා වෝනර් යන ක්‍රීඩකයින් තිදෙනා පමණක් බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව ඩේවිඩ් වෝනර් මෙම සැලැස්මේ මහා මොළකරු ලෙස කටයුතු කර ඇති අතර බෑන්ක්‍රොෆ්ට් හට වැලි කඩදාසියක් පිටියට රැගෙන යන ලෙස ඔහුව ඒ සඳහා යොමු කරගෙන ඇති අතර දෝලනය ඇතිවන සේ පන්දුව පළුදු කරන ආකාරය ද බෑන්ක්‍රොෆ්ට් හට උගන්වා තිබේ.

පාකිස්තාන ක්‍රීඩිකාවන් අනුෂ්කාගේ සහ නිලක්ෂිගේ උත්සාහය අපතේ යවයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති..

මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම/ නතර කිරීමට උත්සහ නොකිරීම, තරග තීරක, විනිසුරුවරුන් නොමග යැවීම, සිද්ධිය පිළිබඳ වාර්තා නොකිරීම යන කරුණු හේතුවෙන් වෝනර් හට දඬුවම් නියම කර තිබේ. ස්මිත් හට දඬුවම් නියම කර ඇත්තේ සැලැස්ම දැන ගැනීමෙන් පසු එය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුළු තවත් කරුණු පහකටයි. බෑන්ක්‍රොෆ්ට් හට ද පන්දුව පළුදු කිරීම මෙන්ම එම සැලැස්ම නතර කිරීමට උත්සහ නොකිරීම ඇතුළු කරුණු පහකට දඬුවම් නියම කර තිබේ.

තිදෙනා නැවත ඕස්ට්‍රේලියාවට එවා ඇති අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ චර්යා ධර්ම පද්ධතියේ 2.3.5 කොටස උල්ලංඝනය; ක්‍රීඩාවේ ජිවගුණයට හානි කිරිම හේතුවෙන් මෙම දඬුවම් නියම කර තිබේ.

පාකිස්තාන ක්‍රීඩිකාවන් අනුෂ්කාගේ සහ නිලක්ෂිගේ උත්සාහය අපතේ යවයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ද….

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඩේවිඩ් පිවර්, අර්ල් එඩින්ග්ස්, වෛද්‍ය බොබ් එව්රි, ජෝන් හර්ඩෙන්, ටෝනි හැරිසන්, ජැකී හේ, මිෂෙල් ට්‍රැඩ්නික්, මාර්ක් ටේලර් හා මයිකල් කැස්පොරෝවික් මෙම දඬුවම් නියම කළ කමිටුව නියෝජනය කළහ.

තවද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩේවිඩ් වෝනර් නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රබාද් හා ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයම්වල නායකත්වයෙන් ඔවුන් දෙදෙනා මේ වන විටත් ඉල්ලා අස්වී ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් හිස්වන ස්ථානවලට එම කණ්ඩායම්වලට වෙනත් ආදේශක ක්‍රීඩකයින් යොදා ගැනීමට ඉඩ සලස්වන බවත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම හා තරග නිලධාරීන්ට ගරු කිරීම උපරිම ලෙසට අපේක්ෂා කරන බවත්, එම හේතු නිසා වෝනර් හා ස්මිත් හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ වරම් අහිමි කරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ සඳහන් ය.

වෝනර් හා ස්මිත් යන ක්‍රීඩකයින් දෙදෙනාම වැඩිම මුදලකට ගිවිසුම් ගත වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙමින් ඉන්දීය රුපියල් කෝටි 12.5 බැගින් වූ කොන්ත්‍රාත්තු සඳහා අත්සන් කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<