කන්ද උඩරට සිංහයින්ට වෙස්ලි ක්‍රීඩකයින්ගෙන් ප්‍රහාරයක්

268

අද (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතා කාණ්ඩයේ අවසන් තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බොරැල්ල වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වුණු අතර 16-07ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරන්නට  වෙස්ලි ක්‍රීඩකයින් සමත් විය.

සුපිරි ජයක් සමඟින් විද්‍යාර්ථයින් A සිහිනය සැබෑ කරගනියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය අද (29) ආරම්භ වූ අතර පලඟ ශූරතාවයේ ඉතා….

පළමු අර්ධයේ ආරම්භයේ දී දෙපිළම සටන්කාමී මුහුණුවරකින් තොරව තරග වැදුණු අතර වෙස්ලි ක්‍රීඩකයින් විසින් ත්‍රිත්වයින්ගේ අන්තය ආක්‍රමණය කිරීමට දැරූ උත්සාහයක් අතරතුර දී ලැබුණු දඬුවම් පහරක් වෙස්ලි ක්‍රීඩක තරිඳු හේමාල් විසින් සාර්ථකව ගෝල කණු අතරින් එල්ල කිරීමත් සමඟම තරගයේ ප්‍රථම ලකුණ වාර්තා විය. ඒ තරගයේ ප්‍රථම මිනිත්තු පහ ගත වීමටත් පෙරාතුවෙනි. (වෙස්ලි 03 – 00 ත්‍රිත්ව)

මෙම ලකුණු ලබා ගැනීමත් සමඟම ත්‍රිත්ව ක්‍රීඩකයින් වඩාත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නට වූ අතර වෙස්ලි ක්‍රීඩකයින් උද්දාමයට පත්ව ඔවුන්ගේ තරග විලාසය තවත් තීව්‍ර කරන්නට විය. 

යම් යම් අත්වැරදීම් නිසාවෙන් වෙස්ලි කණ්ඩායමට උත්සාහක දිනුම් ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථා කිහිපයක් මග හැරුණු අතර විනාඩි පහළොවක පමණ කාලයක් ගත වන තෙක් කිසිවෙකුට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැත. මේ අතරවාරයේ දී තරිඳු හේමාල් හට තවත් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යවමින් වෙස්ලි ලකුණු පුවරුවට තවත් ලකුණු තුනක් එක් කිරීමට හැකි විය. (වෙස්ලි 06 – 00 ත්‍රිත්ව)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ත්‍රිත්ව විද්‍යාලය විසින් ලකුණු ලබා ගැනීමට දැරූ බොහෝ උත්සාහයන් පහසුවෙන් ව්‍යර්ථ කර දැමීමට වෙස්ලි ආරක්ෂක පෙළ සමත් විය. සිය ගෝලය වෙත ළඟා වීමට හෝ ඉඩ නොතබමින් ත්‍රිත්ව කණ්ඩායම අසරණ කිරීමට වෙස්ලි ක්‍රීඩකයින් උත්සහ කළේය. 

මේ අතරවාරයේ දී තරිඳු හේමාල් විසින් විනිසුරු ලබා දුන් දඬුවම් පහරක් නිවැරදි ඉලක්කයට එල්ල කිරීමට අපොහොසත් වීමෙන් ලකුණු තුනක් අහිමිව ගියේය. කෙසේ වූවත් ජෙනෝෂ මෙන්ඩිස් විසින් තිස්වැනි මිනිත්තුවේ දී වාර්තා කළ තරගයේ පළමු උත්සාහක දිනුම වෙස්ලි ක්‍රීඩකයින්ගේ ස්ථාවරත්වය තහවුරු කිරීමට සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරිඳු හේමාල් සමත් විය.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 13 – 00 ත්‍රිත්ව විද්‍යාලය

දෙවන අර්ධයේ දී ත්‍රිත්ව විද්‍යාලය යම් උද්වේගයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඔවුන් ලකුණු අතරට පිවිසීමට මහත් වෙහෙසක් ගනු ලැබීය. වෙස්ලි ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන්ගේ ඉදිරිමගට බාධා කරමින් ආරක්ෂාකාරීව කටයුතු කරන්නට විය. 

මෙවර කුසලාන ශූරතාවය කාටද?

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වීමට ඇත්තේ තව සතියක පමණ කාලයක් පමණයි. මේ වනවිටත් සාන්ත පීතර….

ත්‍රිත්ව විද්‍යාලයට තරගය තමන් දෙසට හරවා ගැනීමට තවත් වේලාව ඉතිරිව තිබුණ ද වෙස්ලි ආරක්ෂකයින් හමුවේ එය අතිශයින් බැරෑරුම් කටයුත්තක් විය. නැවත වතාවක් ත්‍රිත්ව කණ්ඩායම පසින් සිදු වූ දෝෂයක් නිසා විනිසුරු විසින් වෙස්ලි විද්‍යාලයට පිරිනැමූ දඬුවම් පහර මීටර 10 රේඛාව ආසන්නයේ සිට සාර්ථකව එල්ල කරමින් නැවතත් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කරන්නට දායක විය. (වෙස්ලි 16 – 00 ත්‍රිත්ව)

මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයේ තරූෂ ජයවීර කැපී පෙනෙන තරග විලාසයක නිරත විය. ත්‍රිත්ව විද්‍යාලයේ ඩේමියන් තෙන්නකෝන් විසින් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය මිරන්ග සුබසිංහ විසින් සාර්ථකව ගෝල කනු අතරින් යවන ලදි. (වෙස්ලි 16 – 07 ත්‍රිත්ව)

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් අද දිනයේදී CR&FC…

තරගයේ ඊළඟ මිනිත්තු 15 තුළ දී කිසිදු කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැත. ත්‍රිත්ව විද්‍යාලය කිහිප විටක් සිය ගෝලයට ළඟා වෙමින් උත්සාහක දිනුමක් සඳහා ඉඩක් සෙවූව ද වෙස්ලි පිළෙන් ඊට කිසිම සහනයක් නොලැබුණි.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 16 – 07 ත්‍රිත්ව විද්‍යාලය

තරගයේ වීරයා: තරිඳු හේමාල්

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

  • වෙස්ලි විද්‍යාලය: තරිඳු හේමාල් 3P 1C, ජෙනෝෂ මෙන්ඩිස් 1T
  • ත්‍රිත්ව විද්‍යාලය: ඩේමියන් තෙන්නකෝන් 1T, මිරන්ග සුබසිංහ 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<