වසරේ විස්ඩන් සම්මානය සංගක්කාරට

103

ලොව ක්‍රිකට් බයිබලය ලෙස පිළිගැනෙන විස්ඩන් සඟරාව මඟින් සිදුකරන ලද වර්ගීකරණයට අනුව වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කර තිබේ.2014 වසරේදී කුමාර් සංගක්කාර විසින් ලකුණු 2868ක් ලබා ඇති අතර, එයට ත්‍රිත්ව ශතකයක්ද ඇතුළත්වී තිබීමද විශේෂත්වයකි.

මේවන විට විස්සයි-20 හා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති සංගක්කාර විසින් 2014 වසරේදී ටෙස්ට් ලකුණු 1438ක්, එක්දින ලකුණු 1256ක් වශයෙන් ලබා ඇත.

මේ අතර නම් කර ඇති වසරේ ක්‍රීඩකයන් පස් දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජිලෝ මැතිව්ස්ද ඇතුළත්ව තිබීමද කැපී පෙනේ.