සුප්‍රකට ස්ප්‍රින්ග්බොක් තරුව රග්බි ධනවතුන් අතර ඉදිරියටම

87

දකුණු අප්‍රිකානු සුපිරි රග්බි තරුව Handre Pollard යුරෝපා 2020/21 රග්බි තරග වාරය සඳහා ලොව ධනවත්ම රග්බි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පවත්වන්නට නියමිත බව වාර්තා වෙනවා. Sport24 මේ පිළිබඳ වාර්තා කර තිබුණා.

Bill Beaumont නැවතත් සභාපති ධූරයට

ලෝක රග්බි සම්මේලනයේ නව සභාපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සතියේ දී පැවැත්විය. …

ප්‍රංශ ක්‍රීඩා සමාජයක් වන Montpellier ක්‍රීඩා සමාජයට එකවුණු Pollard, එංගලන්තයේ බ්‍රිස්ටල් බෙයාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන නවසිලන්ත සෙන්ටර් ක්‍රීඩක Charles Piutau සමඟ යුරෝපා 2020/21 රග්බි තරග වාරයේ ධනවත්ම ක්‍රීඩකයින් අතර පළමු තැන සම සේ බෙදාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම යුරෝ මිලියනයක වැටුප් පැකේජයකට හිමිකම් කියන බවයි වාර්තා වෙන්නේ.

දකුණු අප්‍රිකාවේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ෆෆ් ඩී ක්ලර්ක් ද එංගලන්තයේ සේල් ශාර්ක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහු ද යූරෝ 500,000 වැටුපකට හිමිකම් කියමින් මෙම වැඩිම වැටුප් ලාභීන්ගේ ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා.

කොරෝනා නිසා නැවතුණු රග්බි තරගාවලි

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට දැඩි බාධා එල්ල කරමින් තවමත් COVID-19 වයිරසය ලොව වටා පැතිර යනවා…

COVID-19 වයිරසය නිසා තමන්ගේ කොන්ත්‍රාත්තු කල් ඉකුත් වන ක්‍රීඩකයින් මෙම ලැයිස්තුවට ඇතුළත් කර නැහැ. All Blacks ක්‍රීඩක ඩෑන් කාටර් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Matt Giteau ජපානයේ ක්‍රීඩා සමාජ සමඟ යූරෝ මිලියන 1.1කට ගිවිසුම්ගතව සිටියත් තවමත් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අලුත් කර නැහැ.

2020-21 තරග වාරයේ රග්බි ක්‍රීඩාවේ ධනවත්ම ක්‍රීඩකයෝ

* කොන්ත්‍රාත්තුවේ අගය යූරෝ මුදල් ඒකකයෙන් දක්වා ඇත.

1 වැනි ස්ථාන – 1,000,000

  1. Handre Pollard (දකුණු අප්‍රිකාව/Montpellier)
  2. Charles Piutau (නවසීලන්තය/බ්‍රිස්ටල් බෙයාර්ස්)

3 වැනි ස්ථානය – Maro Itoje (එංගලන්තය/සැරසන්ස්): 875,000

4 වැනි ස්ථානය – ඔවෙන් ෆැරල් (එංගලන්තය/සැරසන්ස්): 750,000

5 වැනි ස්ථානය – Steven Luatua (නවසීලන්තය/බ්‍රිස්ටල් බෙයාර්ස්): 650,000

6 වැනි ස්ථානය – ඩෑන් බිගාර් (වේල්සය/නොර්ත්හැම්ප්ටන් සේන්ට්ස්): 600,000

7 වැනි ස්ථාන – 580,000

  1. නිකොලස් සැන්චේස් (ආජන්ටිනාව/Stade Français)
  2. මොර්ගන් පාරා (ප්‍රංශය/ක්ලේර්මොන්ට්)

9 වැනි ස්ථානය – මයිකල් හූපර් (ඕස්ට්‍රේලියාව/Waratahs):  572,000

10 වැනි ස්ථානය – 550,000

  1. ස්ටුවර්ට් හොග් (ස්කොට්ලන්තය/එක්ස්ටර් චීෆ්ස්)
  2. මානූ ටුලාගී (එංගලන්තය/ලෙස්ටර් ටයිගර්ස්) 

12 වැනි ස්ථානය – ජොනී සේක්ස්ටන් (අයර්ලන්තය/Leinster): 536,000

13 වැනි ස්ථානය – ෆින් රසල් (ස්කොට්ලන්තය/Racing 92): 535,000

14 වැනි ස්ථානය – බෝඩ්න් බැරට් (නවසීලන්තය/බ්ලූස්): 520,000

15 වැනි ස්ථානය – ෆෆ් ඩී ක්ලර්ක් (දකුණු අප්‍රිකාව/සේල් ශාර්ක්ස්): 500,000 

Sport24 වෙබ් අඩවිය ඇසුරින්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<Springbok