ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග සංචාරයේ දින තීන්දුයි

2036

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ජූලි මස 12 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන හා තරග පැවැත්වෙන ස්ථාන අද දිනයේ (4) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

[rev_slider LOLC]

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු සටනට පෙර විමසුමක්

ප්‍රේක්ෂකයින් 23,500කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ..

ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මස 4 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි මස 12 වැනිදා ආරම්භ වේ. එම තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. එම තරගය නිමා වී දින 4කට පසුව එනම් ජූලි මස 20 වැනිදා SSC පිටියේ දී දෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙනු ඇත.

තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, පල්ලෙකැලේ හා ආර්. ප්‍රේමදාස එම ක්‍රීඩාංගණ තුනයි. එම එක්දින තරග සඳහා  දිවා – රාත්‍රී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් ද ඇතුළත්ව තිබේ.

මෙම තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන එකම විස්සයි – විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අගෝස්තු මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙනු  ඇත.

අම්ලා සහ තහීර් සිංහ බලාපොරොත්තු බොඳ කරයි

සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 299කට සීමා…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ වර්තමාන එක්දින හා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන තැන සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූයේ 2014 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් හා එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත විය. එම තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

මෙම තරගාවලියේ ද නවතම තොරතුරු, තරග පෙර විමසුම්, තරග වාර්තා, වීඩියෝ, ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

තරග කාලසටහන,

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 12 සිට ජූලි 16 දක්වා – ගාල්ල
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 20 සිට ජූලි 24 දක්වා – SSC
  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජූලි 29 – දඹුල්ල  (දිවා)
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 1 – දඹුල්ල  (දිවා/රාත්‍රී)
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 5 – පල්ලෙකැලේ (දිවා)
  • සිව්වන එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 8 – පල්ලෙකැලේ (දිවා/රාත්‍රී)
  • පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය – අගෝස්තු 12 – ආර්. ප්‍රේමදාස (දිවා/රාත්‍රී)
  • 20-20 ක්‍රිකට් තරගය – අගෝස්තු 14 – ආර්. ප්‍රේමදාස (රාත්‍රී)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<