ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්

145

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් පහක ලියාපදිංචිය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුනු විඳීමේ සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය, Sri Lanka Bridge Federation සහ ශ්‍රී ලංකා රෝලර් ස්කේටිං සංගමය යන සම්මේලනය සහ සංගම් එලෙස තහනම් කර තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර මස 22 දා නිකුත් කළ ගැසට් නිවේදනය යටතේ එම තහනම පනවා තිබෙන අතර එම සංගම් වල වැඩ කටයුතු පවත්වා ගෙන යාමට සහ නිලවරණ සූදානම් කිරීමේ වගකීම ක්‍රීඩා සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියාර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාට ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ සංගම් හී ක්‍රීඩා අමාත්‍යංශ ලියාපදිංචිය තාවකාලිකව අහිමි වන අතර සංගම් වල එදිනෙදා වැඩ කටයුතු පවත්වා ගෙන යාමේ සියලු වගකීම් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා සතු වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්ක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<