පැපුවා නිව් ගිනියාව හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

200

සිංගප්පූරුවේ දී පැවැත්වෙන Nations Cup තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව්වැනි තරගය ඊයේ (25) පැවැත්වුණේ ප්‍රබල පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමඟයි.

එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල පැපුවා නිව් ගිනියා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූවත්, ලකුණු 67-51ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය කරමින් අපරාජිකත්වය රැක ගැනීමට පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

තරගාවලියේ අපරාජිත කණ්ඩායම වූ පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන්ට ආරම්භයේ සිට පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුව ලකුණු 13-11ක් ලෙස ජයග්‍රහණය කළා.

නමුත් දෙවැනි කාර්තුවේ දී සිය රිද්මයට අවතීර්ණ වූ පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන් එම වටය 18-14ක් ලෙස ජයග්‍රහණය කළේ පළමු අර්ධය 29-27ක් ලෙස පෙරමුණ ලබා ගෙනයි.

තරගයේ තීරණාත්මක තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය පාලනයට ගනිමින් කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන් එම අර්ධය ජයග්‍රහණය කළේ ලකුණු 16-09ක් ලෙසයි.ක

එම කාර්තුවේ දී ලබා ගත් ලකුණු පරතරය සමඟ අවසන් කාර්තුවට අවතීර්ණ වූ පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන් ලකුණු 22-15ක් ලෙස එම තරග වටය ද කැපී පෙනෙන දස්කම් සමඟ ජයග්‍රහණය කළා.

ඒ අනුව සමස්ත තරගය ලකුණු 67-51ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයග්‍රහණය තහවුරු කර ගැනීමට පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : පැපුවා නිව් ගිනියාව 67 – 51 ශ්‍රී ලංකාව

තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකාව තරග හතරකට සහභාගී වී එක් තරගයක් ජයග්‍රහණය කර තිබෙන අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම සමඟ හෙට (27) පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ ඇතුළු තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<