ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජයග්‍රහණය ලබයි

Nations Cup 2023

932

සිංගප්පූරුවේ පැවැත්වෙන Nations Cup 2023 දැල්පන්දු තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (24) සමත් වුනා. 

තරගාවලියේ සහභාගී වූ පළමු තරග දෙක පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් Cook Islands කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු ජයග්‍රහණය ලැබුවේ ලකුණු 63-52ක් ලෙසයි. 

අඛණ්ඩව ලැබූ පරාජ දෙකකින් පසු මෙම තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුවේ දී ඉතා ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන්නට වූ අතර එම කාර්තුව ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 18-11ක් ලෙසයි. 

නමුත් තරගයේ දෙවැනි කාර්තුවේ දී හොඳ නැවත පැමිණීමක් පෙන්නුම් කළ Cook Islands ක්‍රීඩිකාවන් දෙවැනි කාර්තුව ලකුණු 15-13ක් ලෙස පෙරමුණේ අවසන් කළත්, පළමු අර්ධය අවසානයේ ලකුණු 31-26ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරමුණේ පසු වුනා. 

තරගාවලියේ තෙවැනි කාර්තුවේ නැවතත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම අර්ධය නැවතත් පෙරමුණ ගනිමින් අවසන් කළේ ලකුණු 17-10ක් ලෙසයි. 

තරගයේ තීරණාත්මක සිව්වැනි සහ අවසන් කාර්තුවේ ලකුණු 15-16ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට Cook Islands ක්‍රීඩිකාවන්ට හැකි වූවත්, සමස්ත තරගයේ වෙනසක් සිදු කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. 

ඒ අනුව ලකුණු 63-52ක් ලෙස තරගයේ පෙරමුණ ලබාගෙන තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 63 – 52 Cook Islands 

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය පැපුවා නිව් ගිනියාව සමඟ අද (25) පැවැත්වීමට නියමිතයි. එම තරගයේ ඇතුළු 2023 Nations Cup තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.   

>>තවත්ක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<