Home Sinhala ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

1189

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (8) නිමාවේ දී රාජකීය ක්‍රීඩකයෝ අමාරුවෙන් හිස ඔසවද්දී, සාන්ත තෝමස් විද්‍යාලයේ ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරන්නට සමත් විය.

දඟපන්දු යවන්නෝ කළණ පෙරේරාගේ රැස් බාල කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට්

1920 වසරේ පැවති නිල් මහා සටනේ දී රාජකීය විද්‍යාලයේ සී. ටී. වැන්ගේසල් විසින් උඩ පන්දු 6ක් රැක ගනිමින් තරගයක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා ලෙසින් මෙතෙක් වාර්තා පොත් අතර සිටිය ද, ශලින් ද මෙල් අද එම ස්ථානය හිමිකර ගත්තේ උඩ පන්දු 7ක් දවා ගනිමිනි. ඔහු රාජකීය පළමු ඉනිමේ දී උඩ පන්දු 5ක් රැකගත් අතර අද දවසේ දී උඩ පන්දු දෙකක් රැක ගනිමින් මෙම වාර්තාවට පිවිසියේ ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 158ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා අද පස්වරුවේ දී ලකුණු 296කට දැවී ගියහ. තරගය දෙවැනි දිනයට නතර කරන විට රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා සිටියහ. ඔවුන් මේ වන විට ලකුණු 10ක් ඉදිරියෙන් සිටී.

Photos: Royal College vs S. Thomas’ College – 140th Battle of the Blues | Day 2

තරගයේ දෙවැනි දිනය ආරම්භ වූයේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් රවිඳු ද සිල්වා සහ ඩිල්මින් රත්නායක 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ සිටිය දී ය. ඔවුන් දෙදෙනාට වැඩි රංගනයක යෙදීමට රාජකීය ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 169ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව රාජකීය ක්‍රීඩකයන්ගේ අභිමානය බිඳ දැමීමට උමයංග සුවාරිස් සහ කළණ පෙරේරා සමත් වූහ.

ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් කළේ දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමිනි. උමයංග සුවාරිස් පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. කළණ පෙරේරා ද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 62කි. ඔහුගේ ඉනිම පන්දු 59කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ද ඇතුළත් විය. අවසන් පිතිකරු වූ ෂැනොන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 5ක් ලබා ගත්තේ ය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. මෙම අවසාන මහා තරගයෙන්

පන්දු යැවීමේ දී කවිඳු පතිරත්න සහ කමිල් මිෂාර කඩුලු 3 බැගින් බෙදා ගත්හ. ඊට අමතරව ගිෂාන් බාලසූරියට කඩුලු 2ක් ද, ලහිරු මධුශංකට කඩුල්ලක් ද හිමි විය.

රාජකීය ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම ආරම්භ වූයේ ලකුණු 138ක් පිටුපස සිටිමිනි. ඔවුන් එම ඉනිම ආරම්භයේ දී පෙර ඉනිමට වඩා, වඩාත් පරිස්සම් වෙමින් පන්දුවට පහර දීමේ නිරත වෙන අයුරක් දකින්නට තිබුණි. ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ඉසිවර දිසානායක සහ කමිල් මිෂාර පළමු කඩුල්ලට ලකුණු 54ක් දක්වා රාජකීය ඉනිම ගෙන ආවේ සාන්ත තෝමස් පන්දු යවන්නන් වඩාත් අපහසුවට පත් කරමිනි.

ඉනිමේ 22 වැනි පන්දු වාරයේ දී රාජකීය ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කමිල් මිෂාර පන්දු 58කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී කළණ පෙරේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

අනතුරුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 6 වැනියා ලෙසින් වේගපන්දු යැවූ ශලින් ද මෙල් රාජකීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලබා ගත්තේ ය. ඒ අනෙක් පිතිකරු වූ ඉසිවර දිසානායක දවා ගනිමිනි. ඉසිවර දැවී යන විට පන්දු 77කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියේ ය.

ඔවුන්ගේ කඩුලු වැටීමත් සමඟින් ඉනිම තරමක් මන්දගාමී වූව ද නායක කවිඳු මදාරසිංහ සහ අහන් වික්‍රමසිංහ තෙවැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් එක් කරමින් රාජකීය ඉනිම ගොඩ නැංවීමට දායකත්වය දැක්වූහ. ෂෙනොන් ප්‍රනාන්දුගේ පන්දුවකට සිල්ප් හි සිටි ශලින් ද මෙල් අතට උඩ පන්දුවක් දෙමින් නායක කවිඳු මදාරසිංහ දැවී ගියේ නිල් සටන් ඉතිහාසයේ තරගයක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයාගේ වාර්තාව ද මෙල් සතු කරමිනි.

නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් – ලුම්බිණි තරගයේ ලකුණු සමවෙයි!

වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (07) කොළඹ දී ක්‍රියාත්මක විය. එහි දී කොළඹ

රාජකීය ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් අහන් වික්‍රමසිංහ, කළණ පෙරේරාට ගොදුරු වූයේ ලකුණු පුවරුවේ නෙල්සන් ලකුණ (111) සටහන් වෙද්දී ය. ඔහු පන්දු 50කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

අනතුරුව කඩුල්ලේ දී රාජකීයයන් තමන් පසුපසින් සිටි ලකුණු ප්‍රමාණය පසු කළේ තෝමසුවන් විසින් කඩුල්ලට දමා ගසන ලද පන්දුව හතරේ සීමාව පසු කිරීමත් සමඟින් එක් වූ ලකුණු 7ක් සමගිඟි. තරගය දෙවැනි දිනයට නතර කරන විට භාග්‍ය දිසානායක (16) සහ කවිඳු පතිරත්න (21) පිටියේ නොදැවී රැඳී සිටිය හ. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට නොබිඳුණ සබඳතාව ලකුණු 37කි.  

හෙට (9) තරගයේ තෙවැනි දිනයයි. හෙටත් තරගය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


S. Thomas’ College
296/10 (78.5) & 124/3 (20)

Royal College
158/10 (48.3) & 259/10 (108.2)

Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Kalana Perera 0 4 0 0 0.00
Kamil Mishara c Shalin De Mel b Shannon Fernando 36 87 6 0 41.38
Ahan Sanchitha lbw b Kalana Perera 15 27 2 0 55.56
Pasindu Sooriyabandara c Shalin De Mel b Kalana Perera 2 5 0 0 40.00
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 11 27 2 0 40.74
Bagya Dissanayake c Dellon Peiris b Kalana Perera 12 20 2 0 60.00
Tithira Weerasinghe lbw b Kalana Perera 0 3 0 0 0.00
Kavindu Pathirathne lbw b Kalana Perera 35 61 7 0 57.38
Kaushan Kulasooriya c Shalin De Mel b Shannon Fernando 28 47 5 0 59.57
Lahiru Madushanka not out 6 7 1 0 85.71
Gishan Balasuriya c Shalin De Mel b Shannon Fernando 0 6 0 0 0.00


Extras 13 (b 4 , lb 4 , nb 4, w 1, pen 0)
Total 158/10 (48.3 Overs, RR: 3.26)
Bowling O M R W Econ
Kalana Perera 14 4 54 6 3.86
Shalin De Mel 3 0 12 0 4.00
Kishan Munasinghe 6 1 21 0 3.50
Yohan Perera 1 0 2 0 2.00
Shannon Fernando 15.3 8 27 4 1.76
Dellon Peiris 5 1 18 0 3.60
Dilmin Rathnayake 4 1 16 0 4.00
Batsmen R B 4s 6s SR
Sithara Hapuinna c Kaushan Kulasooriya b Kamil Mishara 14 13 3 0 107.69
Shalin De Mel lbw b Kavindu Pathirathna 21 18 5 0 116.67
Ryan Fernando c & b Kamil Mishara 60 66 9 1 90.91
Yohan Perera c Kavindu Madarasinghe b Gishan Balasuriya 49 90 8 0 54.44
Kishan Munasinghe b Kamil Mishara 8 18 1 0 44.44
Dellon Peiris b Gishan Balasuriya 4 16 0 0 25.00
Ravindu De Silva b Lahiru Madushanka 2 23 0 0 8.70
Dilmin Rathnayake c Kavindu Madarasinghe b Kavindu Pathirathne 3 29 0 0 10.34
Umayanga Suwaris run out (Kavindu Madarasinghe) 62 109 9 0 56.88
Kalana Perera c Kaushan Kulasooriya b Kavindu Pathirathne 62 59 9 1 105.08
Shannon Fernando not out 5 32 0 0 15.62


Extras 6 (b 0 , lb 0 , nb 2, w 4, pen 0)
Total 296/10 (78.5 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Kavindu Pathirathne 16 1 83 3 5.19
Lahiru Madushanka 9 1 37 1 4.11
Kamil Mishara 19 5 70 3 3.68
Gishan Balasuriya 23 9 65 2 2.83
Kaushan Kulasooriya 10.5 2 26 0 2.48
Tithira Weerasinghe 1 0 14 0 14.00
Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Shalin De Mel 20 77 2 0 25.97
Kamil Mishara c Shalin De Mel b Kalana Perera 34 58 6 0 58.62
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 25 50 5 0 50.00
Ahan Sanchitha c Sithara Hapuhinna b Kalana Perera 26 50 3 0 52.00
Bagya Dissanayake c & b Dellon Peiris 21 96 2 0 21.88
Kavindu Pathirathne c Dellon Peiris b Kalana Perera 24 54 3 0 44.44
Pasindu Sooriyabandara c Dellon Peiris b Yohan Perera 67 160 9 0 41.88
Tithira Weerasinghe c & b Dellon Peiris 0 3 0 0 0.00
Kaushan Kulasooriya c Ryan Fernando b Kishan Munasinghe 14 37 3 0 37.84
Lahiru Madushanka not out 11 64 1 0 17.19
Gishan Balasuriya b Yohan Perera 0 1 0 0 0.00


Extras 17 (b 6 , lb 4 , nb 6, w 1, pen 0)
Total 259/10 (108.2 Overs, RR: 2.39)
Bowling O M R W Econ
Kalana Perera 30 6 102 3 3.40
Shannon Fernando 23 11 35 1 1.52
Dellon Peiris 23 6 53 2 2.30
Kishan Munasinghe 9 6 14 1 1.56
Dilmin Rathnayake 5 2 16 0 3.20
Shalin De Mel 11 5 12 1 1.09
Yohan Perera 5.2 0 15 2 2.88
Umayanga Suwaris 2 1 2 0 1.00


Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Bagya Dissanayake b Kamil Mishara 34 30 5 0 113.33
Shalin De Mel not out 67 55 10 1 121.82
Ryan Fernando st Kavindu Madarasinghe b Gishan Balasuriya 3 9 0 0 33.33
Yohan Perera b Lahiru Madushanka 2 17 0 0 11.76
Ravindu De Silva not out 13 9 1 0 144.44


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 124/3 (20 Overs, RR: 6.2)
Bowling O M R W Econ
Kavindu Pathirathne 4 0 39 0 9.75
Kamil Mishara 4 0 22 1 5.50
Kaushan Kulasooriya 2 0 16 0 8.00
Lahiru Madushanka 5 0 19 1 3.80
Gishan Balasuriya 5 1 23 1 4.60