ක්‍රිකට් අතුරු කමිටුව ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් තීරණයක්

159

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්සන් තබා තිබෙනවා.

සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව පිළිබඳ සලකා බලන ලෙස ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බව සහ ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<