රාජකීයයින් අඛණ්ඩව සිව්වැනි වරටත් බ්‍රැඩ්බි පලිහ දිනයි

295
Pumuditha De Silva

76 වැනි බ්‍රැඩ්බි පලිහ දෙවැනි අදියර අද (3) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ත්‍රිත්ව විදුහල පහසුවෙන් පරාජය කරමින් ලකුණු 26-21ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් වුනා.

කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ පැවති 76 වැනි බ්‍රැඩ්බි පලිහ පළමු අදියරේ දී ලකුණු 29-00ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව අද ත්‍රිත්ව සිංහයෝ තරගයට පිවිසුණේ ඉතාම වේගවත් තරගයක් අපේක්ෂාවෙන්.

නමුත් පළමු මිනිත්තුවේ දී ම ත්‍රිත්ව ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට තමන්ට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක ලෙස ලකුණු තුනකට ප්‍රවර්තනය කර ගැනීමට නබීල් යහ්යා සමත් වුනා. (රාජකීය 03 – 00 ත්‍රිත්ව)

වැරදි නිවැරදි කර ගනිමින් තරගයට පිවිසුණු ත්‍රිත්ව කණ්ඩායමේ ලිත්මාල් මොරගොඩ රාජකීය ආරක්ෂණය විනිවිද ගොස් පහසු උත්සහ දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රාජකීය 03 – 05 ත්‍රිත්ව)

ඒත් සමඟින් ලැබූ අභිප්‍රේරණය හොඳින් හසුරුවමින් ක්‍රියාත්මක වුනු ත්‍රිත්ව ක්‍රීඩක ශවීන් ප්‍රේමරත්න රාජකීයයන්ට පහර පිට පහර එල්ල කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (රාජකීය 03 – 10 ත්‍රිත්ව)

29 වැනි විනාඩියේ දී වේගවත් ධාවනයක නිරත වෙමින් ත්‍රිත්ව ගෝල සීමාව පසු කරන්නට පසිඳු හේෂාන් කටයුතු කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට යහ්යා සමත් වුනේ නැහැ. (රාජකීය 08 – 10 ත්‍රිත්ව)

පළමු අර්ධය: ත්‍රිත්ව විදුහල 10 – 08 රාජකීය විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු තුනකින් තරගයේ ආක්‍රමණය තමන් අතට ගත් රාජකීයයන් “MAUL” අවස්ථාවක දී තම ඉදිරිපෙළේ ශක්තියත් සමඟ ඉදිරියට ඇදුණ විට කල්වේලා බලා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධනුජ සමරරත්න සමත් වුනා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රාජකීය 13 – 10 ත්‍රිත්ව)

එතැන් පටන් තරගයේ රිද්මයට අනුකූල වෙමින් රාජකීය ක්‍රීඩකයින් ත්‍රිත්ව ඉදිරිපෙළ තම ග්‍රහණයේ රඳවා ගනිමින් ක්‍රීඩා කළ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් රාජකීය ක්‍රීඩකයින් අතින් අත්වැරැද්දක් වනතුරු මාන බලා සිටී ආකාරයක් පෙන්නුම් කළා.

42 වැනි විනාඩියේ දී ලැබූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් කෝවිද වික්‍රමසිංහට තරගයේ ලකුණු සම කරන්නට හැකි වුනා. (රාජකීය 13 – 13 ත්‍රිත්ව)

රාජකීය ක්‍රීඩකයින් තම ආරක්ෂාව තර කරමින් ක්‍රීඩා කළ අවස්ථාවක ක්‍රියාත්මක වූ ත්‍රිත්ව PROP ක්‍රීඩක කවීෂ එඩමා 45 වැනි විනාඩියේ දී රාජකීය ආරක්ෂාව දනගස්වමින් තියුණු උත්සාහක දිනුමක් වාර්තා කළේ පීඩනය රාජකීයයන් දෙසට හරවමින්. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රාජකීය 13 – 18 ත්‍රිත්ව)

48 වැනි විනාඩියේ දී “HIGH TACKLE” අවස්ථාවකින් ත්‍රිත්ව ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගනිමින් ලකුණු සතු කර ගැනීමට අනුහස් කොඩිතුවක්කු සමත් වුනා. (රාජකීය 13 – 21 ත්‍රිත්ව)

කණ්ඩායම් දෙකේම තරග විනය ප්‍රශ්නාර්ථයක් කරමින් පිට පිට කණ්ඩායම් දෙකමට විනිසුරු දඬුවම් පහර ලබා දීමට කටයුතු කිරීම කැපී පෙනුණා. එවැනි අවස්ථාවක දී රාජකීය කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක දී එය සාර්ථක කර ගනිමින් තරගයේ 50 වැනි විනාඩියේ දී ලකුණු තුනක් එක්කර ගැනීමට යහ්යා සමත් වුනා. (රාජකීය 16 – 21 ත්‍රිත්ව)

නැවතත් රාජකීයයන් පීඩනයට ලක් කරමින් 55 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ශවීන් ප්‍රේමරත්න පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රාජකීය 16 – 26 ත්‍රිත්ව)

64 වැනි විනාඩියේ දී ත්‍රිත්ව ක්‍රීඩකයන් අසරණ කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රාජකීය ක්‍රීඩක ධනුජ සමරරත්න කටයුතු කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (රාජකීය 21 – 26 ත්‍රිත්ව)

තරගය අවසන් කිරීමේ සංඥාව විනිසුරු නිකුත් කරන විට දී ත්‍රිත්ව කණ්ඩායම 76 වැනි බ්‍රැඩ්බි පලිහ දෙවැනි අදියර ලකුණු 26-21ක් ලෙස ජයගෙන තිබුණ ද, අදියර දෙකේම සමස්ත ලකුණු මට්ටමින් ලකුණු 50-26ක් ලෙස රාජකීයයන් 76 වැනි බ්‍රැඩ්බි පලිහ පිට පිට හතර වතාවක් රඳවා ගැනීමේ සතුට සමරන ආකාරය දක්නට ලැබුණා.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විදුහල 26 (4T 2P) – 21 (3T 2P) රාජකීය විදුහල

  • NDB තරගයේ වීරයා – ශවීන් ප්‍රේමරත්න (ත්‍රිත්ව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ත්‍රිත්ව – ලිත්මාල් මොරගොඩ (1T), ශවීන් ප්‍රේමරත්න (2T), කවීෂ එඩමා (1T), කෝවිද වික්‍රමසිංහ (1P), අනුහස් කොඩිතුවක්කු (1P)
  • රාජකීය – පසිඳු හේෂාන් (1T), ධනුජ සමරරත්න (2T), නබීල් යහ්යා (2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<