නවසීලන්ත සුපිරි ක්‍රීඩකයාට සැත්කමක්

350
Southee to undergo surgery on dislocated

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක Tim Southeeගේ අතේ සැත්කමක් කිරීමට නියමිත බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. 

ඔහු තවමත් නවසීලන්ත ලෝක කුසලාන සැලසුම්වල සිටින අතර ඔහුගේ සැත්කමින් පසු ලැබෙන වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ ඉදිරි ගමන තීරණය කරන බව ද ඔවුන් ප්‍රකාශ කළා. 

එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය අතරතුර ඔහු මෙම ආබාධයට ලක් වූ අතර එයින් පසු ඔහු නැවතත් නවසීලන්තය බලා පිටත් වුනා. 

“ඔහුගේ සැත්කම ඉතා හොඳින් සිදු වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඔහුගේ මාහපට ඇඟිල්ලේ යම් දෙයක් තිබෙන අතර ඒවා ඉවත් කිරීම ඉක්මනින් සිදු වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ ඔහු නැවත පැමිණිලා ක්‍රීඩා කරද්දී එන වේදනාව කළමනාකරණය කිරීමෙයි.  

එංගලන්තය සමඟ ලෝක කුසලානය ආරම්භ කරමින් ඔක්තෝබර් 05 පැවැත්වෙන තරගයට ඔහුව සහභාගී කර ගැනීම තමා අපේ ප්‍රධාන ම ඉලක්කය වෙන්නේ. ඔහු කණ්ඩායමේ පළපුරුදු සහ වැදගත් චරිතයක් වෙන නිසා ලෝක කුසලානය ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව දෙන්න අපට අවශ්‍යයි,” යැයි නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළා. 

ලෝක කුසලානයට පෙර නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශය සමඟ තරගාවලියක් ක්‍රීඩා කිරීමෙන් පසු පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව සමඟ පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<