SAG – දකුණු ආසියාවේ වේගවත්ම වාර්තා ශ්‍රී ලංකාවෙන් ගැලවේ

142

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (03) සාර්ථකව නිමාවට පත්විය. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 46ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටි අතර එයට රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 27ක් ඇතුළත් විය. 

SAG2019 – ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බරටම පදක්කම් දිනති

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ලාංකික…

තරගාවලියේ පළමු දිනය ලෙස ක්‍රියාත්මක වූ ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 13ක් සමඟින් මුලු පදක්කම් 26ක් දිනා සිටි අතර සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටියහ. 

මෙතෙක් ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක සතු වූ දකුණු ආසියාවේ වේගවත්ම වාර්තා දෙක අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් උදුරා ගන්නට මාලදිවයින් ක්‍රීඩකයෙකු සහ ඉන්දීය ක්‍රීඩිකාවක් සමත් විය. අද පැවති මලල ක්‍රීඩා තරග පිළිබඳ තතුවිත්ති සඳහා පහත Link එක Click කරන්න.

SAG2019 – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (03) නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත්…

ශ්‍රී ලංකා පදක්කම් එකතුවට රිදි පදක්කම් දෙකක් අද උදෑසන එක්වූයේ වූශූ ක්‍රීඩාවෙනි. එම පදක්කම් දිනා ගැනීමට කාන්තා Chan Quan Thaulo ඉසව්ව නියෝජනය කළ සෞම්‍යා කොස්වත්ත සමත් විය. ඉසව්වේ පිරිමි රිදී පදක්කම පී. එච්. ජී. වත්සල විසින් දිනා ගන්නා ලදි. 

තරගාවලියේ කරාතේ තරග ද අද පැවති අතර එම තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය. Kumithe කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය නියෝජනය කළ ප්‍රසංග සඳරුවන් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. 

එම තරග ඉසව්වේම කිලෝග්‍රෑම් 67ට අඩු බර පන්තියේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවට හිමි වූ අතර එය දිනා ගැනීමට කාංචන ලක්ශාන් සමත් විය. කරාතේ Kumithe තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනා ගත් තුන්වැනි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට කිලෝග්‍රෑම් 75ට අඩු බර පන්තිය නියෝජනය කළ කසුන් ධනුශ්කට හැකි විය. 

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ ක්‍රිකට් තරග කීපයක් අද පැවති අතර එම තරගවල සම්පූර්ණ තොරතුරු සඳහා පහත Link එක Click කරන්න.

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ…

කරාතේ කාන්තා තරගාවලියේ Kumithe ඉසව්වේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් විය. එම පදක්කම් හිමි වූයේ කිලෝග්‍රෑම් 55ට අඩු බර පන්තිය නියෝජනය කළ තාරිකා සමන්මලී, කිලෝග්‍රෑම් 68ට අඩු බර පන්තිය නියෝජනය කළ පූජා පියුමන්ති හා කිලෝග්‍රෑම් 61ට අඩු බර පන්තිය නියෝජනය කළ බුද්ධිකා එරන්දි යන ක්‍රීඩිකාවන්ටය. 

ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් හිමි කර දුන් ටයිකොන්ඩෝ තරගාවලියේ තවත් තරග ඉසව් කීපයක් අද පැවති අතර එම තරගවල දී ද ශ්‍රී ලංකාවට පදක්කම් කීපයක් හිමි විය. 

පිරිමි කිලෝග්‍රෑම් 54ට අඩු බර පන්තිය නියෝජනය කළ අනුර බණ්ඩාර එහි රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර කිලෝග්‍රෑම් 68ට අඩු බර පන්තිය නියෝජනය කළ ලක්මාල් තිලකරත්න එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. 

ටයිකොන්ඩෝ තරගාවලියේ තවත් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට කාන්තා තරග අංශයේ කිලෝග්‍රෑම් 48ට අඩු බර පන්තිය නියෝජනය කළ ඉෂාරා පියුමාලිට හැකි විය. 

තරගාවලියේ පාපන්දු තරග කීපයක් අද පැවති අතර එම තරගවල සම්පූර්ණ තොරතුරු සඳහා පහත Link එක Click කරන්න..

කාන්තා පාපන්දු කණ්ඩායමෙන් අසාර්ථක ආරම්භයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග පසුගිය දා ආරම්භ විය. එම තරගාවලියේ ශ්‍රී ලංකා…

දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 27ක් ජයග්‍රහණය කර තිබිණි. 

දෙවන දිනය අවසානයේ තරගාවලියේ සමස්ත පදක්කම් සටහන

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<