නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (02) දින පදක්කම් රැසක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

SAG2019 – ශ්‍රී ලංකා-මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු…..

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම ලෙස රන් පදක්කමක් හිමිකර දීමට රනුක ප්‍රභාත් සමත් වූයේ වයස අවුරුදු 17-23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” ඒකල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරමිනි. 

ෂානි හෙට්ටිආරච්චි විසින් කරාතේ කාන්තා “Kata” ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වන විට එස්. බාලුරාජ් විසින් කරාතේ පිරිමි “Kata” ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිරිමි කරාතේ කණ්ඩායම “Kata” කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වන විට කාන්තා කරාතේ කණ්ඩායම “Kata” කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ඉසුරි සුහාරා මෙන්ඩිස් වයස අවුරුදු 17-23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ කාන්තා “Poomse” ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. 

මාධවී තිලක්ෂිකා ජයවීර විසින් වයස අවුරුදු 23-29 කාණ්ඩයේ ටයිකොන්ඩෝ කාන්තා “Poomse” ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

වයස අවුරුදු 29න් ඉහළ කාණ්ඩයේ ටයිකොන්ඩෝ කාන්තා “Poomse” ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ගයත්‍රී සඳමාලි සමත් විය.  

SAG2019 – නේපාලයේ දී මුහුණ දෙන ගැටලු ගැන ශ්‍රී ලංකා බලධාරීන් අදහස් දක්වයි

මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වත්මන් තත්වය සහ ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා….

ඊට අමතරව, නිශ්ශංක ජයසිංහ විසින් වයස අවුරුදු 23-29 කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

වයස අවුරුදු 29න් ඉහළ කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ලක්ෂ්මන් ඉලන්දාරිගේ සමත් විය. 

ඉසුරි සුහාරා මෙන්ඩිස් සහ රනුක ප්‍රභාත් වයස අවුරුදු 17-23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ මිශ්‍ර “Poomse” ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. වයස අවුරුදු 23-29 කාණ්ඩයේ ටයිකොන්ඩෝ මිශ්‍ර “Poomse” ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ නිශ්ශංක ජයසිංහ සහ මාධවී තිලක්ෂිකා ජයවීර යි. 

වයස අවුරුදු 29න් ඉහළ කාණ්ඩයේ ටයිකොන්ඩෝ මිශ්‍ර “Poomse” ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ගයත්‍රී සඳමාලි සහ ලක්ෂ්මන් ඉලන්දාරිගේ සමත් විය. 

කරාතේ පිරිමි කි.ග්‍රෑ. 84 + බර පන්තිය යටතේ තරග වැදුණු සුමේද විමලසිරි එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එස්. ඒ. ඉක්ෂා විසින් කරාතේ කාන්තා කි.ග්‍රෑ. 45 බර පන්තිය යටතේ තරග වදිමින් එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කරාතේ පිරිමි කි.ග්‍රෑ. 50 බර පන්තිය යටතේ තරග වැදුණු කැස්මියර් රොසයිරෝ එහි ලෝකඩ පදක්කම දිනා ගන්නා විට කරාතේ කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තිය යටතේ තරග වැදුණු දිනූෂා කුමාරි එහි රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. තවද ආචින්ගේ කබිඳු විසින් කරාතේ පිරිමි කි.ග්‍රෑ. 84 බර පන්තිය යටතේ තරග වදිමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. 

වයස අවුරුදු 17-23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට රනුක ප්‍රභාත්, අමිල සහන් සහ නිමේෂ් විරංග සමත් විය. 

වයස අවුරුදු 23න් ඉහළ කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නිශ්ශංක ජයසිංහ, ලක්ෂ්මන් ඉලන්දාරිගේ සහ ක්‍රිෂාන්ත වීරසිංහ සමත් විය.  

වයස අවුරුදු 17-23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ කාන්තා “Poomse” කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ඉසුරි සුහාරා, සංජීවි උද්යෝග්‍යා සහ හෂිනි චාපා සමත් විය. 

වයස අවුරුදු 23න් ඉහළ කාණ්ඩයේ ටයිකොන්ඩෝ කාන්තා “Poomse” කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට තිලක්ෂිකා ජයවීර, ශලිනි උපේඛා සහ ධනූෂා නයනංගනී සමත් විය. 

ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම තරග වට 3-1ක් ලෙස නේපාල කණ්ඩායම පරාජය කරමින් එහි රිදී පදක්කම හිමිකර ගන්නා විට කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම ද තරග වට 3-0ක් ලෙස නේපාල කණ්ඩායම පරාජය කරමින් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය. 

අනිකා සෙනෙවිරත්න අද දින තමන් සහභාගී වූ පළමු ටෙනිස් තරගය ලකුණු 6/2ක් සහ 6/3ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 

>> අද දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තවද මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ මේස පන්දු (Table Tennis) කණ්ඩායමේ ක්‍රීඩිකාවක වන දිබන්දි බණ්ඩාර ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. 

ඒ අනුව අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3ක්, රිදි පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ජයග්‍රහණය කරන්නට සමත් විය. ඒ අනුව සමස්ත පදක්කම් 26ක් සමඟින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි තැන දිනා සිටින්නේ නේපාලයට සහ ඉන්දියාවට පමණක් පිටුපසින් සිටිමිනි.

තරගාවලිය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ සහ තවත් බොහෝ දෑ දැන ගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සමඟින්ම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<