Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත පරාජයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

445

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අද (4) Edgbaston හිදී පැවැත්වුණු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා.

දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් හමුවේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 46ක් පමණයි. එය කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු ප්‍රමාණයයි.

එහි දී නායිකා චමරි අතපත්තු හැරෙන්නට අනෙක් එකඳු හෝ ක්‍රීඩිකාවකට ලකුණු 9 සීමාව පසුකර යාමට Nadine de Klerk ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. Masabata Klaas ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 47ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරිණියන් වූ Anneke Bosch (ලකුණු 20*) සහ Tazmin Brits (ලකුණු 21*) පන්දුවාර 6කුත් එක් පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිය කණ්ඩායම ඔවුන්ගේ ඉලක්කය වෙත රැගෙන යාමට සමත් වුනා.

Result


South Africa Women
49/0 (6.1)

Sri Lanka Women
46/10 (17.1)

Batsmen R B 4s 6s SR
Hasini Perera c Sinalo Jafta b Shabnim Ismail 0 1 0 0 0.00
Chamari Athapaththu c & b Masabata Klaas 15 29 2 0 51.72
Harshitha Samarawickrama c Sinalo Jafta b Masabata Klaas 1 3 0 0 33.33
Anushka Sanjeewani c Mignon du Preez b Nadine de Klerk 3 9 0 0 33.33
Nilakshi de Silva c & b Nadine de Klerk 0 5 0 0 0.00
Kavisha Dilhari b Nadine de Klerk 4 5 1 0 80.00
Ama Kanchana run out (Laura Wolvaardt) 4 10 0 0 40.00
Malsha Shehani c Laura Wolvaardt b Nonkululeko Mlaba 9 18 2 0 50.00
Oshadi Ranasinghe run out (Sinalo Jafta) 5 14 0 0 35.71
Sugandika Kumari c & b Chloe Tryon 0 5 0 0 0.00
Inoka Ranaweera not out 0 4 0 0 0.00


Extras 5 (b 2 , lb 1 , nb 0, w 2, pen 0)
Total 46/10 (17.1 Overs, RR: 2.68)
Bowling O M R W Econ
Shabnim Ismail 4 0 12 1 3.00
Masabata Klaas 3 0 7 2 2.33
Nadine de Klerk 4 1 7 3 1.75
Anneke Bosch 2 0 12 0 6.00
Nonkululeko Mlaba 3.1 1 4 1 1.29
Chloe Tryon 1 0 1 1 1.00


Batsmen R B 4s 6s SR
Anneke Bosch not out 20 16 2 0 125.00
Tazmin Brits not out 21 21 3 0 100.00


Extras 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0)
Total 49/0 (6.1 Overs, RR: 7.95)
Bowling O M R W Econ
Sugandika Kumari 1 0 9 0 9.00
Ama Kanchana 1 0 8 0 8.00
Oshadi Ranasinghe 2 0 15 0 7.50
Inoka Ranaweera 2 0 13 0 6.50
Malsha Shehani 0.1 0 4 0 40.00



ඒ අනුව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහභාගී වුනු තරග තුනම ඔවුන්ට පරාජයට පත්වීමට සිදු වුනා.

  • එංගලන්තයට එරෙහිව – කඩුලු 5ක පරාජයක්
  • නවසීලන්තයට එරෙහිව – ලකුණු 45ක පරාජයක්
  • දකුණු අප්‍රිකාවට එරෙහිව – කඩුලු 10ක පරාජයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් පූර්ව තරග සඳහා එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා ගත් අතර එහි ඉතිරි තරග මේ 6 සහ 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

CWG 2022 තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<