Home Sinhala ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තයට පරාජය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තයට පරාජය වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

399

එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

බර්මින්ග්හැම් Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී.

  • ශ්‍රී ලංකා කණ්ඩායම: චමරි අතපත්තු (නායිකාව) විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී, අමා කාංචනා, ඕෂදී රණසිංහ, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය
  • එංගලන්ත කණ්ඩායම: Nat Sciver (නායිකාව), Danni Wyatt, Sophia Dunkley, Amy Jones, Alice Capsey, Maia Bouchier, Sophie Ecclestone, Katherine Brunt, Freya Kemp, Issy Wong, Sarah Glenn

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භයේ සිට ම පැවතියේ මන්දගාමී අයුරින්. පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු පිටියේ යම් ස්ථාවර බවක් ගොඩ ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 33ක්.

හසිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17කට දැවී ගිය අතර ඉන්පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී චමරි අතපත්තුගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුනා.

>>Photos – Commonwealth Games 2022 – Day 02<<

අනතුරුව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි සිව්වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කිරීමට සමත් වුනා. කවීෂා පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට නිලක්ෂි සමත් වුනා. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

පසුපෙළින් පිටියට පිවිසි ඕෂදි රණසිංහ පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් දෙකේ සීමාවට ළඟා වීමට එංගලන්ත පන්දු යවන්නියෝ ඉඩ දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී Sophie Ecclestone කඩුලු 3ක් ලබා ගත් අතර Issy Wong සහ Freya Kemp කඩුලු 2 බැගින් ලබා ගත්තා.

ප්‍රතිවාදී ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ 17 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකාරිණි, Alice Capsey. ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. එම ඉනිම ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම ඉනිම ලෙසින් ද සටහන් වුනා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඕෂදි රණසිංහ ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා.

  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 106 (20) හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, Issy Wong 2/10, Sophie Ecclestone 3/25, Freya Kemp 2/14
  • එංගලන්තය – කඩුලු 5ක් දැවී 109 (17.1) Alice Capsey 44, Maia Bouchier නොදැවී 21, ඕෂදී රණසිංහ 2/20, ඉනෝකා රණවීර 3/29

කාන්තා ක්‍රිකට් ඉසව්වේ ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට දිස්වෙන ආකාරය

GROUP A GROUP B
Teams M W L T N/R PT Teams M W L T N/R PT
1 බාබර්ඩෝස් 1 1 0 0 0 2 1 එංගලන්තය 1 1 0 0 0 2
2 ඕස්ට්‍රේලියාව 1 1 0 0 0 2 2 නවසීලන්තය 1 1 0 0 0 2
3 ඉන්දියාව 1 0 1 0 0 0 3 ද. අප්‍රිකාව 1 0 1 0 0 0
4 පාකිස්තානය 1 0 1 0 0 0 4 ශ්‍රී ලංකාව 1 0 1 0 0 0

(M – Match, W – Won, L – Lost, T- Tied  N/R – No Results, PT – Points)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අගෝස්තු 2 වැනිදා නවසීලන්ත සමඟ පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England Women
109/5 (17.1)

Sri Lanka Women
106/9 (20)

Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne lbw b Katherine Brunt 0 1 0 0 0.00
Chamari Athapaththu b Freya Kemp 10 18 2 0 55.56
Hasini Perera c & b Sophie Ecclestone 17 18 3 0 94.44
Nilakshi de Silva c Danni Wyatt b Issy Wong 25 28 4 0 89.29
Kavisha Dilhari c Alice Capsey b Freya Kemp 10 10 1 0 100.00
Anushka Sanjeewani c Amy Jones b Issy Wong 2 9 0 0 22.22
Ama Kanchana c Katherine Brunt b Sarah Glenn 6 7 1 0 85.71
Oshadi Ranasinghe c Amy Jones b Sophie Ecclestone 13 20 1 0 65.00
Sugandika Kumari b Sophie Ecclestone 4 7 0 0 57.14
Inoka Ranaweera not out 1 1 0 0 100.00
Achini Kulasuriya not out 1 1 0 0 100.00


Extras 17 (b 2 , lb 3 , nb 0, w 12, pen 0)
Total 106/9 (20 Overs, RR: 5.3)
Bowling O M R W Econ
Katherine Brunt 3 0 8 1 2.67
Issy Wong 3 1 10 2 3.33
Alice Capsey 1 0 11 0 11.00
Nat Sciver 3 0 14 0 4.67
Sophie Ecclestone 4 0 25 3 6.25
Sarah Glenn 4 0 19 1 4.75
Freya Kemp 2 0 14 2 7.00


Batsmen R B 4s 6s SR
Danni Wyatt c Ama Kanchana b Oshadi Ranasinghe 5 5 1 0 100.00
Sophia Dunkley b Oshadi Ranasinghe 17 16 3 0 106.25
Alice Capsey st Anushka Sanjeewani b Inoka Ranaweera 44 45 4 0 97.78
Nat Sciver lbw b Inoka Ranaweera 17 14 2 0 121.43
Amy Jones c Sugandika Kumari b Inoka Ranaweera 3 5 0 0 60.00
Maia Bouchier not out 21 18 2 0 116.67
Sophie Ecclestone not out 0 0 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 109/5 (17.1 Overs, RR: 6.35)
Bowling O M R W Econ
Sugandika Kumari 2 0 19 0 9.50
Oshadi Ranasinghe 4 0 20 2 5.00
Achini Kulasuriya 1 0 10 0 10.00
Inoka Ranaweera 4 0 29 3 7.25
Kavisha Dilhari 3 0 13 0 4.33
Ama Kanchana 1 0 7 0 7.00
Chamari Athapaththu 2.1 0 11 0 5.24